අපි හේගල්ගේ විහිළුවක් හේගල්ටම ආදේශ කරමු. ඔහු කීවේ, ඉතිහාසයේ කිසියම් සිදුවීමක් ශෝකයක් ලෙසත් දෙවන වර හාස්‍යයක් ලෙසත් ඉදිරිපත් වන බවයි. 2012 වර්ෂයේ දී 2004 වර්ෂයේ සිදු වූ සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස හේගල් පළමුව ඇති විය. එය, දෙවන වර සිදු වූයේ 2025 දී විශ්ව විද්‍යාල කතිකාවේ හාස්‍යයක් ලෙසිනි.

 

රොහාන් පෙරේරා නම් සංකල්පයට ද සිදුවී ඇත්තේ හේගලට සිදු වූ දෙයම ය. රොහාන් පෙරේරා ලංකාවේ ඉතිහාසයට මැදිහත්වීම යථකි. මනෝවිශ්ලේෂණ භාෂාවෙන් කියනවා නම්, ක්ෂතිමය සිදුවීමකි (Traumatic Event). එම සිදුවීම ක්ෂතිමය එකක් ලෙස හඳුනාගන්නා විට දී අපට අතීතය වර්තමානයට සම්බන්ධ වන ආකාර තුනක් හඳුනාගත හැකි ය.

 

  1. දීප්ති හමුවීමට පෙර රොහාන්.

  2. දීප්ති සමඟ රොහාන්.

  3. දීප්තිට පසුව රොහාන් .

 

1985 වැනි දේශපාලනිකව කලබලකාරී සමයක රොහාන්ගේ මැදිහත්වීම සිදු විය. එම මැදිහත්වීම සුවිශේෂයන්ගේ ආරම්භය සලකුණු කරන ලදී. කම්කරුවා, ශ්‍රමය, පන්ති අරගලය, පන්තිය, අධිරාජ්‍යවාදය වැනි වචන සහ සංකල්ප වෙනුවට ස්ත්‍රිය, පරිසරය, සාමය, සුළු ජාතීන්, සමලිංගික ආශාව, කතිකාව, විසංයෝජනය (පන්ති අරගලය වෙනුවට), බලය (Power), විශ්වවිද්‍යාල බලය, උතුර, ජාතිවාදය වැනි සංකල්ප බිහි විය. රොහාන් සිටියේ, මෙම සුවිශේෂයන් මධ්‍යයේ ය. ඔහුගේ 85 මැදිහත්වීම ප්‍රධාන අන්ත දෙකක් නිර්මාණය කරන ලදී. 

 

1.ස්ත්‍රියගේ සාරය 

2.කලා කවය

ඉහත මැදිහත්වීම් දෙක ඛේදවාචක වලින් අවසන් විය. පළමුවැන්න, සුනිලා අබේසේකර සහ කුමුදිණි සැමුවෙල්ස්ගෙන් පටන්ගෙන චිරන්තිගෙන් අවසන් විය. රොහාන්ගේ මේ යුගය නිශ්ශබ්ද වන්නේ, ඒ යුගයේ බවුන්සර්ලා නොමැති වීම නිසා ය. කලා කවයේ සාමාජිකයන් වූ සර්පයා, නිහාල් පීරිස්, මනුබන්ධු, අශෝක වැනි අය ද නිශ්ශබ්ද ය. මීට අමතරව, දේශපාලන අංශයක් ද පැවැතිණි. එය, ගරිල්ලා සංකල්පවලින් පටන්ගෙන පූගොඩින් අවසන් විය. මේ පිළිබඳව එම කවයේ අය නිශ්ශබ්ද ය. නුගේගොඩ රංජි එක උදාහරණයක් ය. 

දෙවන යුගය යනු, යාත්‍රා කාර්යාලයෙන් පටන්ගෙන මාතොට කාර්යාලයෙන් අවසන් වූ යුගය යි. මෙම  දෙවන මැදිහත්වීමේ ක්ෂතිමය මානය වූයේ, සැබෑ ලිංගික සබඳතාවලින් නෛෂ්ක්‍රමණය කොට 

(Anti -Sex) ස්ත්‍රී-පුරුෂ සබඳතා විශ්ලේෂණය කිරීමයි. අනෙක වූයේ, ‘ආදරය සඳහා හෝර්ටන් තැන්න’ ව්‍යාපාරය යි. එය, පරිසරවාදය සමග මුසු වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරයකි. 

ඉහත යුගය ව්‍යවහාරිකව ක්ලැරන්ස් සහ දිල්හාරාගෙන් පටන්ගෙන ‘ලන්ඩන්’ සඟරාවෙන් සහ ප්‍රභා සදශීලිගෙන් අවසන් විය. ස්ත්‍රියගේ සාරය පුරුෂ ෆැන්ටසියක් බවත්, සුවිශේෂයන්ගේ දේශපාලනය ලිබරල් අදහසක් බවත් තහවුරු විය.

තුන්වන සහ අවසාන ක්ෂතිමය මැදිහත් වීම වූයේ, 2003 වර්ෂයේ දී ජුවාන් ඩේවිඩ් නාසියෝගේ සායනික මුණගැසීමත්, 2004 සිදුවීමෙන් තක්බීර් වු පැරණි වාම කල්ලි කණ්ඩායම් සහ X  සංවිධානයේම විවිධ සාමාවයවික බවට පසුව පරිණාමය වූ බවුන්සර්වරුන්ගේ යුගය යි.

 

බවුන්සර්වරුන්ගේ ඉතිහාසයට මැදිහත් වීම තුළ රෝග ලක්ෂණ දෙකක් පෙන්වාදිය හැකිය.

 

1.2004 ට පෙර රොහාන්ගේ මැදිහත්වීම් වලට අදාළ මිනිස් ප්‍රාණීන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ අවිද්‍යාව. උදාහරණ වශයෙන් ප්‍රභා සදශීලිට, දිල්හාරාට සහ තවත් ස්ත්‍රීන් සමූහයකට මොකද වුනේ? මේ මොකද වූයේ ගැටලුව රොහාන්ගේ වියමන තුළ (Text) නැත. කෙටියෙන් කිවහොත්, රොහාන්ගේ ‘විනෝදය’ නැතහොත් රොහාන් හා බද්ධ වූ අවිඥාණය ඉතිහාසයට අදාළ නොවන සාධකයක් ලෙස බවුන්සර්වරු සළකති.

 

2.න්‍යායික මනෝවිශ්ලේෂණයෙන් සායනික මනෝවිශ්ලේෂණය ලංකාවේ දී වෙන්කර හඳුනා ගැනීමේ දී ‘රොහාන් පෙරේරා’ යනු, තීරණාත්මක ප්‍රත්‍යයෙක වාර්තාවක් (Case Study) බව නොසළකා හැර ඉතිහාසය ලිවීමට උත්සාහ කිරීම. රොහාන් යනු, හොඳ Case Study එකක් බව සියලු දෙනාට ක්ෂතිමය සංකල්පයකි.

 

අවසාන වශයෙන් බවුන්සර්වරු යනු, ඉතිහාසය පිළිබඳව අසංවේදීතාවයෙන් උපන් නව අරාජකවාදීන් බව (Neo- Anarchists) ඔවුන්ගේ ඥාණ-විභාගය පරීක්ෂා කළ විට පැහැදිලි වෙයි. ඔවුන් බහුතරය රොහාන් සහ දීප්ති අතර සිදු වූ න්‍යායික ගැටුම රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පුද්ගලික මරා ගැනීමක් සහ සිත් පීඩා කර ගැනීමක් ලෙසින් අර්ථකතනය කරති. අප ජීවත් වන යුගයේ බොහෝ පිරිමින් යනු, මානසික ගැටවරයන් ය. ඔවුහු ඉතිහාසය වෙනුවට ඉතිහාස කතා කියන්නට රුසියන්ය. මේ නව අරාජකවාදීන් යථාර්ථයේ ප්‍රතිවිරෝධතා ඉවත් කර එය සුසංවාදයක් කිරීමට තටමති. එම නිසා, රණ්ඩු,කෝලාහලවලින් මිනිසුන් ඉවත් කිරීමට ඔවුහු යුහුසුළු වෙති. මේ නව අරාජකවාදීන්ට අනුව, රොහාන්- දීප්ති ගැටුම පුද්ගලික කෝන්තරයක් හෝ Arm Cut T Shirt ලෝලියා කියන පරිදි බලය සඳහා මරා ගැනීමකි. නමුත්, රොහාන්ට ඇත්තටම මුහුණ දුන් ස්ත්‍රීන්ගේ සහ පිරිමින්ගේ අත්දැකීම් වලට අනුව රොහාන් යනු කවුද? විශේෂයෙන් ඔහුගේ ජිවීතයේ අවසාන අවුරුදු 2 තුළ සිදු වූ ඛන්ඩණයන් ගැන මෙම මෝස්තරකාරී නව අරාජකවාදීන්ට ඇත්තේ හිස්තැනකි. කොටින්ම, රොහාන්ගේ අවමංගල්‍යය උදය වරුවේ සිංහල බෞද්ධ වූයේ එය හවස්වරුවේ මුසල්මාන වූ නිසා ය. මෙය සිදු කළේ කවුද? උන්මන්තකයන් ඉදිරියේ බොහෝදෙනා ගොළු වන්නේ, අහම්බයකින් නොවේ. මන්දයත්, උමතු රෝගීන් අධික යුගයක උන්මන්තකයෙක් ලෙස රඟපෑම ආරක්ෂාකාරී නිසා ය.

සොක්‍රටීස්ට වස නොබී ශේප් වී ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණි. [Cynical Gap] බවුන්සර්වරු සිතන්නේ, සමාජ ඉතිහාසය සහා දාර්ශනික ඉතිහාසය ලියන්නේ මාර්ක් (මාක්ස් නොවේ) සකබර්ග් කියා ය. Facebook යනු, පුද්ගලික ලාභ ලබන ආයතනයක් මිස ‘පොදු මතකය’ සංරක්ෂනය කරන ”කටුගෙයක්” නොවේ. Social Media වියැකී යාමත් සමඟම බවුන්සර්වරුන්ගේ විතණ්ඩවාදයත් අතුරුදහන් වනු ඇත. 

Sexual difference is probably the issue in our time which could be our ‘salvation’ if we thought it through.

Luce Irigaray

Samabima.



ඔබේ අදහස කියන්න...

SHARE
Previous articleහෙගල්ගේ OPD එක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here