මේ වන විට ඉතා පැහැදිළි ලෙස පෙනෙන පරිදි X දේශපාලනය යනු ගැමි බයියන්, යක්කල පැත්තේ ගොරකයන් විසින් අර්ථකතනය කළ දේශපාලනය නොවේ.
දැන් අපි X දේශපාලනය නිර්වචනය කරමු.
එහි මුල්ගල් තුනක් ඇත.
(1). සංඥාව විවේචනය කර දෙය (Thing) මරා කතිකාවෙන් සංවිධාන බලරටා සංවිධානය වන බව වටහා ගැනීම. මෙහිදී ‘ භාවිතාව’ (Practice) පවා තීරණය වන්නේ කතිකාවෙනි. එයට ශුද්ධ වූ නීතියක් හෝ ස්වභාවයක් නැත. එක්තරා ගොරකයකු ‘භාවිතාව’ ගැන ශුද්ධ වූ න්‍යායක් සහ ප‍්‍රායෝගිකත්වය ‘දෙයක්’ බවට වටහාගෙන, ඒ නයින් “ව්‍යාභිචාරී සාරයක්”[Incest is, in essence, having sex with your family members] තනන්නට ගොස් පස්ස නැති කරගෙන ඇත.
(2). ප‍්‍රපංචය විවේචනය කර නිශ්ප‍්‍රපංචයේ බලරටාවන්, එනම් නිශේධනයේ බලය මගින් සමාජය සංවිධානය වන බව වටහා ගැනීම.

(3). විමර්ශකයක් වෙනුවට එතැන ඇත්තේ වසගයක් බව වටහා ගැනීම.
ඉහත සාධක තුන ගැන ලද අවබෝධය නොමැතිව X දේශපාලනය කිසිවෙකුට අභිබවනය කළ නොහැක. අද දවසේ අදහස් ගැන මළබද්ධය සෑදී ඇත්තේ කාටද ?
සැළකිය යුතුය – X කණ්ඩායමට සිටින්නේ සාමාජිකයන් දෙදෙනෙකි. එයින් එක් අයෙකු මියගොස්ය. අනෙකා තවම ඉපදී නැත.

ඔබේ අදහස කියන්න...