මධ්‍යම පාංතික වීම කතිකාවට අනුව මිචෙල් ෆූකෝ නැමති පශ්චාත් ව්‍යුහවාදී ප්‍රංශ දාර්ශනිකයා විසින් ඉදිරිපත් කල දාර්ශනික අදහස් අතර වැදගත් සංකල්පයක් වන්නේ “කතිකාව”(Discourse) යනන්නයි. එමගින් සමාජයේ පවතින බල ව්‍යුහය, අන්න්‍යතා, චින්තන ක්‍රමය ආදිය සියල්ලම හැඩගස්වන භාෂාමය පද්ධතියක් ගැන අදහසක් ඉදිරිපත් කරන ලදී.[Social Practice of Language]
ෆුකෝට අනුව ”කතිකාව” යනු සමාජයක් චින්තනය,සිතුම් පැතුම් ආදිය ව්‍යුහගත කරන භාෂාත්මක ගොඩ නැංවීමක් වේ. පුද්ගලයා යම් කතිකාවකට ඇතුළත් වූ කලී එම කතිකාවට අනුව සිතීමට හා ක්‍රියා කිරීමට පටන් ගනී. උදාහරණයකට x කතිකාවට ඇතුල් වු කෙනෙක් කතා කරන්නෙ පොදු සිංහල නොවේ. එවැනි කතිකාවන් සාමාජය තුළ පවතින අතර කතිකාමය භාවිතාවන්, දැණුම/ බලය, ශික්ෂණය බලය ආදී වූ විවිධ අවස්ථවන් වලට අදාළව සාකච්ඡා කරණු ලැබේ.
මේ අතරින් මා මෙහිදී බලාපොරොත්තු වන්නේ ෆුකෝගේ ශික්ෂණය බලය යටතේ කතිකාව කොහොමද මධ්‍යම පංතික වීම යන්න සඳහා බලපාන්නේ කියන දේ පැහැදිලි කිරීමට යි.
”කතිකාව” තුළින් කල යුතු දේ ඉගැන්වීමට වඩා සිදු කරන්නේ නොකල යුතු දේ ඉගැන්වීමයි. ඒ අනුව පුද්ගලයෙකු යම්කිසි කතිකාවකට ඇතුළත් වනවා යනු එම කතිකාව තුළ නොකල යුතු දේ අභ්‍යන්තරීකරණය කර ගැනීමකි. මේ නිසා අවසානයේ දී කතිකාව තමාගේ චින්තනමය මාදිලිය බවට පත් වන අතර ඒ හරහා සිතිම සිදු වේ. ක්‍රියා කරන්නේ කතිකාවකට අනුවයි.
ඒ අනුව යම් කතිකාවකට ඇතුළු වූ පුද්ගලයා අනෙක් අයෙක්ගෙන් වෙනස් වන්නේ එම ඔහු කරන දේ අනුව නොව නොකරන දේ අනුවයි.
උදාහරණයක් ලෙස මෙහෙම හිතමු.
වෛද්‍යවරයෙක් වීම යනු වෛද්‍ය කතිකාවකට ඇතුළු වීමයි. එහිදී වෛද්‍යවරයාගේ වෘත්තීය තුළ නොකල යුතු දේ දක්වයි. එහිදී වෛද්‍යවරයා රෝගීන් ගෙ ජීවිත අනතුරේ හෙළීම, රෝගීන් නොසලකා හැරීම, වෛද්‍ය ආචාර ධර්ම කඩ නොකොරීම ආදී එකී මෙකී නොකී තහංචි විෂාල ප්‍රමාණයක්ට යටත් වීමට සිදු වේ.ඒ හරහා එම පුද්ගලයා හට වෛද්‍යවරයා යන අන්න්‍යතාවය හිමි වේ. සමාජය තුළ මෙම වෛද්‍යවරයා වෛද්‍යවරයෙකු ලෙස හඳුනා ගන්නේ ඔහු රෝගීන් ට ඖෂධ නියම කිරීම නිසා නොව ඔහු විසින් නොකරන දේ නිසාය. නමුත් මෙරට තුළ සිටින බොහෝ වෛද්‍යවරුන් සිංදු කියයි, එය වෛද්‍ය කතිකාවට අදාල දෙයක් නොවේ. මේ නිසා එවන් අය වෛද්‍ය කතිකාවට අදාල නොවේ. මෙම උදාහරණය ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව තව දුරටත් දිගු කල හැකිය.
දැන් මේ හරහා මධ්‍යම පාංතික වීම යනු කුමක්ද යන්න කතිකාවට අනුව පැහැදිලි කල හැකිය. මෙය අයත් වන්නේ ශික්ෂණ බලය යන ක්ෂේත්‍රයට වේ.
කෙනෙකු මධ්‍යම පාංතික වීම යනු උතුරන්න මුදල් තිබීම නොවේ. එසේත් නැතහොත් පංසලේ ලොකුම දායකයා වීම හෝ විශාල වාහන අතගාමින් ලිංගික තෘප්තියක් ලැබීම හෝ නොවේ. ඊට හාත්පසින් ම වෙනස් ව මධ්‍යම පාංතික කතිකාවට ඇතුළු වීමයි. එනම් මධ්‍යම පාංතිකයෙකු නොකරන දේ අභ්‍යන්තරීකරණය කර ගැනීමයි.
NPP iDEOLOGY.
විශාල මුදලක් ඇති, නවීන මෝටර් රථ ඇති සියලු දෙනා මේ නිසා මධ්‍යම පාංතික නොවේ. මෙවැනි පිරිස් V8 එකෙන් ගොස් මාලු 250g රැගෙන ඒමට යන්නේ අනන්‍යතා අර්බුදය නිසා වුවද මධ්‍යම පාංතිකයා එවැනි දේ නොකරන්නේ ඔහුට ඔහු සිටින කතිකාවෙන් එය තහනම් කර ඇති බැවිනි. එසේම සිය BMW මෝටර් රථය තුළ බැරල් පැටවාගෙන ඒම, නිවසේ අමතර කාමර කුලියට දීම, හවසට බඩ පිරෙන්න අරක්කු බීම, සිය මෝටර් රථය අනතුරට ලක් වූ විට අනෙක් පාර්ෂවයට කුණු හරපෙන් බැණ වැදීම හා පහර දීම, රක්ෂණ මුදල් ලබා ගන්නා ගමන් අනෙක් පාර්ෂවය බිය වද්ද වීම වැනි දේ සල්ලී තිබෙන පිරිස් කලත් මධ්‍යම පාංතිකයාට එවැනි දේ නොකිරීමට කතිකාවෙන් උගන්වයි.
මේ අනුව ගත් කල ලංකාව තුළ මේ වන විට මධ්‍යම පන්තියක් පවතී ද යන්න ගැටලු සහගතය. සිටින්නේ මධ්‍යම පංතිය යයි සිතා සිටින මුදල් ඇති පහළ පංතියක් වේ. එහෙයින් මෙය ලියන මම මෙන්ම බොහෝවිට මෙය කියවන ඔබ ද මධ්‍යම පාංතිකයන් නොවේ.
Ramesh.
ඔබේ අදහස කියන්න...