යුරෝපා සංගමය යනු යුරෝපා මහද්වීපය මුල් කොට ගෙන බිහි වු දේශපාලන ආර්ථික සංගම් 28ක එකතුවකි. මිලියන 508ක් පමණ ජනගහනයකින් මෙම කලාපය ආවරණය වෙයි. යුරෝපා සංගමය හරහා උත්සාහ දරණ ලද්දේ ඉහත සියලූ සංගම්වලට අදාළව පොදු වෙළදපොළක් සහ එයට අදාළ පොදු නීති පද්ධතියක් හදුන්වා දීමටය. මීට අමතරව ෂෙනගන් කලාපය තුළ පොදු ගමන් බල පත‍්‍රයක් වලංගු වූ අතර කලාපයේ පොදු මුදල් ඒකකය බවට ‘යුරෝ මුදල’ ආදේශ විය.

යුරෝ කලාපයේ විශේෂත්වය වුයේ එය ඇමරිකානු සහ චීන ධනවාදයෙන් වෙනස් වීමයි. මෙම කලාපය තුළ මූල්‍ය සමපේක්ෂණය වෙනුවට භාණ්ඩ නිෂ්පාදනය ප‍්‍රමුඛය. යුරෝ කලාපය පාලනය කිරීම සදහා බ‍්‍රසල් හි අතික‍්‍රමණීය ජාතික ආයතන අන්තර් ආණ්ඩු ක‍්‍රමවේදයක් සකස් කර ඇත. ධනවාදය යම් කිසි සමාජයක් තුළ සංවර්ධනය වන විට ඒ තුළ අසමතුලිතතාවයක් බිහිවීම කිසිවෙකුට වැළැක්විය හැකි සාධකයක් නොවේ. සාර්ව යුරෝපා සංකල්පය තුළ විසිවැනි සියවස මුලදී ෆැසිස්ට්වාදය අත්හදා බලනු ලැබුවේ මෙම ප‍්‍රතිවිරෝධතා රහිත සංගත ධනවාදයක් වෙනුවෙනි. ඒ සදහා යුරෝපයට ගෙවන්නට සිදුවූ වන්දිය වුයේ මිලියන 6ක පමණ ජීවිත විනාශයකි. ෆැසිස්ට්වාදයට සංගත ධනවාදයක් නිර්මාණය කිරීමට එහි බාහිර වාර්ගික ප‍්‍රබන්ධමය සතුරා වු යුදෙව්වවන් මිලියන ගණනක් සමූල ඝාතනය කිරීමට සිදුවිය. මෙම ඵෙතිහාසික පසුබිම නිසා දෙවන ලෝක යුද්ධයට පසුව යුරෝපයට විවෘත වුයේ ධනවාදයද? ජාතිකවාදයද? යන උභතෝකෝටික පැනයයි. මෙයට පිළිතරු ලෙස යුරෝපය ධනවාදය සහ සමාජය ලෙස දෙකඩ විය. නැවතත් 1989 වසරේදී යුරෝපය තුල සමාජවාදය පරාජය වු අතර මුළු යුරෝපයම නිදහස් වෙළෙදපොළ ආර්ථිකය මගින් සමතික‍්‍රමණය විය.

පසුගිය දා (2016) පවත්වන ලද බි‍්‍රතාන්‍ය ජනමත විචාරණය නිසා යුරෝපයට යළිත් පැරණි මංසන්ධිය යළි හමු වී තිබේ. එනම් යුරෝපා පරමාදර්ශ ද? (ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, නිදහස් අදහස්, සූරා කෑමෙන් නිදහස් වීම, විප්ලවය) නැතහොත් ජාතිවාදය ද? බි‍්‍රතාන්‍යයේ පැවති ඡන්දයට පසු බි‍්‍රතාන්‍ය මහජනතාව හැරී ඇත්තේ යුරෝපයෙන් බි‍්‍රතාන්‍යහරණය කිරීමටය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ජූලි කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 JULY ISSUED by rightsnow on Scribd

ඔබේ අදහස කියන්න...