Categorized | Political

“සමාජය” මම ඒ තරම් ඇඟට ගන්නෙ නැහැ. සිරිමල් විජේසිංහ

“සමාජය” මම ඒ තරම් ඇඟට ගන්නෙ නැහැ. සිරිමල් විජේසිංහ

 

සිරිමල් විජේසිංහ ලේඛක , දේශ්ශපාලන විචාරක , චිත්‍රපට අධ්‍යක්ෂක , විකල්ප්ප පත්‍ර කර්තෘ.

1) ඔබ ලංකාවේ සම්ප්‍රදායිකික සඟරා ආකෘතිය

බිඳ දැමූ කර්තෘවරයෙක් – අපි ඒ ගැන මුලින්

කතා කරමු

‛‛ පාරාදීසයතරුණ මාසිකය තුලින් එවන්නක්

සිදු වූ බව කවුරුත් පාහේ කියනව. ඒත් ඒ

සියල්ල අයිති අතීතයටයි. අතීත මතකයන්

කාටද දැන් අවශ්‍ය වෙන්නෙ. මම උණත්

අතීතය කාමය ඒ තරම් ලොකුවට ගන්න

කෙනෙක් නෙමෙයි.

2) ඔබ ඒ වන විට තාරුණ්‍යය දැකල තිබුණෙ

මොන විදියට ද ? එබ ඒ අනුවද පාරාදීසය

සකස් කලේ

පාරාදීසයකරත්දි අපි විනෝදකාමය ගැන

වගෙම දැනුම – දේශපාලනය – දර්ශනය ගැනත්

ලොකු අවධානයක් දැක්වූවා.

තාරුණ්‍යය කියන්නෙ හැකි තරම් විනෝද වීමයි.

සරලව කිව්වොත් හොඳට පිස්සු කෙළීමයි. අද

කාළෙ නම් තරුණයො ලඟ එහෙම දෙයක්

පේන්න නැහැ. මොන විදියකින් හරි කට්ටක්

කාල ලොකු ගෙයක් හදා ගන්න තමයි ට්‍රයි

කරන්නෙ. සතුට කියන්නෙ මොකක්ද කියල

මුන් අහලවත් නැහැ. අපේ තරුණ කාලෙ ලව්

බූට් එකක් වැදුණම අපි කළේ හොඳට බීල

අඬන එක. මිල්ටන්ගෙ සිංදු කෑලි දාල මාගල්

තරම් දිග ලියුම් ලියන එක. දැන් කාලෙ එවුන්

කරන්නෙ කෙල්ලට පේන්න කාර් එකක් අරන්

ලොකු දර්ශනයක් දාල ඒකිට කුණුහරුප එස්

එම් එස් අරින එක. කෙල්ලො නම් කරන්නෙ

ටක් ගාල තව කොල්ලෙක් අල්ල ගන්න එක.

මේ දේවල් නරකයි කියල මම කියන්නෙ නැහැ.

ඒකත් එක සංසාරයක්. පවතින තත්ත්වය තමයි

කිව්වෙ.

3) ලංකාවේ තාරුණ්‍යය නොයෙක් ආකාරයේ

ව්‍යසනයන්ට මුහුණ දෙන බව ඔබට හිතිල

තියෙනවද ?

තරුණ වැඩිහිටි භේදයක් නැතිව අද මුලු

සමාජයම ව්‍යසනයට මුහුණ දීලයි තියෙන්නෙ.

මේ තමයි පශ්චාත් යුධ සංස්කෘතිය. මේ

අපරාධයට ජනතා විමුක්ති පෙරමුණ

සම්පූර්ණයෙන් වග කියන්න ඕනෙ.

4) පාරාදීසය වගෙ සඟරාවක් නැති හිස් තැන

අද පවා ලංකාවේ තිබෙනවා කිව්වොත් ඔබ ඊට

එකඟ වෙනව ද ?

පාරාදීසයආවෙ මිට අවුරුදු දහ තුනකට

පෙරයි. හිඩැස කියන දේ හැමදාමත් තියෙන

දෙයක් . කාලෙන් කාලෙට ඕක කාගෙන් හරි

පිරවෙනවා. කලබල වෙන්න එපා. ඉවසීමෙන්

බලන් ඉන්න.

5) එහෙනම් නම් ඇයි ඔබ ඒ හිස් තැන

පුරවන්න නැවත ඒ වගෙ දෙයක් කරන්ෙනෙ

නැත්තෙ ?

මේ තියෙන හිස් තැන පුරවන්න තනි

පුද්ගලයෙකුට බැහැ. ඒක කරන්න ඕනෙ

විප්ලවවාදී පක්ෂයක් විසින්.

6) අද වන විට ඔබේ මතවාදය සමාජගත

කරන්න ඔබ භාවිතා කරමින් ඉන්නෙ මොන

වගෙ උපක්‍රමද ?

විශේෂ උත්සහයක් නම් ගන්නෙ නැහැ. පොත්

දෙක තුනක් ලියමින් ඉන්නවා. ඒත් ටාගට් කරල

තියෙන්නෙ මෙහෙ නෙමෙයි. යුරෝපය. තව

මගේ ඊලඟ චිත්‍රපටය කරන්න සැලසුම්

කරමින් ඉන්නවා.

තේමාව මරණය සහ තන්ත්‍ර”. ඒ අතරෙ

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට උදව් කරමින්

ඉන්නව.

7) අද ලංකාව තුල මතවාදීමය තාරුණ්‍යයක්

තියෙනවා කියල ඔබ විශ්වාස කරනවද ?

මම පෙරදි කිව්වනෙ ලංකාවෙ බහුතර

තරුණයො ගැන. ඒත් සුලු පිරිසක් හැමදාමත්

ඉන්නවා යම් යම් මතවාද දරා ගෙන. ඒක

හොඳයි. හැබැයි උනුත් විනෝද වෙනවා අඩුයි.

කරුමයකට කර ගහලයි ඉන්නෙ. පව්.

8) මතවාදයක් නැති සමාජයක ජීවත් වීම

ඛේදවාචකයක් කියල අපි කිව්වොත් ඔබට

කියන්න තියෙන්නෙ කුමක්ද ?

ඔබ කොහොමද කියන්නෙ මේ සමාජයට

මතවාදයක් නැහැ කියල. ඔය තියෙන්නෙ

සිංහල බෙෘද්ධ මතවාදය හරි අපුරුවට. ඒකෙන්

මේ වෙච්ච සන්තැසිය මදෑ.

9) ඔබ හිතන විදියට සමාජයකට මතවාදයක්

නැති වීමට හේතුව දේශපාලනික කාරණයක්ද ?

ලෝකයේ සියලු දේ දේශපාලනිකයි. ඒ ටික

නොදන්නා සියලු සත්වයෝ අනාථයි.

10)ඔබ සිනමා කරුවෙක් වෙන්න හිතුවෙ ඇයි ?

චිත්‍රපටයක් කරන්න ආසාව තිබුණෙ අවුරුදු දහ

අටේදි. ඒත් කරන්න ලැබුණෙ හතලිස් පහේදි.

මගේ සමකාලීන්ට නම් තාමත් බැරි වුණා. දැන්

මට හතලිස් අටයි. අසූවෙදි ලැබුණත් මම

චිත්‍රපටයක් කරනව. සිනමාව කියන්නෙ මිනිස්

සතා විසින් නිර්මාණය කරපු ලස්සණම දේවල්

වලින් එකක්.

11) ඔබේ සිනමා නිර්මාණය සැළකිය යුතු

ප්‍ර්‍රේ්ක්ෂක අවධානයකට ලක් නොවූයේ ඇයි

කියලද ඔබ හිතන්නෙ ?

මගේ පිට සක්වල කුමාරයයි පැංචො හතයි

චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානයට ලක් වුනේ

නැහැ කියල කියන්න ඔබට බැහැ. සියලු රාජ්‍ය

අනුග්‍රහය ලැබූ අබාචිත්‍රපටය සමඟ

තරඟකාරිව අපි දින හැත්තෑ පහක් දිව්වා. තව

අපි තමයි ඒකෙන් සිංහල සිනමා කර්මාන්තයට

අලුත් විදිහේ ප්‍රචාරක කලාවක් හඳුන්වා දුන්නෙ.

ඊට අමතරව විචාරක ප්‍රශංසාව ලැබුණා. මේ

වෙලාවෙ මම මගේ නිෂ්පාදක දුෂ්‍යන්ත

මහබදුගේ මහතා , ඒ අවස්ථාව පාදල දුන් දිනිඳු

සිරිවර්ධන මිත්‍රයා සහ එහි සියලු ශිල්පීන්

ආදරයෙන් සිහිපත් කරනව. අපේ වියදම ලක්ෂ

තුන්සිය පනහක් වුණ නිසා අපිට පාඩු උණා.

ඒත් තාක්ෂණ භාවිතය පැත්තෙන් අපි කොලිටි.

හැබැයි සම්භාව්‍ය මනසක් තියෙන ඔය උසස්

යැයි කියන සමහර රසිකයින්ට මේක ඇල්ලුවෙ

නැහැ. එයාල හිතුවෙ මම මේක කලේ එයාලට

කියලයි. මම මේක හැදුවෙ 10 න් පහල පොඩි

ලමයින්ට. අපේ රටේ එවුන් නිතරම පටලවා

ගන්නවනෙ. අනික මෙහෙ ලමා චිත්‍රපට

හදන්නෙ ලමයින්ට නෙමෙයි වැඩිහිටියන්ටනෙ.

මුං ඒවාට ඇබ්බැහි වෙලා. ඉතිං උන්ව සතුටු

කලේ නැත්නම් අම්ම මෝ නැතුව බනිනවා.

මගේ චිත්‍රපටය තමයි ලංකාවෙ පලමුවරට

වැඩිහිටියන් අකමැති වෙලා ලමයින් පමණක්

කැමති වුණ චිත්‍රපටය. ඒ කියන්නෙ සාර්ථකයි.

මට ඒ ඇති. හිතට දුක දුෂාට පාඩු උන එක

ගැනයි. මම ඒ ණය කවද හරි ඌට ගෙවනව.

12) මේ මොහොතේ ඔබ වර්තමාන සමාජය

දකින්නේ කොහොමද ?

ඔය සමාජයකියන එක මම ඒ තරම් ඇඟට

ගන්නෙ නැහැ. එතකොට මගෙ ආතල්

කැඩෙනව.

හැබැයි මම සමාජය වෙනස් කරන්න උත්සහ

කරන දේශපාලන පක්ෂ වලට උදව් කරනව. ඒ

වගෙම මම මගේ ලයිෆ් එකේ උපරිම ආතල්

එක විඳිමිනුයි ඉන්නෙ. ඒ කියන්නෙ

සංසාරයෙහි රස සහ දුක දෙකම උරා බීමයි.

ඔබට අවශ්‍ය වෙන්නෙ දේශපාලනික පිළිතුරක්

නම් මම මෙහෙම කියන්නම්.

ලංකාවෙ තියෙන්නෙ අන්ත පසුගාමී සමාජයක්.

ඒකෙන් ගැලවෙන්න නම් අපි වහාම

ගෝලීයකරණ ක්‍රියාවලිය සමඟ නියම විදියට

බද්ධ විය යුතුයි. නැවැත්විය නොහැකි ගෝලීය

යථාර්තයෙන් ගැලවිලා ජාතික රාජ්‍ය හදන්නට

යෑම විහිලුවක්. ඒක නිසා ගෝලීය ආර්ථිකය

සහ සංස්කෘතිය සමඟ පූර්ණව මුසු වීම තමයි

මේ මොහොතේ ලංකාවට ගැලවෙන්න තියෙන

එකම මඟ.

උදාහරණයක් විදියට ඔය විශ්ව විද්‍යාල

ගනිමුකො. ඒවයේ ඉන්න බහුතරයක්

ගුරුවරු සහ ශිෂ්‍යයයො අමුම අමු මැට්ටො. ඒ

නිසා වහාම ඔය ආණ්ඩුවේ විශ්ව විද්‍යාල

පද්දතිය පිටරට දියුණු විශ්ව විද්‍යාල වලට

විකුණා දැමිය යුතුයි. ආණ්ඩුවට පුලුවන් දුප්පත්

ළමයින්ට ඉගෙන ගන්න සහනාධාරයක් ලබා

දෙන්න. මධ්‍යම පංතිකයන්ට නම් නිකම්

ඉගැන්විය යුතු නැහැ. එයාලට ණයක් දිය යුතුයි

පස්සෙ කපා ගන්න.

ගෝලීය ධනවාදයේ බලවතා වන ඇමරිකාවට

කවුරු හරි විරුද්ධ නම් එයාලට කරන්න

තියෙන්නෙ අර ගඩාපි ලොක්ක වගෙ මරාගෙන

මැරෙන සටනක් දෙන එක. නිකම් මීඩියා

ඉස්සරහා යටි ගිරියෙන් බයිල ගැහුවට මෙලෝ

වැඩක් වෙන්නෙ නැහැ. දැන් ඔය ඇමරිකාවෙ

ජෙට් එකක් ඊයෙ පෙරේදා බලෙන් මෙහෙ

අහසෙ රවුම් ගැහුවලුණෙ. ඉතින් ඇමරිකන්

විරෝධී සටන්කාමීන් කල යුත්තෙ වෙඩි තියල

ඒ ජෙට් එක බිම දාන එක. ඒකයි නියම සටන.

එක්කො ගෝලීයකරණයට පක්ෂ වෙන්න ඕනෙ.

එහෙම නැත්නම් මරාගෙන මැරෙන සටනක්

දෙන්න ඕනෙ. අතරමැදි පතෝල විසඳුමක් මට

නම් පේන්නෙ නැහැ.

මතක තියා ගන්න. චීනය හෝ රුසියාව හෝ

ඉන්දියාව හෝ එක්සත් ජාතීන් හෝ තාම

තීරණය කරල නැහැ ඇමරිකාවට විරුද්ධ

වෙන්න. ඒක තමයි ගෝලීය වෙළඳපොල

යථාර්තය. මෙන්න මේ පසුබිම තුල තමයි මේ

සමාජය වෙනස් කරන්න ඕනෙ කොහොමද

කියන කාරණය අපි සලකා බැලිය යුත්තෙ.

ඔබට ස්තූතියි.

සිරිමල් විජෙසිංහ රන්දිව පවත් පත සමග පැවැත්වූ සාකච්ඡාවකි

This post was written by:

News Editor - who has written 1700 posts on 3mana | Online news magazine.


Contact the author

2 Responses to ““සමාජය” මම ඒ තරම් ඇඟට ගන්නෙ නැහැ. සිරිමල් විජේසිංහ”

  1. Sudharaka says:

    “ලංකාවෙ තියෙන්නෙ අන්ත පසුගාමී සමාජයක්.ඒකෙන් ගැලවෙන්න නම් අපි වහාම ගෝලීයකරණ ක්‍රියාවලිය සමඟ නියම විදියට බද්ධ විය යුතුයි. නැවැත්විය නොහැකි ගෝලීය යථාර්තයෙන් ගැලවිලා ජාතික රාජ්‍ය හදන්නට යෑම විහිලුවක්”

    පාරාදීසය හා මාතොට යනු එවකට උ.පෙ. අවසන්කර සමාජයට නන්නත්තාර ලෙස පා තැබූ මාද ඉතා ආස්වාදයෙන් කියවූ සගරාවක්. දීප්ති මැදිහත්වී 2004 සුනාමිය ල0කාවට එනකන් ක්‍රයාත්මකවූ පැරනි X කන්ඩායම දිහා මාත් ඉතා ආස්වාදයෙන් බලාන හිටියා. එදා තරුනයකු ලෙස මා හදාරපු දීපිතිලාගේ මැදිහත් වීමෙන් සමාජයට දුන් දැනුම ගැන මා තුල කෘතවේදීත්වයක් තියෙනවා තාමත්. නමුත් අද මට ඒ දැනුම ගැන යම් විවේචන තිබෙනවා. මම ඒව ලියන්නෑ. උබලා පවා පොත්, ලිපි, මගින් ඒ සම්බන්දව ස්වය0 විවේචනයක යෙදුන බව මම දන්නවා. අද මා ඉන්නේ ජාතිකත්ව මතවාදයකයි. නමුත් උබලගේ ඒ එදා කරපු සමාජ මැදිහත් වීම මම කිච කරන්නෑ. ඒ දැනුමට අදත් මම ගවුරව කරනවා. විශේසයෙන් දීප්ති වගේ කෙනෙකුගේ අව0කභාවය හා කැපවීම ඉතා සුවිශේසයි. ඔහු උදාර අරමුනු තිබෙන කෙනෙක් බව මා පුද්ගලිකව නොවුනත් ඔහුගේ අරගලය දෙස බලා සිටින කෙනෙක් ලෙස දන්නවා. ඔහු වටා අද ඉතිරිවී සිටින පිරිස අව0ක මින්සුන් බවයි මට හැගෙන්නේ. නමුත් උබලාගේ දේශපාලනය සම්බන්දව මට විවේචන තිබෙනවා. නමුත් උබලගේ සමාජ මැදිහත්වීම මම බැහැර කරන්නෑ. උබලගේ දේශපාලනය සමාජ යහපැවැත්මට ඉතා වැදගත්. සියල්ල දෙස ආපසු හැරී බැලීමෙන් හා අද මාගේ ජාතිකත්ව දැක්ම අනුව මට උබලට කරන්ඩ ප්‍රදානම විවේචනයක් තියෙනවා. උබලගේ දේශපාලනයේ පැවැත්ම තීරනය කරන්නෙත් එයම බවයි මටනම් හැගෙන්නේ. උබලා තාමත් ඇයි සි0හල ජාතිකත්වයට මාරන්තිකව පහර ගහන්නේ. මට හැගී ගිය පරිදි යුරෝපය පවා නැවත ජාතිකත්වයන් සොයා යන ගමනක් තියෙන්නේ. බහු ස0ස්කෘතිය යුරෝපයේ අසමත් යැයි මුලින්ම කිවුවේ ඇන්ජලා මර්කර්. ගෝලීයකරනයේ මායාව අද මුලු ලෝකෙටම දැනිලා. ඇමරිකාව ප්‍රමුඛ මුලු යුරෝපයම අද ඉන්නේ ආර්ථ්ක අර්බුදය නැමැති මහා ආගාදයක මුව විට. බටහිර සමාජ, ආර්ථික, ස0ස්කෘතික හා දේශපාලන මේ සියලු දේ අර්බුදයට යන අතර බටහිර මිනිස් ජීවිතය පවා මානසික රෝගියෙක් වන තරමට ඉතා ඛේදනීය ඉරනමකට ගොදුරු වෙලා තියෙන්නේ. උබල මේ ගැන දැනුවත් බව මම දන්නවා. මට ප්‍රශ්නේ උබලගේ විකල්පය ඒ කියන්නේ සමාජවාදය මේකට පිලිතුරක් වන්නේ කොහොමද? මගේ දැක්ම හරිනම් තව අවුරුදු 500 තුල මුලු ලෝකයම ඉස්ලාම්කරනය වෙනවා. අද පවා ලෝක ජනගහනයෙන් 22% මුස්ලිම්. අද යුරෝපයට ඇති ප්‍රබලම තර්ජනය මුස්ලිම් වියාප්තවාදයයි. සුදු මින්සුන් යුරෝපයෙන් වදවී යන තරමට ඔවුන්ගේ උපත් අනුපාතය සිග්‍රයෙන් පහල බහිමින් යනවා. යුරෝපයේ උපත් අනුපාතය රදා පවතින්නේ මුස්ලිම් හා ස0ක්‍රමනික ප්‍රජාව නිසා. මේ හේතුවෙන් තව අවු 100+ අතුලත මෙම යුරෝපීය රටවල් මුස්ලිම්කරනය වෙන බවනම් සිකුරුයි. මේ සමග පහලින් ඇති ලින්ක්ස් බලන්ඩ. අර්බුදයේ තරම ඔබලාට උව වැටහෙයි. ල0කාවට අදාලවත් මේ ඉරනම අනිවාර්ය බවයි මටනම් පේන්නේ. උබලගේ හැදෑරීම් වලට මේවත් අහුවෙනවානම් මම කැමති. මම සි0හල ජාතිකත්වය (ජාතිවාදය නෙමේ) වෙනුවෙන් පෙනී හිටිනවා. උබලාගේ අව0ක සමාජ මැදිහත්වීම මම සිහිනෙන්වත් කිච කරන්නෑ. එක් යුගයක මගේ ජීවිතයේ පාර (හරි හෝ වැරදි ) කියාදුන්න දුයිශෙන්ලා උබලයි. ඇවිදගෙන ආ ඒ මාවත අදත් මට මහත්වූ ආශ්වාදයක්. ඒ මග මතකයෙන් අයින් කරන්ඩ තරම් මම නරුම මිනිසෙක් නොවෙමි. විශේසයෙන් දීප්ති වගේ පුද්ගලයෙක් කෙරේ විශාල ගවුරවයක් සමග මුසුවූ ආදරයක් මා තුල හැමදාම තිබෙනවා. උබලා මොනවා කරත් ඒ දිහා උපේක්ශාවෙන් මම හැමදාමත් බලන් ඉන්නවා. උබලගේ සමාජ මැදිහත්වීම ඉතා අත්‍යාවශ්‍ය යුගයක් මේක. ඒත් පවතින තත්වයන් තුල එයට සීමාකම් තිබෙන බව මම දන්නවා. උබලට ජය පතමි.
    http://www.youtube.com/watch?v=6VnUH_CPulc&feature=related
    http://www.youtube.com/watch?src_vid=6VnUH_CPulc&v=FX1YdIkT1os&annotation_id=annotation_683836&feature=iv
    http://www.youtube.com/watch?v=CfH_VmP1-fU&feature=related

    • Duminda says:

      මුස්ලිම් කාරයන් හාවුන් මෙන් ගුණනය වීම ගැන?
      උ : බය වෙන්න එපා. මුස්ලිම් කාරයෙක් අතින් මැරෙන්න තියෙන චාන්ස් එක අඩුයි.

      ලෝක ජනගහන වර්ධන වේගය පවතින මට්ටමම දිගට පැවතියහොත් තව වසර 750කින් පමණ ගොඩබිම සෑම වර්ග මීටරයකටම එක් මිනිසෙකු බැගින් සිටිනු ඇත. (http://www.youtube.com/watch?v=F-QA2rkpBSY&feature=list_related&playnext=1&list=SP6A1FD147A45EF50D)

      ලාභ බොර තෙල් දැනටමත් ඉවර වී ඇති නිසා (මැද පෙරදිග මාර කේස් මොකද දන්නෙ නෑ නේද?) කොහොමත් අපි අවුරුදු 100+ හිතන්න කලින් අවුරුදු 10, 20 ගැන හිතන්න ඕන. දියුනු රටවල් විකල්ප බලශක්ති ක්‍රම ගැන වද වෙනකොට අපි මුස්ලිම්කාරයා ගැන බය වෙන්නෙ අපේ බලශක්ති අවශ්‍යතා කල්ප ගානක් යනකන් පිරිමැසී ඇති නිසාද? (Use google : Peak oil)

      හරිතාගාර ආචරණය ගැන මතකද?

      Paranoid වෙන්න ඔනෙමනම් මේවා ගැන paranoid වෙන්න. මොක උනත් ලොකු දෙයක් වෙන්න යන්නෙ. ගැටලුව අපි මොකද කරන්නෙ කියන එකයි.

Trackbacks/Pingbacks


advert

FB LIKE For Sharing NEWS

3MANA Podcast Player

News Archives