යුරෝපය පුරා සිංහල-බෞද්ධ අවතාරයක් දුවපැන ඇවිදියි. යුරෝපයේ සිංහල පීඩිතයා කන් අමෝරාගෙන එයට සවන් දෙති. දේශකයා කුමාර් මහත්තයා ය. ඔහු දිගට හරහට මාක්ස්වාදයට අනුකූලව දේශනා කරයි.

නමුත් ඔහුගේ ගෝලයන් ලංකාවේ කරන්නේ අම්බ තක්කඩි වැඩය. තමන් ජ.වි.පෙ උරුමයෙන් කැඩී ඇතැයි දෙසන ඔවුන් තමන් තවමත් කල්ලිවාදීන් බව පුන පුනා අපට පෙන්වා දෙයි. මේ තක්කඩි වැඩ වලට ප්‍රසිද්ධියක් දෙන්නේ කුමාර් මහත්තයාගේ දේශීය සමීප සඟයා වන පුබුදු ජයගොඩ ය. මේ පුද්ගලයා, මෑතකදී ස්ත්‍රීන්ට ප්‍රසිද්ධියේ අඩන්තේට්ටම් කළ, සමාජ ව්‍යපාර වැඩ වලට එවූ මුදල් ගසා කෑ පුද්ගලයෙකු සමග එකට නිදි වැදීමට තරම් නිර්ලජජී විය.

මේ මෑතකදී ‛සිංදු කියන නීතිඥයෝ’ සංගමය මගින් පැවැත්වූ කපුගේ පිළිබඳ සංවාදයේ දී මාක්ස්වාදයට හදවතක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණු ලැබූවේ රත්න ශ්‍රී විජෙසිංහ නම් ජාතිවාදි තක්කඩියා ය. මේ මැට්ටා ඇතුලු බේබද්දන් කිහිපදෙනෙකුට මාක්ස්වාදයට කෝචෝක් දමන්නට ඉඩ ලබා දෙන්නේ කුමාර් මහත්තයාගේ මාක්ස්වාදී තක්කඩි නීතිඥයන් ය. එක් ඇල්ටෝ නීතිඥයෙක් තම පෙම්වතියට පොරොන්දු වී ඇත්තේ තව අවුරුදු පහකින් ටොයෝටා ඇලියෝන් කාර් එකක් ගත හැකි මටිටමට සංවර්ධනය වන බවයි. ඒ අනුව පෙරටුගාමි සමාජවාදීන්ගේ ඔලුව කරන වැඩේ වලිගය දන්නේ නැත. එහෙමත් නැත්තම් මේ අය දේශපාලනිකව කපෝති වීමට ආසන්නය.

ඔබේ අදහස කියන්න...