1. පසුගිය දා කොළඹ නගරයේ දී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සෘජුව වගකිව යුතු බව අපි ප්‍රකාශ කරන්නෙමු.
2. ගෝඨාභය රාජපක්ෂ විසින්  තම ආණ්ඩුවේ රාජ්‍ය බලය සතු ඒකාධිකාරී බලය වෙනුවෙන් පාතාලය කොළඹින් ඉවත් කරන ලදී.
3. මේ නිසා කොළඹ නගරය මධ්‍යම-පන්තිකයන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් විය. ඔවුන් උදේට හවසට ජොගින් කරමින්, හොට් ඩෝග් කමින් අලුත් කිරි බොමින් සතුටින් ජීවත් විය.
4. දැන් නැවතත් මැද පන්තිය තැතිගෙන ඇත. UNPය විසින් නැවතත් ලුම්පන් සමාජ ස්ථරවලට ව්‍යාපාරික වැඩ කරන්නට ඉඩ දී ඒ හරහා දේශපාලනය කරන්නට උත්සහ කරයි.
5. ‘හිංසනය‘ නැවත කොළඹ නගරයට ගෙන ඒමට UNPයට ඉඩ දිය යුතු නැති අතර කොළඹ සිවිල් සමාජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මේ ගැන සෘජු ලෙස ප්‍රශ්න කළ යුතුය.
6. එසේ නැතිව සියලු දෙනා ගම් කෑ පූසන් මෙන් නිහඩව සිටීම කොළඹ නගරයේ සාමයට බලවත් තර්ජනයකි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඔය ගොල්ලෝ ඡන්දය ඉල්ලනේ සාමකාමී කොළඹ නගරයක් වෙනුවෙන්ද..?

    • ඔබ වැනි පීඩිත පන්තිය ජීවත් වන කොළඹ වෙනුවෙන්.

Comments are closed.