Categorized | Political

michelin බබාලා සහ විප්ලවාදීන් වෙන් කිරීම

michelin බබාලා සහ විප්ලවාදීන් වෙන් කිරීම
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (4 votes cast)

පසුගිය රාවය පුවත් පතෙහි විදර්ශණ කන්ංගර නම් මහත්තයෙකු ශ්‍රාස්ත්‍රීය සොරකමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබූ අතර තමන්ට ලැබෙන ඕනෑම ලිපියක් රාවය පුවත් පතෙහි පල කරණ විමලනාත් වීරරත්න විසින් මෙම ලිපිය පල කරනු ලැබ තිබුනා. මෙහිදී විදර්ශන කන්නංගරගේ දෝෂදර්ශණයට ලක් වූයේ දයාන් ජයතිලක, සුමනසිරි ලියනගේ, පාඨලී චම්පික ඇතුලු පිරිසයි. ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ සිසැක් නම් වූ බටහිර දාර්ශනිකයාගේ අදහස් මේ පිරිස විසින් භාවිතා කිරීමයි.

 

 විදර්ශණ කන්නංගරට අනුව සිසැස් ලංකාවට හදුන්වා දී තිබෙන්නේ ඔවුන විසිනි. ඒ අනුව ඔවුන් විසින් ගොඩ නැගු දාර්ශණික සංවාදය මේ පිරිස විසන් සොරා ගැනීම ගැන ඔහු හොදටම උරණ වී සිටියි. පොලොන්නරුව මින්නේරිය ප්‍රද්ශයේ උපන් සුමිත් චාමින්ද විසින් මේ දාර්ශණිකයාව හදුන් වන්නේද සිසැක් නමිනි. නමුත් මේ දාර්ශණිකයාගේ නම නිවරදිව උච්චාරණය කරන්නේ ජිජැක් නමිනි. සුමිත් චාමින්ද හට සිසැක් මින්නේරියේ දී හමු වූවා වන්නට පුලුවන. නමුත් සුමිත් හිතාමතා මගහරින දේශපාලන සත්‍ය වන්නේ ඔවු මේ මට්ටමට දේශපාලනය උගත්තේ පැරණි x  කණ්ඩායමෙන් බවයි. දැන් සුමිත් කියන ආකාරයට ඔහුට මේ දාර්ශණික ඥාණය පහළ වී ඇත්තේ මින්නේරියේ දී කුඹුරු කොටන අවස්ථාවකය.

 

පැරණි x දේශපාලනය විසින් මෙරට දේශපාලන ශබිද ශෝෂය වෙනස් කළ බව සත්‍ය වන අතර දීප්ති විසන් ගොඩ නැගු බෙහෝ දේශපාලන මතවාද තමන්ගේ මෙන් භාවිතා කරණ විදර්ශන කන්නංගරලා යනු අපට අනුව ඉහත දයාන්ලාට, සුමනසිරිලාට, චම්පිකලාට වඩා උමතු රෝගීන් බව පැහැදිලිය.

පරිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටි තක්කඩි විමලනාත්ලාට සේම නූතන රැඩිකල් පුබුදු ජයගොඩලාටත් මේ උමතු රෝගීන්ගේ තක්කඩිකම් හදුනා ගන්නට හැකියාවක් නැත.

මහත්වරුනි වීදුරු ගෙවල් වල සිට ගල් ගසන්නේ පරිස්සමිනි ජිජැක් ලංකාට හදුන්වා දීමේ ගෟරවය ලබා ගන්නට පොර කන උමතු රෝගීන්ට අපට කියන්නට ඇත්තේ විප්ලවාදී දේශපාලනයේ දී බබාලා සුරතල් කරන්නේ නැති බවයි. එහිදී කරන්නේ බබාලාව සහ විප්ලවාදීන්ව වෙන්කිරීමයි. මෙයට මේ කාලයේ දී බොහෝ අය කැමති නැත.

 

ඊයේ පහළමධ්‍යම පාන්තිකයන්ගේ සිහින මල්ඵල ගන්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දරු පවුල සමග අධිවේගී මාර්ගයේ බෙන්ස් රථයෙන් ගමන් කරණු බලා සතුටු වන්නට බලා සිටින උදවිය විප්ලවාදී දේශපාලනය කැමති නැත. හෙට දින අධිවෙීගී මාර්ගය නිසා රට සංවර්ධනය වේ යැයි බලා පොරොත්තු දල්ලවා බලා සිටින්නට බොහෝ අය කැමතිය. නමුත් ජනාධිපතිවරයා සිය පවුල සමග සංදර්ශනාත්මකව රිය පෙරහැරේ ගියා යැයි කියා රට සංවර්ධනය වන්නේ නැත.

 

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරාම සිය සර්යා සහ අවුරෝරා සගරා මගින් මූලිකව ඉලක්ක ගත කරණු ලැබූවේ අපගේ දේශපාලනයට අභියෝග කිරීමයි. එය වරදක් යැයි අප සිතන්නේ නැත. මන්ද දේශපාලනයේ දී සිය සතුරා විනාශ කිරීම යනු කළ යුත්තක් වන බැවිනි. පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාවලිය හරහා උත්සහා කලේ අපකරා ආකර්ශණය වන තරුණ පරපුර ඔවුන් කරා ආකර්ශණය කර ගැනීමටය. දේශපානයේ දී ජනතා විමුක්ති පෙරමුණ සතුරෙකු වශයෙන් අපව විනාශ කිරීමට උත්සහා ගත් ආකාරය නිවරදිය. මේ නිසා අපගේ දේශපාලනයේ දී අපගේ සතුරන් විනාශ කිරීම කළ යුත්තක්ව ඇත. එයට හේතුව වන්නේ අපගේ දේශපාලනය ෆේස් බුක් එකේ හා වෙබි අඩවි වල දේශපාලනය කරණ මිච්ලින් බබාලාගේ දේශපාලනයක් නොවන බැවිනි. අපගේ විප්ලවාදී දේශපාලනය තුල අන්තර්ජාලයේ දගලන මිච්ලින් බබාලාගේ වැඩක් නැත.

 

මේ නිසා විප්ලවාදී දේශපාලනයෙදී මිචිලින් බබාලා සුරතල් කරනවා වෙනුවට අප විසන් කරමින් සිටින්නේ බබාලා සහ විප්ලවවාදීන් වෙන් කිරීමයි.

 

 

 

michelin බබාලා සහ විප්ලවාදීන් වෙන් කිරීම, 7.0 out of 7 based on 4 ratings

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

8 Responses to “michelin බබාලා සහ විප්ලවාදීන් වෙන් කිරීම”

  1. nakiya says:

    Mr. Palitha, were you sleepless from 8.30 p.m on 29th to 3.20 in the morning next day? Do you have insomnia or did you have a bad dream and wake up with keyboard in your hand?

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  2. News Editor මහත්තයෝ මේ තියෙන්නේ කිසිම ෆේස් බුක් ෆොපයිල් දීප්ති ෆේස් බුක් එකට දාපු පෝස්ට් එකක්… තව කොච්චර කාලයක් මෙහෙම බොරැ කියන්නද?

    Deepthi Kumara Gunarathna
    පෙරටුගාමී පක්ෂයේ අනුප නන්දුල සහෝදරයා විසින් රචිත පශචාත් නූතනවාදය නැමති කෘතිය දෙසැම්බර් මස 20 වන දින හවස 4.00 ට කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ දී ප්‍රකාශයට පත්වේ. එදින ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයක් ද පැවැත්වේ. මේ අවස්ථාව සදහා සහභාගී වන මෙන් සියල්ලන්ටම ඇරයුම් කර සිටිමු
    Like · · Share · 2 hours ago near Mount Lavinia, Sri Lanka ·
    Sundara Sindu likes this.
    mahathayo oyage copy past walata kauruth ahuwen ne.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  3. Jeevanee says:

    Dear News Editor,

    Why is it that almost three articles on the first page of your web site are only about Sumith and Vidarshana? Can you also explain who else, instead of Deepthi himself, assured you that his reading of philosophy is perfect? Give me a name of any University on this Earth please.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  4. වෙරෝණිකාගේ පෝස්ට් එකෙන් තේරෙනවා නේද දීප්තිට ලිපියක් කියවන්නවත් අවශ්‍ය ශික්ෂණය නෑ කියන එක.ඉතින් මෙයා ගැඹුරැ චින්තකයින්ගෝ පොත් කියෙව්වා කියලා විශ්වාසකරන උන්ට ඇත්තටම පිස්සු නෙවෙයිද? මාත් කියන්නේ

    පුළුවන්නම් තව එක පාරක් විදර්ශනගේ ලිපිය කියෙව්වොත් හොඳයි.

    තව එකක් ලංකාවේ පිස්සු යක්කු හිතන්නේ මුලින්ම දාර්ශණිකයෙක්ගේ නමක් කිව්වාම එයාගේ පේටන් අයිතිය ලැබෙනවා කියලා.. මේවා තමයි නරලොව හොල්මන් කියන්නේ… මුන්ට පිස්සු, මුන් පස්සේ යන උන්ටත් පිස්සු, මුන් පස්සේ ගිය උන්ටත් පිස්සු…

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  5. පාලිත සිල්ලා says:

    ඉරිසියාවේ දේශපාලනය… දීප්ති ඔයාට විදර්ශණගේලිපිය දැක්කාම ඉරිසියා හිතෙනඑක අහන්න දෙයක් නෑ… හැබැයි මතක තියාගන්න ඔයාලව දැන් කව්රැවත් ගනන් ගන්නේ නෑ… ඔයා 2004ට කලින් කරපු දේශපාලනය ගැන ෆේස් බුක් එකේ ඔයාම දාලා තිබ්බා… නමුත් යම් යම් චින්තකයින් ලියපු පොත්වල පිටකවර කියවලා එයාලා ගැන ඔයා මුලින්ම කියලා තිබ්බා. ඒ ගරැත්වය ඔයාට දෙන්නම්.. හැබැයි ඒවා හැදෑරැවා කියන එක නම් මම හිතන්නේ කව්රැවත්ම පිළිගන්නේ නෑ. ඔයාගේ ශ්‍රාවකයින් ඇරෙන්න.. ඔය ශ්‍රවකයින්ටත් ටික ටික තේරෙද්දි එකාදෙන්නා හැලිලා යාවි.. ඒ වගේම ඔයාගේ සයිබර් දේශපාලනය තේරැම්ගන්න හොදම තැන තමයි ඔයාගේ ෆේස් බුක් පිටුව ඉතින් තවත් කිචවෙනඑක නවත්වලා වැදගත්දෙයක් කතාකරන්න..

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  6. වෙරෝණිකා says:

    මං හිතන්නේ ඔයාට පොඩ්ඩක් වැරදිලා. මොකද, විදර්ශන එයාගේ රාවය ලිපියේ කොතනකවත් ශීසෙක්ව ලංකාවට හඳුන්වා දුන්නේ හෝ ශීසෙක් අයිති තමන්ට බව කියලා නැහැ. අනික, ශීසෙක් කියන්නේ පවතින ධනවාදී සමාජයට ඔබ්බෙන් වූ සමාජයක් පිළිබඳව පුළුල් පරිකල්පනීය ශක්‍යතාවයක් දරාගත් දාර්ශනිකයෙක්. ඉතින්, ඒ වගේ දාර්ශනිකයෙක්ව විදර්ශනට තියා කාටවත් අයිති කරගන්න බැහැ නේද?

    පුළුවන්නම් තව එක පාරක් විදර්ශනගේ ලිපිය කියෙව්වොත් හොඳයි.

    VA:F [1.9.9_1125]
    Rating: 5.0/5 (2 votes cast)
    • වෙරෝණිකාගේ පෝස්ට් එකෙන් තේරෙනවා නේද දීප්තිට ලිපියක් කියවන්නවත් අවශ්‍ය ශික්ෂණය නෑ කියන එක.ඉතින් මෙයා ගැඹුරැ චින්තකයින්ගෝ පොත් කියෙව්වා කියලා විශ්වාසකරන උන්ට ඇත්තටම පිස්සු නෙවෙයිද? මාත් කියන්නේ
      පුළුවන්නම් තව එක පාරක් විදර්ශනගේ ලිපිය කියෙව්වොත් හොඳයි.
      තව එකක් ලංකාවේ පිස්සු යක්කු හිතන්නේ මුලින්ම දාර්ශණිකයෙක්ගේ නමක් කිව්වාම එයාගේ පේටන් අයිතිය ලැබෙනවා කියලා.. මේවා තමයි නරලොව හොල්මන් කියන්නේ… මුන්ට පිස්සු, මුන් පස්සේ යන උන්ටත් පිස්සු, මුන් පස්සේ ගිය උන්ටත් පිස්සු…

      VA:F [1.9.9_1125]
      Rating: 0.0/5 (0 votes cast)
      • News Editor says:

        පාලිත මහත්තයෝ සුමිත් චාමින්දදයි විදර්ශණ කන්නංගරයි.දර්ශණය කියන විෂය ඉංග්‍රීසියෙන් කියවලා තේරුම් ගන්න පුලුවන් කියලා ඔබ හිතනවා නම් වහාම අංගොඩ ජාතික මානසික දි්‍යායතනයට යන්න. දීප්තිව ධනාත්මක නැත්නම් එයා ගැන ඔච්චර ඔයා නහින්නේ මොකටද? දීප්තිට රැවටෙන මිනිස්සු ගැන ඔයාට ඔච්චර දුකක් දැනෙන්නේ ඔයා දෙවියන් වෙනුවෙන් මිනිස්සු ආරක්ෂා කරන දෙවියන්ගේ නියෝජිතයා වන නිසාද?සොක්ක්‍රටීස්ගේ සංවාදයන් රිපබ්ලික් නම්න් ලේඛණ ගත කළ ප්ලෝටෝගේ ද රිපබ්ලික් පොත අරගෙන ප්‍රසිද්ධියේ සිංහලෙන් තේරුම් කරන්න කියලා ඔය දෙන්නට කියන්න. එහෙම කරපු දවසට පස්සේ අපි ත්‍රිමාන වෙබි අඩවිය නතර කරනවා. ලෝකය වෙනස් කරපු කිසිම දේශපාලකයෙකුට පවතින ක්‍රමය ආදරය කලේ නෑ. ඒ නිසා අපේ දේශපාලනය අපිට කරන්නත් කාගෙවත් වීසා අවශ්‍ය කරන්නෙ නෑ. දීප්ති ගැන නොව අප වෙබි අඩවියේ පළවන අදහස් ගැන සංවාදයකට එන්න. අනෙක දීප්තිට කිසිම ෆේස් බුක් ෆොපයිල් එකක් නෑ. දීප්තිගෙ නමින් හොරට ෆොපයිල් එකක් කරණ ඔයාලගෙම යාථවන්ට ඒ ගැන කියන්න. මොකද ඒ හොර ෆේස්බුක් ෆොපයිල් එක සම්බන්ධයෙන් අපිට වගකියන්නට බැරිය. ඇත්තටම දීප්තිට ෆේස්බුක් කරන්නට අවශ්‍ය නම් වඩාත් හොදට කරන්නට පුල්වන.

        VN:F [1.9.9_1125]
        Rating: 5.0/5 (1 vote cast)

Trackbacks/Pingbacks


3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us