සුදර්ශන ගුණවර්ධන –
ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හි සිට
ලෝක ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මණ්ඩලයක ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත වීම 2012 මාර්තු 22 වන දා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හි අංක ඞඪෂ දරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රාජ්‍යයන් 40 ක අනුග‍්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවයි. මෙම යෝජනාවට ලංකාවේ ආණ්ඩුවේද සහයෝගය ලබා ගැනීමට ඇමරිකාව උත්සාහ ගත් අතර ලංකාව ප‍්‍රකාශ කළේ මෙම යෝජනාවට තමන් විරුද්ධ වන බවය. එබැවින් මෙම යෝජනාව ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවක් සේ සාමාන්‍යයෙන් සැලකිණි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු තානාපතිනි එලීන් චෙම්බලේන් ඩොනහියු විසිනි. ලංකාවේ යුද්ධය අවසන් වෙලා වසර 3 ක් ගත වුණා. ලංකාව තමන් විසින්ම පත් කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුත් ප‍්‍රගතියක් දකින්න නැහැ. ඒ වගේම කොමිසන් වාර්තාවෙන් ආවරණය වෙලා නැති වගවීම පිළිබඳ කාරණා සම්බන්ධයෙනුත් අමතර පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ සමබර සහ මධ්‍යස්ථ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සලකා බලා සම්මත කිරීම සුදුසු යැයි මා යෝජනා කරනවා” ඩොනහියු මහත්මිය කීවාය.
ඉන් අනතුරුව නැගී සිටියේ කියුබාවයි. මානව හිමිකම් කවුන්සිලයේ සුජාතභාවය සහ විශ්වසනීයභාවය පිළිබඳව ආමන්ත‍්‍රණය කිරීමට තමන් බලාපොරොත්තු වන බව කී කියුබානු නියෝජිතවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ අනුග‍්‍රාහක රටවල් 40 න් විමසා සිටියේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සැප්තැම්බර් සැසිවාරය දක්වා කල්දැමීමට හැකියාවක් නැද්දැයි කියාය.
තමන් ග්වන්තනාමෝ බොක්කේ ඇති රැුඳවුම් මධ්‍යස්ථානය වසා දමන බවට මීට අවුරුදු තුනකට පෙර ජනාධිපති ඔබාමා ප‍්‍රකාශ කළත් තවමත් එය සිදු වෙලා නැහැ. මෙම යෝජනාව මගින් ඝට්ටනයක් ඇතිවීමට ඉඩ තියෙනවා. එබැවින් මෙම යෝජනාව කල්දැමීම සුදුසුයි.” චීන නියෝජිතයා ප‍්‍රකාශ කළෙය.
මෙහිදී කියුබාවට පිළිතුරු දුන් ඇමරිකාව කීවේ මේ යෝජනාව හුදෙක් ශ‍්‍රී ලංකා ආණ්ඩුව තමන් විසින්ම පත්කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් වාර්තාව ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින සෘජු ප‍්‍රකාශනාත්මක යෝජනාවක් බවයි. මේ යෝජනාව කවුන්සිලයේ විවෘත සංවාදයකට භාජනය වුණා. මානව හිමිකම් කවුන්සිලය පිහිටුවලා තියෙන්නේ මානව හිමිකම් පිළිබඳව ක‍්‍රියාකිරීමට මානව හිමිකම් සම්බන්ධයෙන් මතුවන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න රටවල් වලට උදව් කිරීමට නිසා අපි හිතනවා කවුන්සිලය මෙය විවාදයට ගැනීම සුදුසුයි කියාලා. සාමාජික රටවල් මේ යෝජනාවට විරුද්ධ නම් ඔවුන්ට පුළුවන් කෙළින්ම ඡුන්දය දීල යෝජනාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්න” ඇමරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කළාය.
මෙහිදී කියුබාව විසින් කිසියම් රටක් ඉලක්ක කරගෙන ඉදිරිපත් කරනු ලබන යෝජනා හෙළා දකිමින් රටවල් 14 ක් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කියවන ලද්දේය. මෙම යෝජනාව මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් තනි තනිව ඉලක්ක කරගැනීමට හැකි වන ආකාරයේ නිෂේධාත්මක පූර්වාදර්ශයක් ඇති වේ. මානව හිමිකම් කවුන්සිලයේ දූත මෙහෙවර වන්නේ කිසියම් රටකට තාක්ෂණික උපකාර හා සහයෝගිතාවය ලබා දීම සහ අදාළ රටේ කැමැත්ත ඇතිව ශක්‍යතා වර්ධනය කිරීමයි. වෙනත් ආකාරයකට ක‍්‍රියා කළහොත් එමගින් අදාළ රටේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය අභියෝගයට ලක්වේ. කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත කළහොත් එය බාහිර ඇඟිලි ගැසීම් වලින් වැළැකිය යුතු බව කියන මූලධර්මයට පටහැණිව යාමකි. ශ‍්‍රී ලංකාව මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ ක‍්‍රියාපටිපාටීන් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. එබැවින් මෙම යෝජනාව ආවේශ්‍ය නොවන්නාවූද, අසාධාරණවූද, ප‍්‍රතිඵල විරහිතවූද එකකි.” එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය.
යෝජනාව විවාදයට ගන්නා ලදුව එයට පක්ෂව ඡන්ද 24 ක්ද, විරුද්ධව ඡන්ද 15 ක්ද ලැබී වැඩි ඡන්ද 9 කින් සම්මත විය. සාමාජික රටවල් 8 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
යෝජනාව සම්මත වීමෙන් පසු එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල ස්ථාවරයක් බවට පත්වේ.
ඒ අනුව දැන් මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරන්නේ ලංකාවේ ආණ්ඩුව විසින් පත් කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම විසින් ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳව ප‍්‍රමාණවත් අවධානයක් යොමු කොට නැති බවයි.
එමෙන්ම එම යෝජනාව මඟින් කවුන්සිලය ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සියළු ශ‍්‍රී ලාංකිකයන් සඳහා යුක්තිය, සම සාධාරණත්වය, වගවීම සහ ප‍්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා වන නෛතික වගකීම් සහ කැපවීම් සාක්ෂාත් කරනු පිණිස අවශ්‍ය වන්නා වූ සියළු පියවර ගන්නා ලෙසයි.
කවුන්සිලය මෙම යෝජනා සම්මතය මගින් වැඩිදුරටත් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ආමන්ත‍්‍රණය කිරීමට සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ගනු ලබන පියවරයන් පිළිබඳව විස්තරාත්මකව දක්වමින් සවිස්තරාත්මක මාර්ග සිතියමක් හෙවත් ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසත් ය.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් දැක්වූ අදහස්බෙල්ජියම
යුරෝපා සංගමය වෙනුවෙන්
මෙම මුල්පිරීමට යුරෝපා සංගමය සම්පූර්ණ සහයෝගය දක්වනවා. ශ‍්‍රී ලංකාවේ සියළු කණ්ඩායම් සහ ජනප‍්‍රජාවන් අතර සැබෑ ප‍්‍රතිසන්ධානයක් ඇති වීම ඉතාම වැදගත් වන අතරම පසුගිය සිදුවීම් පිළිබඳව යුක්තිය ඉටුවීම සහ වගවීම සහතික වීමත් අවශ්‍යයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් පත් කළ විද්වත් මණ්ඩලය විසින් නගන ලද ප‍්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු උගත් පාඩම් කොමිසන් වාර්තාවෙන් පිළිබිඹු නොවීම ගැන යුරෝපා සංගමය කණගාටු වෙනවා. ජාතික ප‍්‍රතිසන්ධානය සහ චිරස්ථායී සාමය සඳහා වගවීම අත්‍යවශ්‍ය සංරචකයකි. ශ‍්‍රී ලංකාවේදී මෙන්ම ජිනීවාහිදීද සිවිල් සමාජ නියෝජිතයන් කෙරෙහි එල්ල වන බියවැද්දීම් සහ පළිගැනීම් පිළිබඳව දිගින් දිගටම ලැබෙන වාර්තා පිළිබඳව යුරෝපා සංගමය තම බලවත් අවධානය ප‍්‍රකාශ කොට සිටියි. එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පුද්ගලයන්ට සහ සිවිල් සමාජයට ඇති අයිතිවාසිකම් වලට ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ගරු කිරීම සහ ආරක්ෂා කිරීම කළ යුතුය.
චෙක් ජනරජය
මේ යෝජනාවට චෙක් ජනරජය සම්පූර්ණ සහය දෙන්නේ එමගිින් ලංකාවේ සියළු ජන කණ්ඩායම් අතර ජාතික ප‍්‍රතිසන්ධානය සඳහා අයැද සිටින නිසයි. එය රඳා පවතින්නේ අතීතයේ සිදුවූ දෑ පිළිබඳව වගවීම සහතික කිරීමට ලංකාවේ ආණ්ඩුව ගන්නා වූ ක‍්‍රියා මාර්ග මතයි. උගත් පාඩම් කොමිසන් වාර්තාව එ් ස`දහා උපකාරී වනු ඇති. මෙම යෝජනාවට සහාය දෙන ලෙස අපි අනෙකුත් රාජ්‍යයන්ගෙන්ද ඉල්ලා සිටිනවා.
ඉක්වදෝරය
මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාතී ප‍්‍රවේශයක් නොගත යුතුයි. පොදුවේ සියළු ජනතාවගේ සහ විශේෂයෙන්ම සුළුතරයන්ගේ යහපත පිණිස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය දියුණු වේවි. ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුගමනය කරමින් සිටිනවා. මීළඟ විශ්වව්‍යාපී ආවර්තිත විමර්ශනයේද (UPR) (ශ‍්‍රී ලංකාව මෙයට භාජනය වන්නේ 2012 ඔක්තෝබර් මාසයේදී ය.* අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වන විමර්ශනයන්ගේ ප‍්‍රතිඵල පිළිබඳව ශ‍්‍රී ලංකාව විසින් කවුන්සිලයට දැනුම් දෙනු ඇති.
චීනය
ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා සුදුසු නියම මාර්ගය සංවර්ධනාත්මක සංවාදය සහ සහයෝගිතාවයි. ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව මානව හිමිකම් දේශපාලනීයකරණය වීමේ ප‍්‍රතිඵලයක්. ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය මානව හිමිකම් කවුන්සිලයේ බල අධිකාරයට ඔබ්බෙන් පවතින කාරණයකි. ලංකාවට ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය අවශ්‍යයි. මෙම යෝජනා කෙටුම්පත ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් මෙන්ම එක්සත් ජාතීන්ගේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්. ලංකාවට ජාතික ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් කාලයක් සහ අවකාශයක් ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ලබාදිය යුතුයි. එම නිසා මෙම යෝජනා කෙටුම්පත ප‍්‍රතික්ෂේප කරන ලෙස චීනය සෙසු සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.
කියුබාව
අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් දවා ඇති ප‍්‍රගතිය ගැන කවුන්සිලය විසින් සැලකිල්ලට නොගැනීම කණගාටුවට කරුණක්. ශ‍්‍රී ලංකා ආණ්ඩුව කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබෙන අතර ජාතික ප‍්‍රතිසන්ධානය සඳහා කැපවී සිටිනවා.
රුසියානු ෆෙඩරේෂනය
ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිසන්ධානය පිළිබඳ ක‍්‍රියාවලිය බාහිර බලවේගවල මැදිහත්වීම් වලින් තොරව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින්ම කරගෙන යා යුතුයි. රුසියාවේ තදබල ස්ථාවරය වනුයේ කිසියම් රටක තත්ත්වයන් පිළිබඳව කවුන්සිලය විසින් සලකා බැලිය යුත්තේ එම රටේ කැමැත්ත ඇතිව පමණක් බවයි.
උරුගුවේ
මෙම යෝජනාවට අප පක්ෂව ඡුන්දය දෙන්නේ එය සමබර සහ සංවර්ධනාත්මක නිසයි. එමගින් ජාතික මට්ටමේ ප‍්‍රතිසන්ධාන ප‍්‍රයත්නයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව සූදානම් බවට පැහැදිලි පණිවිඩයක් නිකුත් කෙරෙනවා. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ගෙන් පළිගැනීමේ අවස්ථාවන් සහ අතුරුදහන්වීම් පිළිබඳ වාර්තා වූ සිදුවීම් ද ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස උරුගුවේ විසින් ලංකාවෙන් ඉල්ලා සිටිනවා.
කිර්ගිස්ථානය
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සමාලෝචනය කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් කාලයක් ලබා දුන්නේ නැති බව කිර්ගිස්ථානයේ අදහසයි. එබැවින් අප මේ යෝජනාවට ඡුන්දය දීමෙන් වැළැකී සිටිනවා.
ෆිලිපීනය
මානව හිමිකම් කවුන්සිලය තුළ ක‍්‍රියාරම්භක හෙවත් පේ‍්‍රරක යාන්ත‍්‍රණයක (Trigger Mechanism) ඇති කිරීමට මෙන්ම තාක්ෂණික සහයෝගය යන්න ආණ්ඩුවලට බලපෑම් කිරීම සඳහා වන දේශපාලනමය පීඩන ක‍්‍රමයක් ලෙස යොදා ගැනීමටත් අප විරුද්ධයි. ෆිලිපීනය මේ යෝජනාවට විරුද්ධව ඡුන්දය දෙනවා.
චීනය
ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියට සහ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමට ගනු ලබන උත්සාහයන් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලධර්මයන්ටද පටහැණියි.
නයිජීරියාව
අප මේ යෝජනාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කරන්නේ ශ‍්‍රී ලංකාවට දෝෂාරෝපණය කිරීම සඳහා නොව රට තුළ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය දිරි ගන්වනු පිණිසයි. නයිජීරියාවේද සිවිල් යුද්ධයක් පැවතුණ අතර එම යුද්ධයෙන් ඇති වූ තුවාල සුව කර ගන්නා ලද්දේ විවෘතවූද, සියල්ලන්ම ඇතුළත් කරගත්තා වූද ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියක් හරහායි. ශ‍්‍රී ලංකාවට ආධාර කිරීමට නයිජීරියාව කැමැත්තෙන් සිටින අතර ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට ලංකාවට හැකිවේවායැයි ප‍්‍රාර්ථනා කරනවා.
තායිලන්තය
තායිලන්තය නිරතුරුවම වගවීමෙහි ඇති වැදගත්කම ගැන සහ විනිර්මුක්තියට එරෙහිව සටන් කිරීම යන කාරණා සඳහා වගේම අදාළ රට සම`ග සම්බන්ධවී කටයුතු කිරීම, සහයෝගිතාවය සහ සංවාදය යන කරුණු වලට බරපතළ වැදගත් කමක් ලබා දෙනවා. මේ මොහොතේදී දේශීය වශයෙන් ඇති කර ඇති ක‍්‍රියාවලියට ප‍්‍රමුඛතාවය දිය යුතුයි. මේ දක්වාම ශ‍්‍රී ලංකාව කවුන්සිලය සමඟ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට තම උනන්දුව පෙන්වා තිබෙනවා. එ් නිසා අප මේ යෝජනාවට විරුද්ධව ඡුන්දය දෙනවා. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කල් නොයවා ක‍්‍රියාත්මක කරන ලෙස අප ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මාලදිවයින
ශ‍්‍රී ලංකාවේ සමීපතම මිත‍්‍රයෙකු වශයෙන් මෙම ගැටුම හේතුවෙන් හට ගෙන ඇති ක්ෂතිමය අත්දැකීම මෙන්ම එය නැවත ගොඩ නැගීම කල්ගත වන ක‍්‍රියාවක් බව ද අපට ඉතා හොඳින් පැහැදිලිය. නැවත ගොඩ නැගීම සඳහා මානව හිමිකම් කඩවීම්වලට සම්බන්ධවූ අයට එ් සඳහා වගවීමට සැලැස්වීම කළයුතුය. ප‍්‍රතිසන්ධානය ප‍්‍රවර්ධනය කළ යුතුය. වඩා සාධාරණ සමාජයක් නිර්මාණය කරන බවට සහතික වීම අවශ්‍යය. මාලදිවයින විශ්වාස කරන්නේ මේ මොහොතේ යෝජනාවක්ගෙන් එ්ම අවශ්‍ය නැති බවයි. නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ලංකාවට කාලය අවශ්‍යය. මාලදිවයින යෝජනාවට විරුද්ධය.
උගන්ඩාව
උගත් පාඩම් කොමිසමේ වාර්තාව ඉක්මනින් ප‍්‍රකාශයට පත් කිරීම, එම වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේදී දක්වා ඇති ප‍්‍රගතිය සහ ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම අප සටහන් කර ගන්නවා. මෙම යෝජනාව මගින් ලංකාවේ ආණ්ඩුවට උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමණවත් කාලයක් ලබා දී නැහැ. යුද්ධයෙන් පසුව ගොඩ නැගෙමින් පවතින සංක‍්‍රමණික රාජ්‍යයන් යුද්ධයෙන් පසු එයට තුඩු දුන් ගැටුම විසඳා ගැනීමට පැහැදිලි චේතනාවක් ඇතිව එ් සඳහා මාර්ග සිතියමක් ඉදිරිපත් කරනවා නම් එම රටවල්වලට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. උගන්ඩාව මේ යෝජනාවට විරුද්ධව ඡුන්දය දෙනවා.
ඉන්දුනීසියාව
මේ යෝජනාවට සහය පළකිරීමට නොහැකිවීම ගැන අප බලවත් සේ කනගාටු වෙනවා. ජාතික මට්ටමේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය පිළිබඳව සංවර්ධනාත්මක ප‍්‍රවේශයකින් ප‍්‍රතිචාර දැක්වීමට මෙම යෝජනාවේ අනුග‍්‍රාහකයින් අපොහොසත් වීම එයට හේතුවයි. උගත් පාඩම් කොමිසම් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ගත් උත්සාහයන්හි අඩුපාඩු නැතිවා නොවේ. කෙසේ වුවද එම ක‍්‍රියාවලියට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යය.
බංග්ලාදේශය
අදාළ රටේ එකඟතාවය නැතිව ගෙන එනු ලබන කිසියම් රටකට අදාළව යෝජනාවන් වලට සහයනොදෙන ස්ථාවරයක් බංග්ලාදේශය පවත්වා ගෙන යයි. ශ‍්‍රී ලංකාව දශක තුනකට වැඩි කාලයක් ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳිමින් සිට ප‍්‍රචණ්ඩත්වයෙන් මිදුණේ මේ මෑතකදීය. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පැරදවීමෙහිලා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ත‍්‍රස්තවාදයෙන් ඇති වූ කල් පවත්නා තුවාල සුව කර ගැනීම සඳහා ලංකාවට කලය සහ අවකාශය අවශ්‍යය. බංග්ලාදේශය යෝජනාවට විරුද්ධය.
ඇන්ගෝලාව
අප මේ යෝජනවට ඡුන්දය දීමෙන් වැළකී සිටින්නේ මෙම කවුන්සිලයට මඟපෙන්වන මූලධර්ම මෙහිදී නොතකා හරිනු ලැබ ඇති නිසාය. යෝජනාව මගින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට ජාතික ප‍්‍රතිසන්ධානය නොනැවතීකරගෙන යාම ස`දහා දිරිගැන්විය යුතුය. ඇන්ගෝලාවද සංකීර්ණවූද දුෂ්කරවූද ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියක් හරහා ගමන් කොට ඇත. ප‍්‍රතිඵල ළඟා කරගත හැක්කේ ගම් මට්ටමේ – බිම් මට්ටමේදී මිස කොළ කඩදාසිවලින් නොවේ








