Posted on 10 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් ජනවාරී මාසය යනු කලු පැල්ලම් රාශියක් එක් වූ මාසයකි. මීට වසර තුනකට පෙර ජනවාරී මස 08 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී නාදුනන නමුත් දන්නා තුවක්කුකරුවකු විසින් ඝාතනය කරණු ලැබීය. මීට වසර තුකට පෙර සිදු වූ ඒ ඝාතනයත් තවත් එක් නඩු නැති ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. මේ ලිපිය මගින් ලසන්තගේ ගුණ දොස් විචාරය කරන්නට අදහස් නොකරන අතර මෙම ලිපිය මගින් අපේක්ෂා කරන්නේ ලංකාවේ සමස්ථ ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සාධනීය කතිකාවකට මුල පිරීමට පමණි.
Read the full story
Posted in Political
Posted on 10 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
“අප්‍රසිද්ධ මිනිස්‌සු ප්‍රසිද්ධ වෙන්නයි වොයිස් කට් දෙන්නේ. මට එහෙම කලබලයක් නැහැ. මුළු ලංකාවම මා ගැන දන්නවා. කළ සේවය දන්නවා. මම නොදැනුවත්කමින් දෙව්දත්, මූසිලයන් මා ළඟ හිටියා. පසළොස්‌වක පෝය පහු වුණා. හඳ මෝරන කාලයට සමහර අයට පිස්‌සු වටෙනවා. ඒ අය හිතුවා මට මද කිපෙයි කියලා. මට මද කිපෙන්නේ නැහැ. මම මේ දවස්‌වල කුමාරදාස මුනිදාසයන්ගේ හීන් සැරය පොත කියවනවා. “
Read the full story
Posted in Political
Posted on 09 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරාදමා වසර තුනක් ගතවී ඇතත් තවමත් එම ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන්නට නීතිය ක්‍රියාත්මක කරන ආයතන අසමත් වී තිබේ යැයිද, මෙයින් පෙනී යන්නේ මාධ්‍යකරුවන්ට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ට වරදට දඩුවම් ලැබීමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසී ඇති බව යැයිද ‘නිදහසේ වේදිකාව’ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.
Read the full story
Posted in Political
Posted on 09 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව කරන බලපෑම ගැන කතා කරමින් දොස්තර ගුණදාස අමරසේකර මෙසේ කියා ඇත්තේ ඉරිදා දිවයිනේ පාලිත සේනානායක සමග කළ සාකච්ඡාවකදීය. Read the full story
Posted in Political
Posted on 08 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 5.0/7 (3 votes cast)
මේ දවස් වල බත්තරමුල්ල ප්‍රදේශයට නුදුරු එක්තරා ස්ථානයක අරුම පුදුම ආයතනයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වාර්ථා විය. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම ආයතනය මගින් හිස්ටීරියාව සම්පූර්ණයෙන්ම සුව කිරීමයි. Read the full story
Posted in Political
Posted on 07 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 4.5/7 (2 votes cast)
මේ දවස් වල රටේ මහත් ආන්දෝලනයට පත් ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙන්නේ අමාත්‍යා මර්වින් සිල්වා මහතා සහ කෑළණිය ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇතිව තිබෙන යුද්ධයයි. මෙය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පුලුල් වශයෙන් ප්‍රචාරණය වූ අතර විවිධ උදවිය විවිධ අර්ථනිරූපණයන් මේ සම්බන්ධයෙන් නිකුත් කරමින් සිටියි. Read the full story
Posted in Political
Posted on 07 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

මාධ්‍යවෙිදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර තුනක් ගතව ඇතැත් ඒ සම්බන්ධයෙන් මේ වන විට යුක්තිය ඉෂ්ඨ වී නොමැති කාලයක මේ වන විටත් මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය මර්ධනය නිමා කර ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරණු වස් මහජන සම්මණ්ත්‍රණයක් පවත්වනට නිදහසේ වෙිදිකාව විසින් මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබේ.
Read the full story
Posted in Political
Posted on 06 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
1 කොටස
ඉතිහාසය හදාරන අයට අනුව ‛ඉතිහාසය’ ගැන නොදන්නවුන් කරන්නේ එය පුනරාවර්තනය කිරීම පමණි. මින් අදහස් වන්නේ ඉතිහාසය ගැන අවබෝධයක් ඇත්තවුන්ට එහි පුනරාවර්තය (යළි යළි එකම දේ විවිධ කාලයන් සහ පුද්ගලයන් මඟින් ආදේශ වීම) වැළැක්විය හැකි බවද? ඇත්තටම ඉතිහාසය පුනරාවර්තනය වනවා යනුවෙන් කරුණක් තිබේද? මෙවැනි කරුණක් ගැන විද්‍යාත්මක අවබෝධයක් අවශ්‍ය යැයි ඉතිහාසයට හොඳින් සංවේදී අය පවා නොසලකා හරින්නේ මන්ද? අපි මොහොතකට මෙහෙම හිතමු. ඉතිහාසය පුනරාවර්තනය වෙනවා, ඒක ස්ථිරයි. ඒ නිසාම ඒ ගැන විද්‍යාත්මක අවබෝධයකට යන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ පුනරාවර්තනය වන්නේ කුමක්ද? සිදුවීම්ද? නැත. පුනරාවර්තනය වන්නේ ව්‍යුහයයි (Structure). වෙනත් වචනවලින් කිව්වොත් ව්‍යුහය පුනරාවර්තනය වෙයි. ව්‍යුහය පුනරාවර්තනය වන විට සිදුවීම ද පුනරාවර්තනය වන බව දෘශ්‍යමාන වෙයි. නමුත් පුනරාවර්තනය විය හැක්කේ ව්‍යුහයට පමණි. ‛මව්බිම’ නම් පුවත්පත මේ වන විට දෙවරක් ප්‍රකාශයට පත් වී ඇත. පළමු සිදුවීම 2006. දෙවැන්න 2011. මේහිදී පුනරාවර්තනය වන්නේ ව්‍යුහය මිස සිදුවීම නොවේ. දැන් සිටින ‛මව්බිම’ මාධ්‍යවේදීන් යනු ඉතිහාසය පුනරාවර්තනය වන බව නොදන්නවුන්ය. අලුත් මාධ්‍යවේදීන්ට අනුව පත්තරය අලුත්ය. අත්දැකීම් නැවුම්ය. ස්ථානය අලුත්ය. ප්‍රධාන කර්තෘ අලුත්ය. නමුත් මේ කිසිවකු අවබෝධ කොටගෙන නැත්තේ ව්‍යුහය පරණ බවයි. කතාවේ නළු නිළියන් වෙනස්ය. කතාවේ ව්‍යුහය එකමය. සිංහබාහු නාට්‍යයේ සිංහයාට රඟපාන නළුවන් වෙනස්ය. සිංහයා නම් ව්‍යුහය වසර 50ක් පුනරාවර්තනය වෙයි.
ව්‍යුහය සහ අධිෂ්ඨානය-
ඉතිහාසය නම් යන්ත්‍රය කරකවන භූතයකු සිටිතැයි මුලින්ම විශ්වාස කරනු ලැබුවේ හේගල් විසින්ය. ඔහු ග්‍රීක සන්දර්භයක් තුළ හට ගත් ඊසොප්ගේ උපමා කතාවක් වන ‛රෝඩ්ස් මෙතැන, මෙතැනින් පනින්න!’ යන වාක්‍ය හරහා මිනිසෙකුගේ ශක්‍යතාවය සාර්වත්‍රික ස්වරූපය ‛රෝසමල මෙතැන, මෙතන නටන්න!’ යන ක්‍රිස්තියානි සන්දර්භය හරහා ලෞකික කළේය. මෙය ෆොයර්බාක් තිසීස හරහා කිව්වොත් මෙසේය. ව්‍යවහාරයේදී මිනිසා ඔහුගේ චින්තනයේ සත්‍යතාවය එනම් එහි ක්‍රියාශීලීභාවය, බලය හා ලෞකිකත්වය කළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත් ඔබේ කයිවාරුව ඔබ ඔප්පු කළ යුත්තේ ව්‍යවහාරය තුළ මේ දැන්ය.
ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් සහ පෞරුෂත්වයන් දෙවරක් ඇති වන බව හේගල් ප්‍රකාශ කරා යැයි සමහරුන් දනියි. නමුත් කිසිවකු ඇසුවේ නැත්තේ ‛ඇයි හේගල් එහෙම කිව්වේ’ යන ප්‍රශ්නයයි. හේගල් මෙවැන්නක් ප්‍රකාශ කළේ ඛේදාන්ත නාටක (Tragedy) වල වෙනස් වූ සන්දර්භයක් සලකුණු කරන්නට ය. හේගල්ට අවශ්‍ය වුණා සම්භාව්‍ය ග්‍රීක ඛේදාන්ත නාටකවල ව්‍යුහය ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත නාටකවල ව්‍යුහයෙන් වෙනස් බව පෙන්වන්න. (ඇන්ටිගනී සහ හැම්ලට් අතර වෙනස) ශෝකාන්ත පිළිබඳ හේගල්ගේ න්‍යායට අනුව එකිනෙකට වෙනස් කාල සහ සිදුවීම් තුළ වුවත් එකම වර්ගයේ පෞරුෂයන් ඇති වන්නේ මන්ද යන්න පර්යේෂණ ගැටලුව විය. තමන්ගේ විනාශය අත ළඟ බව දැන දැනත් මිනිසුන් ඊටම පෙළඹෙන්නේ කුමන සදාචාරයක් තහවුරු කරන්නද? හේගල්ට අනුව ශෝකාන්ත නාටකවල ව්‍යුහය ග්‍රීකයන්ට වඩා ඉංග්‍රීසි ෂේක්ස්පියර් තුළ වෙනස් වී ඇත. ඇන්ටිගනී වැනි වීරවරියකට වඩා හැම්ලට් වැනි වීරයකු වෙනස් වන්නේ වීරයා තම අධිෂ්ඨානයේ බාධාව පළමු අවස්ථාවේදී තමන්ගෙන් පිටත රාජ්‍යය තුළ හඳුනා ගැනීමත් දෙවැනි අවස්ථාවේදී බාධාව (හේතුව) තමන් තුළින්ම හඳුනා ගැනීමත්ය. හේගල් දුටුවේ සදාචාරාත්මක වශයෙන් එකම ක්‍රියාවට පෙළඹෙන (එනම්, හොඳ – නරක වෙනුවෙන් නොව තම නිදහස සඳහා සටන් කරන වීරයන් සහ වීරවරියන්) පුද්ගලයන් සහ සිදුවීම් පුනරාවර්තනය වීමට හැකි බවයි. ඒ අනුව ඔහු ඉතිහාසය ‛ආත්මය’ (Subject) සහ ‛ආශාවේ වස්තුව’ (Object) ලෙස බේද කරයි. හේගල්ට අනුව ඉතිහාසයට සාරයක් පමණක් නොව අධිෂ්ඨානයක් ද සලකුණු කළ හැක්කේ මේ නිසාය. ඉතිහාසයට යම් අරමුණක් ඇතැයි හේගල් කියන්නේ ද මේ තතු නිසාය. (මෙය පසුව මාක්ස් විසින් විවේචනය කළේය.)
නූතන උදාහරණ -
අප බොහෝ දෙනෙක් දන්නා සහ ජනප්‍රිය ලෙස ඔහේ වහරන උද්ධෘත පාඨයක් හඳුන්වා දෙමු. මෙය කාල් මාක්ස් විසින් කරන ලද්දකි.
“ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් සහ පෞරුෂයන් දෙවරක් ඇති වන බව කිව හැකිය. එය හේගල්ගේ අදහසකි. එහෙත් ඔහුට මෙලෙස එකතු කිරීමට අමතක විය. එනම්, ඒවා ඇති වන්නේ ප්‍රථමවර ශෝකාන්තයක් ලෙසත් දෙවැනිවර හාස්‍ය ජනකයක් ලෙසිනි.”
“මිනිස්සු ස්වකීය ඉතිහාසය නිර්මාණය කරති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට රිසි පරිදි නොවේ. ඔවුන් විසින් තෝරාගත් තත්ත්වයන් යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින; ඔවුනට ලැබී ඇති සහ අතීතයෙන් සංක්‍රමණය වූ තත්ත්වයන් යටතේය, ඔවුන් නිර්මාණය කරන්නේ. මියගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත් වන්නවුන්ගේ හිස් මොළය තුළ නපුරු සිහිනයක් සේ දිස්වෙයි.”
ඉහත උද්ධෘතය හරහා අප වටහා ගත යුත්තේ මාක්ස් තීක්ෂණ ලෙස ‛ව්‍යුහය’ පුනරාවර්තනය වන ආකාරය අවබෝධ කරගෙන සිටින ආකාරයයි. නමුත් මාක්ස් ‛ඉතිහාසය’ දෙස නැරඹුම් හෙලන්නේ වර්ධනයේ අවදි ලෙස මිස පුනරාවර්තනයේ විෂයක් ලෙස නොවේ. නමුත් ඔහුට මෙම පුනරාවර්තනය පිළිබඳ ගැටලුව මුණ ගැසී ඇත. 18 වන බෲමරය නම් නිබන්ධනය තුළ ප්‍රංශ විප්ලවයේ පුනරාවර්තනය තුළ සිදුවීම් සහ ඓතිහාසික චරිත පුනරාවර්තනය වන ආකාරය පහදයි. 1789 සිදුවීම් යළි 1848 දී පුනරාවර්තනය වෙයි. නැපෝලියන් වෙනුවට ලුයි බොනපාට් පුනරාවර්තනය වෙයි. රෝම විප්ලවය යළි ප්‍රංශ විප්ලවය මඟින් පුනරාවර්තනය වෙයි.
හේගල් තම ‛ඉතිහාසයේ දර්ශනය’ නම් කෘතිය තුළ කළ සඳහනක් මාක්ස් උපුටා දක්වයි. ‛පළමු අවස්ථාවේ අහම්බයකින් සේ සිදුවන දෙයක් දෙවන වර සැබෑවක් (Real) ලෙස පුනරාවර්තනය වෙයි.’ හේගල් ඉන් අදහස් කරන්නේ අධිරාජ්‍යයකු වීමට යන ක්‍රියාවලිය තුළ සීසර් මැරුම් කන අතර ඔක්ටාවියන් අධිරාජ්‍යයා වෙයි. තවදුරටත් රෝමයට නගර – රාජ්‍යයක් ලෙස ප්‍රසාරණය වීමට නොහැකි තැන සීසර් එය අධිරාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරයි. ජනරජය ආරක්ෂා කිරීමට කැප වන අය අතින් ඔහු මිය යයි. කෙසේ වෙතත් සීසර්ගේ ඝාතනය සමඟ මනෝරාජිකව තිබූ අදහසක් වූ රෝමය අධිරාජ්‍යයක් වීම සියලු රෝම වැසියන් අනිවාර්ය යථාර්ථයක් ලෙස පිළිගත්තේය. සීසර් අධිරාජ්‍යයකු නොවූවාට ඔහුගේ ‛නම’ අධිරාජ්‍යයා සඳහා ආදේශ විය. මාක්ස්ගේ පුනරාවර්තනය පිළිබඳ න්‍යායට නියම අදහස එන්නේ මෙැතැනිනි.
1789 දී ප්‍රංශ විප්ලවය මඟින් එහි රජතුමා ඝාතනයට ලක් වෙයි. ඉන්පසු නැපෝලියන් අධිරාජ්‍යයෙක් බවට ජනරජය තුළ පත්වීමට මහජනයාගේ අනුමැතිය බලාපොරොත්තු වෙයි. මෙම තත්ත්වයට ෆ්‍රොයිඩියානු අදහසක් යෝජනා කළ හැක. එනම් මර්දනය කළ දෙය වෙනත් ආකාරයකට යළි ප්‍රාදූර්භූත වීමය. මහජනයා ‛රජතුමා’ ඝාතනය කළ මුත් යළි අධිරාජ්‍යයා පැමිණියේම රජතුමා ඝාතනය කළ ස්ථානයෙන්මය. ඒ අනුව සීසර්ගේ සිදුවීම ලෝකයේ වෙනත් තැන්වල වෙනත් කාලවල වෙනත් පුද්ගල නාම සහිතව පුනරාවර්තනය විය හැක.

ලංකාවේ උදාහරණ -
ඉතිහාසය ලංකාවේ පුනරාවර්තන වන ව්‍යුහය ඉතාම දළ සටහනක් ලෙස පහත වගු අංක 1 හි දැක්වෙයි.
වික්ටර් අයිවන්ට සපුරා පරස්පරව මම මෙසේ කියමි. ලංකා ඉතිහාසයේ අවිඥානය කුලය ගැන නොදනී∎
දීප්ති කුමාර ගුණරත්න
සමබිම පුවත්පතට ලියූ ලිපිය
Posted in Political
Posted on 06 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ලන්ඩනයේ මහ රැජිනට කිඹුහුමක් ගියහොත් හෙම්බිරිස්සාව හැදෙන මට්ටමේ පිරිසකගෙන් සමන්විත බමුණු කුලයේ කුමන්ත‍්‍රණකරුවන් කල්ලියක් විසින් මෙහෙයවනු ලබන කොළඹ කේන්ද්‍රීය බලපෑම් කණ්ඩායමක තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ ඌණනය වී ඇත. ආදි කාලයේදී යූ.ඇන්.පී.ය බමුණු කුලයත්, මහජනයාත් යන දෙපාර්ශ්වය විසින්ම එකසේ සහයෝගය ලබා දෙනු ලබන උද්දීප්ත වූ දේශපාලන ව්‍යාපාරයක්ව තිබිණ. Read the full story
Posted in Political
Posted on 06 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
මගේ ඉතාලි යාඵවෙක් ඉන්නවා එයාගේ නම වැලේරියා. එයාට දුවෙක් ඉන්නවා වයස අවුරුදු 25ක. වැලේරියාගේ හස්බන්ඩ් ප්‍රංශජාතිකයෙක්. මෙයා දවසක් මගෙ එක්ක කතා කලා විවිධ රටවල තියෙන සංස්කෘතික වෙනස් කම් ගැන. අපි ගොඩක් ඒ ගැන සංවාද කලා. මම දිගින් දිගටම එයාට ඔප්පු කරන්න උත්සහා කලේ ඉතාලියේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය තවමත් මොනතරම් නම් ශ්‍රේෂ්ඨද කියන එකයි. Read the full story
Posted in Political
Posted on 06 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් වෙබ් අඩවි 41කට ලියාපදිංචි සහතික ලබන සතියේ පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පවසයි. Read the full story
Posted in Political
Posted on 05 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 3.0/7 (3 votes cast)
මීට වසර දෙකකට පෙර උතුරේ සන්නද්ධ අරගලය අවි බලයෙන් මර්ධනය කරන්නට හමුදාව සමග කොන්දේසි විරහිතව ජාතිවාදී ගිවිසුමකට එළබෙන්නට පෙර ජනතා විමුක්ති පෙරමුණට මේ ගැන සිතා බලන්නට තිබුනි. වසර 1988 දී සිය අසහාය නායක රෝහණ විජෙවීර සහෝදරයා අමු අමුවේ පන පිටින් පුලුස්සා මරා දමන්නට කටයුතු කළ නිළ ඇදුම් කාරයයින් සමග කොන්දේසී විරහිතව බල මුලු බැදි ජාතිවාදීන්ට දැන් කියන්නට තිබෙන්නේ කළ හොද පස්සෙන් එළවනවා කියාය. නමුත් අරගල ව්‍යාපාරයේ සහෝදරයෙකු අප සමග පැවසුවේ මේ කළ හොද නෙමෙයි කළ නරක පස්සෙන් පන්නවා කියාය. Read the full story
Posted in Political
Posted on 05 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)
මේ වනවිට දහස් ගණනක සරසවි සිසු සිසුවියන් පිරිසක් කොළඹ හයිලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂණික පාගමනක නිරත වෙමින් සිටින බව වාර්තා වේ. Read the full story
Posted in Political
Posted on 04 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
වැඩකරන ජනතාව සතු සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුව විසින් නැවතත් කොල්ලකෑම සඳහා පිඹුරුපත් සැකසෙමින් පවතින බවත් මෙයට පෙරද විශ‍්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් මෙම අරමුදල කොල්ලකෑමට ගත් උත්සාහය වැඩකරන ජනතාවගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (03) කොළඹ නිපෝන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. Read the full story
Posted in Political
Posted on 04 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)
වරක් බර්ටෝල් බ්‍රෙට්ස් තම ‛පැන්ස තුනේ කතාව’ තුළ මෙවැන්නක් සදහන් කලේය.
යම් කෙනෙකු ඕනෑවට වඩා සතුට පසු පස පන්නාගෙන ගිය හොත් යම් මෙහොතකට පසු සතුට ඒ කෙනාට පසු පසින් ගමන් කිරීමට පටන් ගනී. එවිට සතුට පසුපස පැන්නූ කෙනා බිය වෙයි Read the full story
Posted in Political
Posted on 04 January 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
සිරිකොත’ පක්ෂ මූලස්ථානයට ගල් ගසා විනාශ කළ පුද්ගලයින් ද ඔවුන් ආරක්ෂා කරන්නට කටයුතු කරන අයද එක්සත් ජාතික පක්යේ ද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the full story
Posted in Political