සන්ජය හත්තොටුව Gallery Café අවන්හලෙන් මීට වසර දහයකට පෙර කාපු බීපු බිලක් උවිදු කුරුකුලසූරිය නම් මාඕවාදියා සදාචාරාත්මකව ප්‍රශ්ණ කර ඇත. උවිදුට අනුව NGO පැවතිය යුත්තේ හැටේ දශකයේ අගභාගයේ වාමාංශික පක්ෂයක් ලෙසිනි. වාමාංශිකයන් යනු උවිදුට අනුව ව්‍යතිරේක විනෝදය තහනම් කරන ලද පිරිසකි. උවිදු යනු අනෙකා ආහාර වලින් විදින විනෝදය පැහැර ගැනීමට උත්සහ කරන්නෙකි. එම තලයේ දී ඥානසාර සහ උවිදු අතර වෙනසක් නැත. ඥානසාර තම්බියාගේ සහ දෙමළාගේ විනෝදය පැහැර ගන්නා අතර උවිදු කන බොන මිනිසාගේ විනෝදය පැහැර ගනියි. පොඩි කාලයේ සිට සම්බෝල සමග බත් කන ලද උවිදු තම වෙබ් අඩවිය පුරවා ඇත්තේ හොදට කනබොන ලිබරල්වාදීන් ගෙනි. උවිදුට අනුව යුරෝපය ලංකාවට එවන සල්ලි වියදම් කළ යුත්තේ හරිම සකසුරුවමිනි. ධනපතියන් සහ විශාල සමාගම් හිමියන්, විශාල බැංකු අයිතිකරුවන් ද අපට කියන්නේ සකසුරුවමින් වියදම් කරන්න කියාය.

සංජය ගේ බිල ගැන හොද නරකවිසීමට උවිදු තෝරාගෙන ඇත්තේ පාක්‍යෙසෝති සරවනමුත්තු මහතාවය. ඒ මහතා සාමාන්‍යෙයන් යන අවන් හල වන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලැගූන් අවන්හලයි. සාමාන්‍යෙයන් එම අවන් හලෙන් ආහාර ගෙන පිටවන දෙදෙනෙකුගේ බිල රුපියල් තිස් දහසත් පනස් දහසත් අතරට වැටෙයි. අප දන්නා තරමින් ලංකාවට මුදල් එවන යුරෝපය සහ ඇමරිකාවේ ආධාර සපයන්නන් කියන්නේ හොදට කාලා ඇදලා හිටපන් කියාය. ඩොලර් වලට පරිවර්තනය කල විට සංජයගේ බිලෙහි වටිනාකම ඩොලර් 150කි. සංජය තම මිතුරන් සමග ගෙන තිබෙන්නේ ද බටහිර ඉහළ මධ්‍යය පංතියේ ආහාර භෝජනයක් නොවේ. මෙය උවිදුට නෙන්නේ රජ කෑමක් ලෙසිනි. සම්බෝල සමග තෝසේ කන අයට ඔලිව් තෙල් වල බදින ලද කකුලුවෙක් දිව්‍ය ලෝකයේ ආහාරයක් සේ පෙනීම අහම්බයක් නොවේ. අවම වශයෙන් ඔහු ඉස්තරම් විස්කි වර්ගයක් හෝ පානය කර නැත. නමුත් උවිදුට අනුව ආහාර බිලකින් කෙනෙකුට ජාතික අපරාධ කළ හැක.

දැන් අප සංජය හත්තොටුව වෙත හැරෙමු. 2008 වර්ෂයේ ICTආයතනයේ ප්‍රචාරක කටයුත්තක් සදහා අපගේ මිතුරකු විසින් ගීත ඇල්බමයක් නිර්මාණය කරන ලදි. ඒ සදහා ඉන්ද්‍රචාපව සහ කසුන්ව සහභාගී කරවා ගන්නා ලදි. එහිදී සංජය විසින් ICT හී අතුල පුෂ්පකුමාරව විවේචනය කරමින් ඇසුවේ IT වලට මොන සින්දු ද කියාය. අද දවසේ උවිදු විසින් මතු කරන්නේ සංජය කෑම හරහා ලද අනෙකා ගේ විනෝදයයි. එදා දවසේ සංජය විසින් මතු කළේ අතුල, කසුන් කල්හාර හරහා විදි විනෝදයයි. මේ කට්ටි දෙකම නොදන්නේ දෘෂ්ටිවාදය සමාජයේ පැල කිරීමේ දී මුදල් වියදම් කිරීම නාස්තියක් ලෙස නොසලකන බවයි. මේ දෙදෙනාම සමාජවාදීන් ද නොවේ. ඒ නිසා සල්ලි ඉතුරු කිරීමට කතා කරන මේ අයව වහාම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළ යුතුය. Lavish යනු අධ්කතර ලෙස වියදම් කිරීමයි. අප සංජයට ආරාධනා කරන්නේ හිල්ටන් හෝටලයේ spoons අවන්හලට උවිදුව රැගෙන ගොස් පින්ක් සැමන් සංග්‍රහයක් ලබා දෙන ලෙසයි. එවිට ඔහු මෙසේ අසනු ඇත. IT පුහුණු වීම් වලට සැමන් සම්බන්ධ වන්නේ කොහොමද?

5-sizzling-cuttlefish-spicy-vietnamese-salsa-verde 621fc7368e984363bc84aab1fcbd0beaeblZZO 5931529637_ec05f0bd08 DSC05333 Hero_5000299211533_v1 lamb24.12 stuffed salmon wine

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මොනව කෑවත් රෙන්නෙ ගූනෙ. තොපි මොකටද අනුන්ගෙ පුකවල් හෝදන්න යන්නෙ? වැඩක් ඇති දෙයක් කරපියව්.

Comments are closed.