අනූව දසකය අඟ වෙනකම් ළමයින්ගේ පොදු අත් දැකිමක් තමයි හවසට ක්‍රීඩා කීරිම නැතිනම් සෙල්ලම් කිරීම. අසල් වැසි ළමුන් ගමේ පොදු ඉඩමකට, පොදු ක්‍රිඩා පිටියකට එකතුවී දෙපිලකට බෙදි ක්‍රීඩා කරයි. මෙහිදි මොවුන් සාදරනව දෙපිලකට බෙදීම සඳහා ආකෘතියක් භාවිතා කරයි. ඒ තමයි කණ්ඩායම් දෙක තෙරීම සඳහා නායකයන් දෙන්නෙක් මුලින්ම තොරා ගනු ලබයි. පසුව කණ්ඩායම ජොඩු වශයෙන් වෙන්වී අනුවර්ත නාමයන් සමඟ (උදා: ගහද මලද, සිංහයද , කොටියද ) ඉහත කී නායකයන්ට තොරා ගැනීමට ඉඩ හරියි. එක් නායකයෙක් මල ඉල්ලා සිටිය හොතොත් ඔහුට මල වශයෙන් නම් කරගත් කෙනා ලෙබෙයි. ප්‍රතිවාදියාට ගහ ලෙස නම් කරගත් කෙනා තම කණ්ඩායමට ලැබෙයි. මෙහිදි මේ ළමුන් අතර පොදු සම්මුතියක් ඇත, ඒ කන්ඩායම් දෙක සම බර වීම සඳාහා ජොඩු වශයෙන් වෙන්වීමේදී සමාන හැකියා සහ දක්ෂතා ඇති අයවලුන් ගෙන් හැම ජොඩුවක්ම සමන්විත වෙයි.


වර්ථමානයේදී එවන් ළමා පරපුරක් දැකිය නොහැක, ඔවුන්ට ඒ සඳහා විවෙක කාලයක්ද නොමැත. දැන් ළමුන් ලැබෙන විවේකයද කොම්පියුටර් ගේම් සඳහා යොදාගනියි.


ඉහත කී ආකෘතිය; වර්තමානයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ආකෘතිය වී ඇත. මෙරට දේශපාලන පක්ෂ, දේශපාලකයන්, සිවිල් සමාජය, වියතුන්, සමතුන් සහ චන්ඩින් වසර පහෙන් පහට මැතිවරණ ඉලක්කකර දේපිලකට බෙදෙයි.


මුලින්ම රටේ ප්‍රධාන මාධ්‍ය ප්‍රතිවාදී දෙදෙනෙක් නායකයන් දෙදෙනෙකු සඳහා නම් දෙකක් ඉදිරිපත් කරයි. පසුව සෙසු පිරිස ජොඩු වශයෙන් වෙන්වී ඔවුන්ට තොරා ගැනීමට ඉඩ හරියි. මෙම ජොඩු යොදාගන්න අනුවර්ත නාම වන්නේ පොඩි ළමයින්ගේ මෙන් ගහද, මලද නොවෙයි. ඒ වෙනුවට මෙම දේශපාලන අයියලා යොදාගන්නේ විමල්ද බදූර්දීන්ද, විග්නෙශ්වරන්ද චම්පිකද, චිනයද ඉන්දියාවද, වැනි නම්ය.


ශ්‍රී ලංකාව තුළ; ගැඹූරු මතවාදයක්, අධ්‍යනයක්, දීර්ග කාලයක් දරපු ව්‍යාපාරයක් මඟින් දේශපාලන පක්ෂ බිහිවී නොමැත. එනම් බලය හුවමාරු කරගැනීමට පක්ෂ අටවා ගෙන ඇත. නැතිනම් මුදලාලිත් එක්ක තරහවෙන ගෝලයා කඩයක් දාගන්නවා වගේ දේශපාලන පක්ෂ බිහිවෙයි.
මෙවනි පක්ෂ අඹ කාලෙට අඹ විකුනනවා, දොඩම් කාලෙට දොඩම් විකුනනවා වගේ කාලෙන් කාලෙට කටුසු ව්‍යාපාර අටවා ගනියි. එවැනි ව්‍යාපාර ඔනෑ තරම් ඇත.


කැගල්ලේ ධම්මික බණ්ඩාරට කාලී අම්මා ආරූඩ වෙනවා වගේ මේ දිනවල ”නෙළුම් මාවතට” එන ඕනම කෙනෙකුට බැසිල් ආරූඩ වෙයි, ඇතැම් විට ටයි කොට් දාගත් නිතීඥයෙක් හෝ මාහාචාර්ය වරයෙක් , තවත් විටකදි ජාතික ඇදුම ඇදගත් නවක හෝ පැරනි මන්ත්‍රී වරයෙක් විය හැකියි. කවරෙකුට බැසිල් ආරූඩ වුවත් ඔහු මාධ්‍ය සාකච්චාවක් පවත්වයි, විමල්ගෙන් ගේම ඉල්ලයි.
කෙනෙකු බලා සිටි නම් බැසිල් විසින් විමල් ඉවරකරනකම් හෝ විමල් විසින් බැසිල් ඉවරකරනකම්, එවැනි කිසිවක් නොවනු ඇත. ඔවුන් විසින් ඔවුන්ව පවත්වා ගැනිමක් පමණක් සිදුවෙයි. සිදුවන ක්‍රියාවලිය ගැන බැසිල් මෙන්ම විමල් ද සවින්ඥානිකයි, එනම් මෙය බොරු රඟපෑමක් යන සරල අදහස නොවෙයි.


2025 සඳහා දෙපිල බෙදාගනිමින් සිටියි, විපක්ෂයට කිසිවක් ඉතිරි නොකර ආණ්ඩුව තුළින්ම බෙදිම සලකුනු කරමින් සිටියි.


බැසිල් දකින පාර; ජාතිවාදී, දෙමල් මුස්ලිම් සහ ඉන්දියානු විරොධය විමල් මත පටවා ජාතික සමඟිය, සංවර්ධනය් වැනි තේමවක් සමඟ තම පිල ශක්තිමත් කරගැනීම. එමගින් ඉන්දියාවේ සහයෝගයෙන් ඇමරිකවෙන් ඇතිවිය හැකි මානව හිමිකම් ගැටළුවට මුහුණ දීම.


විමල් දකින පාර; 2005 දී ජවිපේ විසින් මහින්දට අන්දපු සිංහල බෞද්ධ ඇදුම් වල මීලඟ උරුමක්කාරයා වීම සහ චින හිතවාදියා වීමයි.
ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා චිනයේ ආර්තික සහය මෙන්ම ඉන්දියාවේ දේශපාලන සහය අවශ්‍යයි. එම නිසා මෙම දෙපාර්ශවය දැන්ම වෙන්වන්නේ නැත.
ජනාධිපතිවරයාගේ කාර්යය, ප්‍රාදේශීය සම්බන්දීකරන කමිටු සභාපතිවරයෙකුගේ කාර්යයට සීමා වී ඇත. ( 20 සහිතව ) ඔහු ගම සමඟ පිලිසරනක් පතයි.


ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ විපක්ෂ නායකයාට තමන් ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂයේද යන්න මාරූවී ඇත. ඔහු ගමින් ගමට යමින් නිලධාරින්ට පාට් දමමින් ප්‍රශ්න විසදමින් යයි.


ජවිපේ මෙන්ම කුමාර ගුණරත්න පාර්ශවය මේ මොහොතේ සමාජ දේශපාලනයික වශයෙන් වැදගත් මාර්තුකාවලින් බැහරවෙමින් පරිසර ප්‍රශ්න වැනි සුවිශේශයන් වෙනුවෙන් පෙනි සිටින තත්වයට මාරුවී ඇත.
”භාරතීය ජනතා පක්ෂය” ලංකාවේ පිහිටුවීම යන්න ඉන්දීයාවෙන් මවන බොරු බිල්ලෙක් පමණයි. නැත්නම් එය ඉන්දියාවෙන් බැසිල්ට හයක් ගහන්න දාන බොලයක් පමණයි. එමගින් පුබුදු ජාගොඩට පොඩි කොන්ත්‍රතුවක් ලබාගැනීමට අවස්ථාවක් (ඉන්දියානු විරොදය රටවටා ගෙනය්මාට ) ලැබෙයි.
ශ්‍රී ලංකාවේ පවතින අක්‍රිය දේශපාලනය තුළ බැසිල් විසින් ඉලඟ දසකය සඳහා පිල් දෙක සලකුනු කරමින් සිටියි. චම්පිකල කැමති වුනත නැති වුනත් ඔවුන් විමල් පිලට වැටිමට නියමිතයි.


මේ මොහොතේ දේශපාලන පක්ෂ නැත. ඇත්තේ පුද්ගල වාද සහ පුද්ගලයන් පමණයි.
පවතින ක්‍රමයට විරුද වීමද පවතින ක්‍රම්යේම කොටසක්, එහි ගැබුර “උනුත් එකයි මුනුත් එකයි ” තේමාවට වඩා විප්ලවීය්යි. පවතින ක්‍රමයට විරුද්ද වීමට වඩා පවතින ක්‍රමය විචාරය කිරීම වැදගත්.
විවිධ හැල හැප්පිම්, පාවාදීම මැද X ව්‍යාපාරය මේ රටේ දසක තුනක ගමනක් පැමිණ ඇත. එය දීපතිගේ න්‍යායික හැදෑරිම වලින් සහ පර්යේශණ වලින් ඉතිහාසයේ කවරදාකටත් වඩා ශක්තිමත් වී ඇත. අපි අපගේ ඉලඟ කාර්යය ඉටුකිරීමට සූදානම්. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලනයට, සක්‍රීය දේශපාලනය හඳුවා දීම.
( ලැබ් එකේ වැඩ අවසානයි; එය දසක තුනක දීර්ඟ වැඩක්.)

AP

++++++++++++++++++++++++++++++++++++++++++++

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...