Home Blog Page 174

පුද්ගලික අසනීපයක් දේශපාලන උපමා කතාවක් ලෙස

ශ්‍රී ලංකාව මේ වන විට හැදින්වීමට හැකි වඩාත්ම සිත් ගන්නා සුළු නම මෙලෙස සටහන් කළ හැක. ‘දකුණු ආසියාවේ බර්ලුස්කෝනිලන්තය ’ මන්ද යත් ඉතාලියේ  හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි යනු තමන්ගේ පුද්ගලික රාත්‍රී ජීවිතයේ අශ්ලීල අන්තර්ගතයන් ප්‍රසිද්ධ මාධ්‍යවල විවෘතව සාකච්ඡා කළ නිසාය. ඔහුගේ කැබිනට් සාමාජිකාවන් විශාල සංඛ්‍යාවක් සමග ඔහු නිදා ගෙන ඇති බව ප්‍රසිද්ධියේම පවසන ලදි. නිල නිවසට විශාල දුරකින් පැවති...

දෘශ්‍යමානය සත්‍ය නම් විද්‍යාව මොකටද?

80 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ මයිකල් ජැක්සන්ගේ Thriller ඇල්බමයේ එක් ගීතයක වීඩියෝවට අනුව අහිංසක පෙම්වතෙක් එක්වරම දත් විලිස්සාගෙන යක්ෂයෙකුගේ හැඩය ගනියි. පෙම්වතිය ඉන් බිය වෙයි. පසුව පෙම්වතා පවසන්නේ එය බොරුවක් බවයි. නමුත් දෙවන වරටත් පෙම්වතා දත් විලිස්සාගෙන යක්ෂයෙකු බවට පත් වෙයි. එවර එය පෙම්වතිය නොදකින අතර එය දකින්නේ ප්‍රේක්ෂක අප පමණි. දශක දෙකකට පසු මයිකල් ජැක්සන්ට ළමා අපචාර චෝදනා එල්ල...

අවසාන හේගල් සම්මන්ත්‍රණය

පහත පළවන්නේ මාක්ස් සහ හේගල් අතර සම්බන්ධය දාර්ශණිකව විග්‍රහ කරන අවසාන හේගල් සම්මන්ත්‍රණයේ හඩ පටයයි. දේශපාලන-ආර්ථිකයත් එහි ප්‍රතිවිරෝධතා සමූහයත් අතර දයලෙක්තික සම්බන්ධතාවය පුලුල්ව උපරි-ව්‍යුහයේ (පසුව සංස්කෘතික දේශපාලනය) දේශපාලන බල රටාවන් බිහිවන අකාරය මෙහිදී දිර්ඝව සාකච්ඡාවට ගනු ලැබෙයි. හඩ පටය ආරම්භ වන්නේ බීතෝවන් ගේ රීමික්ස් සංගීත සංධ්වනියකින් වන අතර එය අවසන් වන්නේ ඔක්තෝබර් විප්ලවයේ සංගීතඥයා හැටියට සැලකෙන දිමිත්‍රි ශොෂ්ටකෝවිච් ගේ second...

මිනිසුන් ගේ ආශාවන් පෙළපාලි යන්නේ නැත-උප මාතෘකාව-බාලිකා පාසලක් අසලට ගොස් සරම උස්සා පෙන්වීම කලා කෘතියක් ලෙස සළකා බැලීම

විවාදයකින් තොරව සමකාලීන පශ්චාත්-නූතන ලිබරල් සංස්කෘතිය සංවිධානය වී ඇත්තේම එක්තරා උභයාවේගයක් අපාරගම්‍ය කරමිනි. මෙම අපාරගම්‍ය, එසේත් නැත්තම් පාරධාන්ධ ලකුණ ගැන අප කිසිවකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත. මෙම කතා නොකරන මාධ්‍යය වටහා ගැනීමට අපි සරළ උදාහරණයකට යමු. මේ මොහොතේ Dialog සමාගමේ සේවය කරන ජේෂ්ඨ මට්ටමේ කළමනාකරණ විධායක නිළධාරියෙකු ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ තුනක් පමණ වෙයි. එය ඉතාම හොද රස්සාවකි....

බෲස්ලි ගේ ක්‍රමය සහ දේශපාලනය

සටන් කලා ලෝකය කැළඹු ප්‍රබල චර්තයක් වූ චීන සම්භවයක් සහිත ඇමරිකානුවෙකු වූ බෲස්ලිගේ මරණයෙන් පසුගිය 20 වනදාට වසර හතලිහක් පිරෙනවා. බෲස්ලි යනු ජිට්-කුන්-ඩෝ සටන් කලාව ලොවට දායාද කළ නිර්මාපකයායි. ඔහුගේ සටන් ශෛලියේ ඇති සුව්ශේෂිතාවයන් දෙකක් අප දකිනවා 01-සටන් නොකර සටන් කිරීම ( fighting without fighting ) 02-සතුරාගේ ශක්තිය සතුරාටම එරෙහිව භාවිතා කිරීම මේ නිසා බෲස්ලි වෙනත් සටන් නළුවන්ට වඩා  කැපී පෙනෙන චරිතයක්...

බාලිකා පාසලක් ඉදිරිපිට සරම කඩා දැමීම

සංජීව පුෂ්පකුමාර ගේ ඉගිල්ලෙන මාළුවෝ ච්ත්‍රපටිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ. විශේෂයෙන්ම මෙම ච්ත්‍රපටිය තහනමි කිරීමට එරෙහිව හඩ නගන අය අතර වැඩියෙන්ම සිටින්නේ මෙම චිත්‍ර පටිය නොබැලූ අයයි. මේ ච්ත්‍ර පටිය සම්බන්ධයෙන් අපි දරන මතය තරමක් වෙනස්ය. බොහෝ අය මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් ගුණ දොස් විචාරණන්ට යයි. ආණ්ඩුවට එරෙහිව දොස් පවරන බොහෝ අය අන්ධයන් මෙන් තමන් නොබැලූ...

සෑම ලේ දන්දීමක්ම දේශපාලනිකය

නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ වන විට කොළඹ පැවැත්වෙන ඕනෑම රැස්වීමකට සහභාගී වෙයි. ඉන් සමහර ඒවාට පැමිණෙන ඔහු ප්‍රසිද්ධියේම මෙසේ කියයි. මට ප්‍රකාශ කරන්න අදහසක් නැහැ. ඒත් මට මේ හැම මළදානෙකටම ආරාධනා කරනවා. ඇත්තටම කිවිවොත් නිර්මාල් එතනදී අවංකය. .තක්කඩී වන්නේ ඔහුට ආරාධනා කරයි අයයි. මේ මෑතක දී එසේ රැස්වූ රැස්වීමකදී ඔහු අලුත් අදහසක් ප්‍රකාශ කරන ලදි. එම අදහසට අනුව දැන්...

අනුන්ගේ සිහිනයකින් තමන්ම බියට පත්වීම

පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිත්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි....

මහල්ලන්ට ජීවත් වීමට රටක් නැත.

ලංකාවේ ජනප‍්‍රිය වූ බොහෝ කතාවලට ඇත්තේ විවෘත අවසානයන්ය. සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍ය මේ සඳහා ජනපි‍්‍රය උදාහරණයකි. අප කිසිවකු තවම නොදන්නේ මනමේ කුමරියගේ ආශාවයි. ‘මනමේ’ නාට්‍යයට විවෘත අවසානයක් ඇතැයි අප කියන්නේ මේ නිසාය. අතීතයේදී ලංකාවේ චිත‍්‍රපටි රසිකයන් බොහෝ දෙනෙක් රුචි කළ චිත‍්‍රපටියක් වූයේ අකිරා කුරසාවාගේ ‘රෂෝමාන්’ චිත‍්‍රපටියයි. යම්කිසි කතාවකට එක අවසානයක් නැතිව අවසානයන් ගොඩක් ඇත්නම් එම කතාව උසස් යැයි අදහසක් පවතියි....

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මොකද වෙන්නෙ?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබඳව මේ දිනවල විවිධ ජනමාධ්‍ය තුළ විවිධ පුවත් පළ වෙමින් තිබේ. එම පක්ෂය තුළ අර්බුදයක් ඇති බවත් විවිධ කණ්ඩායම් බෙදී ඇති බවත් ඇතැම් ඉදිරිපෙළ සාමාජිකයන් විදෙස්ගතවී ඇති බවත් පැවසෙන පුවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වේ. මෙම විවිධ ප‍්‍රචාරයන් පිළිබඳ සත්‍ය තත්වය කුමක්දැයි ජනරළ පුවත්පත විසින් කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත...

ජෝසප් ස්ටාලින් ගේ දේශපාලන රැස්වීම

ස්ටාලින් පාලන යුගයේ දී රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමක් පැවැත්වුණි. ස්ටාලින් ගේ ප්‍රධාන දේශනය අවසාන වූවාට පසු පක්ෂ සහෝදරයෙකු නැගිට දිගට හරහට ස්ටාලින්ව විවේචනය කරමින් යන අතරතුර තවත් සහෝදරයෙකු ඔහුට බාධා කොට මෙසේ කීවේය. ඔබට පිස්සුද? ඔබ දන්නේ නැද්ද ස්ටාලින් සහෝදරයා විවේචනය නොකළ යුතු බව! ස්ටාලින්වාදී කතිකාවට අනුව පක්ෂයේ කිසිවකුට ස්ටාලින්ව විවේචනය කිරීම තහනම්ය. නමුත් එය ප්‍රසිද්ධියේ කිසිවකුත් හෙළි කරන්නේ...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news