X සුසමාදර්ශයෙන් ඉවත් වීම සහ අනාගත අප ව්‍යාපාරය

80 දශකයේ ඉංග්‍රීසි ජාතික රොක් සංගීතඥයකු වූ රොබට් වයිට්, ඒ යුගයේ එංගලන්තයේ පැවති ආකර කම්කරුවන්ගේ වෘත්තීය අරගලයට සහයක් වශයෙන් පහත ගීතය ඉදිරිපත් කළේය.

          “ඔවුන් කියනවා කම්කරු පන්තිය ඉවරයි කියලා;  දැන් අපි හැමෝම පාරිභෝජකයන්.

           ඔවුන් කියනවා අපි මේ ඉදිරියට ගමන් කරනවා කියලා; දැන් අපි හැමෝම ‘මහජනයා’ වෙලා.

           ඔවුන් කියනවා අපගේ ව්‍යාපාරයට, උදව්වට අලුත් අලුත් ප්‍රතිරූප අවශ්‍යයි කියලා.

           ඔවුන් කියනවා අපගේ ජීවිතය අපි හිතනවාට වඩා පුළුල් කියලා; සමහර විට අප නොදන්නා තරමට” 

 

                    මාර්තු 19 වනදා අපි සංවිධානයක් හැටියට ‘සමබිම’ නමින් අලුත් දේශපාලන පක්ෂයක් සංවිධානය කරනු ලැබූ බව දැන් බහුතර දෙනා දන්නවා. දළ වශයෙන්, වසර 20ක් පමණ අපි ලංකාව තුළ උපරි-ව්‍යුහයට අදාළව පශ්චාත්-ව්‍යුහවාදී දේශපාලනයක් කරා. එය ධනවාදයේ උපරි-ව්‍යුහයට අදාළ වූ සංස්කෘතික දේශපාලනයකි.

                   දැන් ඉහත කී යුගය අවසන් වෙලා තියෙනවා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් සංස්කරණය කළ ‘ලංකාවේ නව-ප්‍රතිජාතිකවාදී චින්තනයේ දස වසක්’ නම් කෘතිය මගින් හැඟවෙන්නේ ද න්‍යායික වශයෙන් අප කළ කාර්යය අවසන් බවයි. අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ට එම කෘතිය කියවන්න යැයි අපි ආරාධනා කරන්නෙමු. අප අතර ඇති ප්‍රවේණිගත රණ්ඩුව එසේම තිබිය දී (ප්‍රතිවිරෝධයන් සත්‍යයට මඟ පෙන්වයි) බුද්ධිමය ක්‍රියාවන් සිදු කිරීම ධනාත්මක ය. අපගේ පැත්තෙන් කෘතියට අදාළ විචාරය ඉදිරියේ දී පළ වෙයි. මහන්සි වී කෙනෙක් කරන වැඩ අප කිසි විටෙක joke කරන්නේ නැත. අපගේ රණ්ඩුව මැදට පනින ඥාතීන් නොවන අයට අබ සරණ පැතීමට වන කාලය ඈත නැත.

                    2022 වර්ෂය මුල වන විට, ‘දිදුලන මාවත’ නමින් හෝ වෙනත් නමකින් බහුජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප අදහස් කරන අතර පසුගිය වසර 20 තුළ අපගෙන් ඉවත් වූ බහුතරයට තමන් කැමති නම් ඊට එකතු වීමට හැකි ය.

                    මින් ඉදිරියට ‘සමබිම’ පක්ෂය සටන් කරන්නේ, සංස්කෘතිය, කලාව සහ පුළුල්ව උපරි-ව්‍යූහයේ ගැටලු අරභයා නොවේ. පසුගිය වසර 2ක් පුරා අප පක්ෂයේ ක්‍රියාකාරීකයන් වැඩ කළේ, ගැමියන් සමඟ ගොවි බිම් ආශ්‍රිතව ය. ස්ලාවෝජ් ජිජැක් ඇතුළුව අප කතා කළ බොහෝ චින්තකයන් පිළිබඳව තවත් අය කතා කරන නිසා ඒ වැඩ අප ඒ අයටම පවරන්නට අදහස් කරන ලදී.

                      ලංකාවේ නූතනවාදී සමාජ ආයතන මේ වන විට, ධනවාදයේ මූලය වන ප්‍රාග්ධනය නිසා පිරිහෙමින් පවතියි. අප දැන් අධ්‍යයනය කරන්නේ, මේ ක්ෂේත්‍රය යි. ‘නිදන්ගත දරිද්‍රතාවය’ පිළිබඳව නව-දේශපාලන-ආර්ථික අදහස් පක්ෂයේ විවිධ ක්‍රියාකාරිකයන් හදාරමින් සිටිති. අපට ඉලක්ක දෙකක් පැවතිණි.

1.සංවිධානය එක්රැස් කළ පොදු සමාජ දැනුම ඊළඟ පරම්පරාවට දීම – මේ කර්තවය පූර්ණ වෙමින් පවතින අතර අලුත් පරම්පරාව ක්‍රම ක්‍රමයෙන් පක්ෂයට ආදේශ වෙමින් පවතියි.

2.මගේ ජීවිත කාලය තුළ පක්ෂයට බලය ලබාගත හැකි ද යන්න උර ගෑම – මෙය සාර්ථක ව්‍යාපෘතියක් ද කියා අපි නොදනිමු.  19 වන දා පැවති ප්‍රචාරණ වැඩසටහන ඔවුන් ලද ජයග්‍රහණයකි. ඊළඟ වැඩසටහන වන්නේ, ආර්ථික වැඩපිළිවෙලයි. මෙම ව්‍යාපෘතියට සහාය ලබා ගැනීම උදෙසා ඉදිරියේ දී ගම් මට්ටමින් ක්‍රියාත්මක වීමට අදහස් කරනු ලැබේ.

 

                     අපගේ සංවිධාන ඉතිහාසය තුළ ලංකාවේ මූලධාර්මික වමට එරෙහිව අපි වෙනත් වැඩ ශෛලියක් හඳුන්වා දුන්නෙමු. 1997 දී, යුක්තිය, රාවය, විභවි වැනි සංස්කෘතික දේශපාලනය පාලනය කළ ආයතගත ව්‍යුහය පරාජය කරන ලද්දේ, ‘මාතොට’ හරහා ය. අප ‘මාතොට’ වෙතට නොගියේ නම් අදටත් අධිපති විකල්ප බල රටාව වනුයේ, යුක්තිය, රාවය සහ විභවිය යි. අප එය බිඳ දැම්මේ, මංගල සමරවීර හරහා නොව රුවන් ෆර්දිනන්ඩ් හරහා ය. රුවන්ට යා යුතු ගෞරවය මංගලට දෙන්නේ අමු තක්කඩියන් ය. එපරිදිම, අපි ‘මව්බිම’, ‘සත්හඬ’, ‘රශ්මිය’ වැනි ව්‍යාපෘති හරහා ද වර්ධනය කර ගත්තේ, අපේ උරුමය යි. ලංකාවේ කාලකණ්නි වම්මුන්ගේ තියරියට අනුව මේවා අපගමනයන් ය. මුන් අවුරුදු 70 ක් ඇදට ඇවිද මුළු රටම ජාතිවාදයෙන් නාවා අපට හරියට ඇවිදින හැටි කියා දීමට යයි. අපට කියන්නට ඇත්තේ, මහත්වරුනී, ඒ ඔබගේ සම්ප්‍රදායයි. මේ සම්ප්‍රදාය අපගේ නිර්මාණයකි. ඔබලාට මෛත්‍රීපාල ගඳ ගසන තරම් අපට වාසුවත් ගඳ ගසයි. එබැවින්, වමේ කුහකයන්ගේ කුණු ගඳ ගසන අතීතය අපගේ මුහුණු වල තවරන්න එපා යනුවෙන් අපි පවසන්නෙමු. ලංකාවේ පැරණි වම්මු යනු, සිංහල ජාතිවාදීන්ටත් වඩා කුහක, වනචර, ගෝත්‍රික ජන කණ්ඩායමකි. තැන තැන කේලාම්, ප්‍රලාප දොඩවමින් යන මේ තක්කඩියන් ස්ත්‍රී ශරීර ඉදිරිපිට බුද්ධ රූප ඉදිරිපිට මෙන් දණ ගසයි. 

                       ඉදිරියේදී, අපගේ පක්ෂය ගමන් කරන්නේ, අපටම ආවේණික න්‍යායික ඉදිරි දර්ශනයක් සහිතව ය. ඒ පිළිබඳව වෙනත් අයගේ භෞතීෂ්ම කිරීම් අපට අදාළ නැත. නමුත් අප වැඩ කරන්නේ, සාරවත්‍රික රාමුවක් ඇතුළත ය. ‘බලය’ ලබා ගැනීම පිළිබඳ අපටම ආවේණික දහමක් අපට ඇත. ගිය තැන මුල් අල්ලන්නේ නැතිව නැවත පක්ෂ මූලස්ථානයට අපි යළි එන්නෙමු.

                         සමහරු මංගල ළඟ නතර විය. සමහරු රුවන් ෆර්ඩිනන්ස් ළඟ නතර විය. සමහර වීරයන් ජයන්ති ළඟ නතර වී ඇත. සමහරු චතුරිකා ළඟ නතර විය. සමහරු කලිසම ගලවාගෙන රනිල්  ලඟ නතර විය. සමහරු ප්‍රභා මනුරත්න ළග නහයෙන් අඩා නතර විය. නමුත් අපි මුහුද හමුවන තුරු ගඟක් මෙන් දිගටම ගලන්නේමු.

                       පරිසර ගැටලු, ස්ත්‍රී ගැටලු වැනි අනන්‍යතා දේශපාලනයට අප විරුද්ධ නො වූවත් අපි ඊට එකඟ නොවන්නෙමු. අපගේ අරගලය යොමු වී ඇත්තේ, පවතින ධනවාදයට එරෙහිව ය. එය ජාතිවාදයට එරෙහිව ආරම්භ වූවක් නොවේ. මන්දයත්, 90 දශකය තුළ දී ජාතිවාදය රාජ්‍ය මතවාදය නොවූ නිසා ය. එය රාජ්‍ය මතවාදී උපකරණ තුළට ඇතුල් කළේ, ජනතා විමුක්ති පෙරමුණයි.

                       Jet Man මෙන් අපි ද ‘මහා සම්මතය’ සමඟ සමාන්තරව ගමන් කොට නිශ්චිත ස්ථානයේ දී ඉන් ඉවත් වන්නෙමු. මංගලලාගේ මූලයන් දොඩවන්නේ, ‘මහා සම්මතයේ’ බද්ද දෘෂ්ටියට -Gaze- රුචි අයවලුන්ය.

Party.

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

සමබිම පක්ෂය

https://forms.gle/ZaiXTA8T54xh6f2RA

 

 

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. අරයට දැන් මුකුත් නොකියා ඉමු. එයා පණිවුඩයක් එවලා එයාට වුණේ “ලොකු අත්වැරදීමක්” කියලා. පක්ෂෙ මංගල කතාවෙදි ගෑනියෙක්ගෙ නමක් දෙතුන්වරක් කියමින් අපහාස කිරීම… “ලොකු අත්වැරදීමක්” ලු.

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    වරහන් ඇතුළේ “කාගෙ දරුවෙක්දයිසේ මේ???”

Comments are closed.