පරික්ෂා කර අත්හදා බැලීම සඳහා Virtigo කෙටි වැඩමුළුව මැයි මස 7 වන බ‍්‍රහස්පතින්දා “හිසේ කැරකැවිල්ල” මන්දිරයේදී සවස 4.00 ට පැවැත්වෙයි.

සාකච්ඡුාවේ මූලික පදනම් දෙක පහත දැක්වේ.

 [1]  යථාර්තයේ ඇති ප‍්‍රාථමිකභාවය පිළිගන්නා මුග්ධයන් ලෙස අප ‘යථාර්තයේ සැබෑව‘ සමග සම්මුඛ වීමට රුචි නැත. යථාර්තය තුළ අප මගහැර යන අපගේ ‘සැබැව’ අපට වටහා ගන්නට සිනමා ප‍්‍රබන්ධයක් [cinematic Fiction] අවශ්‍යය.

  [2]  චිත‍්‍රපටයක දී අප නරඹන්නේ අපගේ විඥණයෙන් ස්වාධින භූමීකාවක් නොව අපගේම භූමිකාවයි. සාරාංශගත කර කිවහොත් චිත්‍රපටියක දී අප එයට කැමති නම් අප නරඹමින් ඉන්නේ අපවමය. යථාර්තයේ අසම්පූර්ණ බව යනු අනෙකා නොව තමාමය.

hitchcock_toppage

ස්ථානය  –  කිරුලපන පොලිස් ස්ථානය අසලින් බැස ටිකක් ඉදිරියට – towards Nugegoda- විත් ‘කිරුලපන මාවත’ දිගේ ඉදිරියට එන විට ‘පන්සල පාර’ යනුවෙන් පාරක් ඇත. එය වමට ඇති පාරකි. එම පාරේ ටික දුරක් එන විට වම් පස බලාගෙන එන්න. දිග ලා පැහැති දුඹුරු පාට තහඩු ගේට්ටුවක Virtigo නමින් කඩදාසියක් අලවා ඇත. තැන එතැනයි.

නිවසේ අංකය 73/15A

ඔබේ අදහස කියන්න...