Is there still an aesthetic illusion? And if not, a path to an “aesthetic” illusion, the radical illusion of secret, seduction and magic? Is there still, on the edges of hypervisibility, of virtuality, room for an image?


–Jean Baudrillard, The Conspiracy of Art, 2005.

දර්ශන ඉතිහාසය තුල Simulacrum යන්න ප්ලේටෝගේ තරම් ඈත අතීතයක සිට සාකච්ඡාවට භාජනය වී ඇති අතර එය නූතන සමාජය කියවා ගැනීමට යොදා ගත්තේ ප්‍රංශ දාර්ශනික යෙක් වූ ජීන් බෝද්‍රිලා ය (Jean Baudrillard). අසූව දශකයේ ඔහු මෙම අදහස Simulacra and simulacrum නැමති පොත තුලින් ඉදිරිපත් කරන ලදි.


ඔහු ඉදිරිපත් කරන ලද අදහසේ සාරාංශය මෙලෙස ප්‍රකාශ කල හැකිය .


ඔහු කියන්නේ ‘නූතන සමාජය’ යනු සිමියුලේක්‍රමයක් බවය. [society is fictional] එනම් මුල් පිටපත සම්පූර්නයෙන්ම අහිමි වී ඇති බවයි.
The simulacrum is never that which conceal the truth – it is the truth which conceal that there is none. The simulacrum is the truth .


ඔහු පවසන්නේ සමාජය වේශනිරූපනය (simulation ) වන බවත් එහි අවදි හතරක් පවතින බවය.


1.සමාජයේ පවතින යමක් කිසියම් ආකාරයකට නියෝජනය වන අවස්තා.[representation- Sama Samaja Party – The Lanka Sama Samaja Party was the first modern political party in Ceylon]
2. යමක් පවතින ආකාරයට වඩා වෙනස් ආකාරයකට වේශනිරූපනය වීම.[fake- Kumar Gumarathnam as a Revolutionary Leader]]
3. යමක් නියෝජනය හෝ වේශ නිරූපනය නොවීම.[lost of reality- jvp as a Marxist part]]
4. යමක් වෙනුවට එයට කිසිසේත්ම අයත් නොවන දෙයක් බවට වේශනිරූපනය කිරීම හෙවත් සිමියුලේක්‍රමය.[hyper-real- Hiru Gossip about Anura or Delith As a Political leader.]


ඔහුට අනුව අප ජීවත් වන ‘පශ්චාත් – නූතන සමාජය’ යනු සිමියුලේක්‍රමය වූ නැතහොත් මුල් පිටපත අහිමිවූ ස්මාජයක් බවයි. මීට පෙර සමාජ වල සමාජ යථාර්තය සංකේත ලෝකය තුලින් පිලිබිඹු වූ අතර එම සමාජ යථාර්ථය සහ සකේත යථාර්ථය අතර තාර්කික සහ සබුද්දික සම්බන්ධයක් ගොඩනගා ගත හැකි විය.


නමුත් මෙම නව සමාජ තත්වය තුල ගොඩනැගී ඇති සංකේත සමාජ යථාර්ථය (symbolic social reality) සහ සැබෑ සමාජ යථාර්ථය අතර කිසිදු සම්බන්යක් නැත, එනම් සමාජ යථාර්ථය නැමැති මුල් පිටපත සම්පූර්නයෙන්ම අහිමි වී ගොස් ඇත.
එවිට අප ගනුදෙනු කරන සංකේත සමාජය විසින් පරිකල්පනීය මායාමය සමාජ යථාර්ථයක් (Imaginary hallucination) ගොඩ නගයි. සිමියුලේක්‍රමය නැතහොත් පරිකල්පනිය මායාමය සමාජ යථාර්ථය සැබෑවටම පවතින සමාජ යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැත.

මෙය තේරුම් ගැනීම සදහා මනංකල්පිත උදාහරනයක් ගනිමු.


කිසියම් කාන්තාර ප්‍රදේශයක අභිමානවත් ප්‍රභල රාජධානියක් පැවතුනා යැයි සිතමු. මෙහි පාලකයාට අවශ්‍ය වුනා මෙම රාජධානිය කිසිදු අඩුවක් නැතිව සිතියම් ගත කිරීමට. එවිට මෙම සිතියම මගින් යථාර්ථය තුල පවතින රාජධානිය නියෝජනයවේ.
පසුව මෙම රාජධානිය බිද වැටීමට පටන් ගන්නා අතර සිතියම පමනක් වෙනස් නොවී පවතියි. එවිට සිතියම මගින් නියෝජනය වන්නේ සැබෑවට පවතින රාජධානිය නොව නොපවතින රාජධානියකි.
මෙම රාජධානිය තව දුරටත් විනාශ වී ඉතාම නටබුන් කිහිපයක් පමණක් ඉතිරි වන අතර අර සිතියමද විනාශ වී ගොස් එහි කුඩා කොටසක් පමණක් ඉතිරි වේ. එවිට මෙම නටබුන් වූ රාජධානිය සහ සිතියම මුල් යථාර්ථය කිසිසේත්ම නියෝජනය කරන්නේ නැත.


මින් පසුව මෙම රාජධානිය කිසියම් සංකේත යථාර්ථය කින් නියෝජනය කරන්නේ නම් එය කිසිදු ආකාරයල්ට කලින් පැවති රාජධානියට සම්බන්දයක් නොදක්වන අතර එය ගොඩ නගන්න්නේ වෙනමම සංකේත යථාර්ථයක් නැතහොත් අධි යථාර්ථයකි. එම සිතියමෙහි ඇති සියල්ල මැකී ගොස් එම කඩදාසිය මත රාජධානිය නියෝජනය කිරීමට නව සිතියමක් අදින්නේ නම් එය මුල් සිතියමට කිසිදු සම්බන්දයක් නොදක්වන අධි යථාර්ථයක් පමනක් වේ.

~~~බෝද්‍රිලා ගේ මෙම නව අදහස හරහා ලංකාවේ වාමාංශික දේශපාලනය සහ වාමාංශිකයා යන්න කියවා ගැනීමට බලමු .

 


(මේ සදහා අප යොමු වන්නේ අනුභූතික පදනමකින් නොව පශ්චාත් ව්‍යුහවාදී පදනමකිනි.
ව්‍යුහවාදයට අනුව සමාජ යථාර්ථය නිර්මාණය වන්නේ භාෂාව කේන්ද්‍රීයව ගොඩනැගෙන සංඥා පදනම් කර ගනිමිනි. පවතිනුයේ හැගවුම් කාරක සහ හැගවුම් කරනයන් පමණි.)

බෝද්‍රිලා ගේ මෙම නව දාර්ශනික අදහස පදනම් කරගනිමින් ලංකාවේ වාමාංශික ව්‍යාපාර සහ වාමාංශිකයා කියවා ගැනීමට බලමු.
අනුභූතික දැනුමකට අනුව ඥාන විභාගාත්මක පදනමකින් බැලූවිට ලංකාවේ වාමාශික ව්‍යාපාරය යන සංකල්පය සහ එය නියෝජනය කල එසේ නැතහොත් පිලිඹිබුව (Reference ) වාමාංශික පක්ශ ලෙස කටයුතු කල ලංකා සමසමාජ පක්ශය, කොමියුනිස්ට් පක්ශය, වෘත්තීය සමිති ව්‍යාපාර සහ කම්කරු පංති ව්‍යාපාර ආදිය මගින් නියෝජනය විය. ඔවුන් කම්කරු අයිතීන දිනා ගැනීම, වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සහ කම්කරු පන්තියට බලය ලබා ගැනීම සහ සමාජවාදී විප්ලවය වෙනුවෙන් සෑම විටම පෙනී සිටියහ. එමෙන්ම එම කණ්ඩායම් නියෝජනය කල නායකයන්ද තමන්ගේ තමන් අර්ථ කතනය කරන ලද මූලික අභිලාශයන් වෙනුවෙන් සෑම විටම කටයුතු කරන ලදි.
ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වූ වාමාංශික ව්‍යාපාර, ඒවායේ අරමුණු, එම අරමුණු වෙනුවෙන් ක්‍රියාකල ආකාරය සහ ලංකාව තුල වාමාංශික ව්‍යාපාර සහ එහි නායකයන් ක්‍රියාකල ආකාරය පිලිබද විශාල පරස්පරතා සහ නොගැලපීම් පැවතුනි.


ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ලංකාවේ සමාජ දේශපාලන අවකාශය තුල නෛසර්ගිකව ගොඩ නැගුනු සංවිධාන ව්‍යුහයකට වඩා ලෝක දේශපාලන තත්වය තුල ඇතිවූ බලපෑම මත ගොඩ නැගුනු බලවේගයක් විය. එමෙන්ම එම සංකල්ප වල මූලික හරය ගැඹුරු අර්ථයකින් ග්‍රහනය කර ගැනීමට නොහැකි වූ අතර ලංකාවේ දේශපාලනය තුල යොදා ගැනුනේ සරල සෞන්දර්යාත්මක සහ ජනප්‍රිය අර්ථයකිනි.


ඒ වන විට ලංකාවේ විශාල කාර්මික අංශයක් හෝ නිශ්පාදන අංශයක් නොතිබූ බැවින් වාමාංශික ව්‍යාපාරයට ශක්තිමත් කම්කරු පන්ති පදනමක් සැබෑවටම නොතිබිණි. එමෙන්ම විශාල කර්මාන්ත සහ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ශ්‍රමය සූරා කනු ලබන ධනපති පංතියක්ද නොතිබුණි.
මෙම තත්වය තුල ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පීඩිත කොටස් වල අයිතීන් දිනා ගැනීමත් සුභ සාධනයන් වැඩි දියුණු කර ගැනීමත් යන කරුනු වලට සීමා වූ අතර ධනපති පංතියට එරෙහි අරගලය ප්‍රධාන වශයෙන්ම යටත් විජිත කරනයට එරෙහිව කරන අරගලයට සීමා විය.


මා මෙම කරුනු ඉදිරිපත් කලේ ලංකාව සම්බන්ධයෙන් වාමාංශික ව්‍යාපාරය, වාමාංශිකයා යන්න (එම සංකල්ප ) සහ එහි නියෝජනය (Representation – එනම් භූමිය තුල තිබූ වාමාංශික ව්‍යාපාරය සහ එය වෙනුවෙන් ක්‍රියා කල වාමාංශිකයා ) අතර නියෝජනය පැහැදිලි කිරීමට ය.


එනම් මුල් වකවානුව තුල බෝද්‍රිලාගේ සිමියුලේක්‍රමයෙහි මුල් අවස්තාව නියෝජනය විය. එනම් එවකට ලංකාව තුල පැවති වාමාංශික ව්‍යාපාරය, වාමාංශිකයා යන්නෙහි පිටපතක් (නැතහොත් නියෝජනයක්-Representation )

බාහිරින් පැවති වාමාංශික පක්ශ විසිනුත් වාමාංශිකයන් විසිනුත් ප්‍රදර්ශනය කරන ලදි.
වාමාංශික ව්‍යාපාරයේ පදනම ලෙස මාක්ස්වාදය යොදා ගත් අතර ඒ වෙනුවෙන් වෙනම මාක්ස්වාදී පක්ශ සහ එම අදහස් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පක්ශ විසින් විවිධ ක්‍රියා මාර්ගයන් සකසා ගන්නා ලදි. එම පක්ශ වල සංයුතිය සහ ක්‍රියාමාර්ග මූලික වශයෙන් පන්ති පදනම් මත (මෙහි පන්ති පදනම යන්න ගැඹුරු මාක්ස්වාදී අර්ථයකින් නොව සරල මතුපිට අර්ථයකින් සකස් කරගත්තක් බව සදහන් කල යුතුයි. මූලික වශයෙන් දේශපාලනයේ පදනම ‘පන්තිය’ යන්න සංකේතාත්මකව නිරූපනය විය.) සකස් කරන ලදි.


ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුල 1930 පමණ කාලයේ සිට 60 දශකය පමණ වන තෙක් මෙම තත්වය එනම් සිමියුලේක්‍රමයේ පලවන කාණ්ඩය නිරූපනය විය.

What can be done?

~1956න් පසු පීඩිත පංතිය නියෝජනය කල, නිර්ධන පංති ආඥාදායකත්වයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සතු දේශපාලන බලය සිංහල බෞද්ධ ජාතිකත්වය මත පදනම් වූ බලවේගයන්ගේ[after 80’s] අතට මාරු විය. එම බලවේගයන්ගේ නායකත්වය දේශීය රදල මූලයන් නියෝජනය කල ධනවත් ව්‍යාපාරික කොටස් (ධනපති පංතිය යනුවෙන් සැබෑ ලෙස අර්ථකථනය කල හැකි ධනපති පංතියක් නොපැවතුණි.) සහ එම පන්ති පදනම් නියෝජනය කල වාමාංශික අදහස් දැරූවන්ගෙන්ද සමන්විත වූ අතර ඔවුන් සියලු දෙනා හැගවුම්කරනය වූයේ වාමාංශිකයන් ලෙසය. මීට පෙර ලංකාවේ වාමාංශිකත්වය නියෝජනය කරන ලද කොටස් මෙම නව වාමාංශිකත්වයට අයත් කොටස් මගින් ආදේශ විය. මෙම නව වාමාංශික පක්ශ සහ නායකත්වය තුලින් නියෝජනය වූයේ කලින් නියෝජනය වූ පීඩිත පංතිය වෙනුවට නව සමාජ කණ්ඩායකි. එනම් සග, වෙද, ගුරු, ගොවි කම්කරු ලෙස සිංහල-බෞද්ධ ජාතිකත්වයට මූලිකත්වය දෙනු ලබන “මධ්‍යම පන්තිය” පීඩිත පංතිය ලෙස පිලිගන්නා දේශපාලන පක්ශ අකෘතියක් සහ ඒ මත පදනම් වූ “? වාමාංශික ව්‍යාපාරයකි”.


මෙම තත්ත්වය යනු බෝද්‍රිලා ගේ සිමියුලේක්‍රමයේ දෙවන අවස්තාව එනම් වාමාංශික ව්‍යාපාරය යන්නේ පිටපතක් නොව එහි කිසියම් කොටසක් පමනක් නිරූපනය වීමකි.


1970 න් පසු එනම් 70 දශකයෙන් පසු ලංකාවේ වාමාංශික ව්‍යාපාරය නියෝජනය කල දැවැන්තයන් සියලු දෙනාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අහෝසි වූ අතර එම ව්‍යාපාරයට තවදුරටත් සමාජ දේශපාලන ගැටලු වලට සාධනීය විසදුම සොයා ගැනීමට නොහැකි විය. 1970 සිට පැවති වාමාංශික දේශපාලන බලය සහ වාමාංශික දේශපාලන වැඩපිලිවෙල ක්‍රියාත්මක කල දේශපාලන ව්‍යාපෘතියද අසාර්තක විය. ආවාර්‍ය ඇන් ඇම් පෙරේරා , කොල්වින් ආර් සිල්වා වැනි වාමාංශික යෝධයන්ටද බලාපොරොත්තු වූ සමාජ ප්‍රතිසංස්කරණ හරහා ජනතාවගේ සමාජ ආර්ථික ගැටලු වලට සාධනීය විසදුම් ලබා දිය නොහැකි විය.

මෙම වකවානුවට පසුව ‘වමාංශික නියෝජනය’ පැරණි වමෙන් සම්පූර්නයෙන්ම පාහේ ගිලිහී ගොස් ප්‍රධාන වශයෙන්ම රෝහන විජේවීර විසින් ගොඩනගන ලද ජනතා විමුක්ති පෙරමුණ අතට පත්විය.


ඔහු සම්පූර්නයෙන්ම රුසියාව කේන්ද්‍රියව පැවති සමාජවාදය සහ වාම වාදයෙන් කණ්ඩනය වූ අතර මාක්ස්වාදය කට වචනයක් ලෙස සහ බොල්ශෙවික් විප්ලවය සරල සංකේතීය ප්‍රකාශනයක් ලෙස පමනක් සැලකූ අතර චේ ගුවේරාගේ සන්නද්ධ අරගලය අධිනිශ්චය කරන ලද කියුබානු විප්ලවය ලංකාවේ සමාජ වාදය ඇති කිරීමේ විප්ලව ආකෘතිය ලෙස පිලිගත්තේය. එම ආකෘතිය තුල සමාජ විප්ලවය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන පිරිස් පමනක් සැබෑ මාක්ස්වාදීන් සහ වාමාංශිකයන් ලෙස සැලකූ අතර එම වාමාංශිකත්වය නියෝජනය කරන පක්ශය ජනතා විමුක්ති පෙරමුන බවට බෞතීස්ම කරනය කරන ලදි.


ජනතා විමුක්ති පෙරමුනේ වාමාංශික දේශපාලනය මූලික මාක්ස්වාදී පදනම් කිසිවක් ගැඹුරින් හැදෑරීමක් හෝ බාවිතාවක් නොපෙන්වූ අතර ධනවාදය පරාජය කිරීමේදී නිර්ධන පංතිය මත පදනම් විය යුතුය යන්න සම්පූර්නයෙන්ම බැහැර කල අතර ඒ සදහා ”පීඩිත සුලු ධනේශ්වර පංතියට” අයත් සිංහල ජාතිකත්වයට අයත් තරුණ බලවේග හරහා කලයුතු බව විශ්වාස කරන ලදි. ඒ මත පදනම් වී කුමන ආකාරයකට හෝ බලය ලබා ගැනීම මගින් සමාජවාදී පරිවර්තනය කල හැකි බව පිලිගත්තේය.


මෙම
වකවානුව තුල ජේවීපී ය මගින් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය නිරූපනය වූ අතර වාමාංශිකයා යනු ජේවීපී සාමාජිකයා මගින් නිරූපනය විය. මෙම නිරූපනයන් දෙකම වාමාංශික ව්‍යාපාරය සහ වාමාංශිකයා යන්නේ මුල් නිරූපනය (අර්ථය) සමග කිසිදු සම්බන්දයක් නොදැක් විය. මේ තුලින් ගොඩ නැගීමට අපේක්ශා කල සමාජවාදී සමාජය යන්නද පැරනි වාමාංශික ව්‍යාපාරය මගින් ගොඩ නැගීමට අපේක්ශා කල සමාජවාදී සමාජය යන්නට කිසිදු සමාන කමක් නොතිබිනි.


70දශකයෙන් පසුව ලෝකය තුල දැකගත හැකිවූ ‘පශ්චාත්- නූතන’ සමාජය ලංකාව තුල පැහැදිලිව හදුනාගැනීමට 21වන සියවස ආරම්භ වනතෙක් බලා සිටීමට සිදුවිය. මෙම කාලය තුල දී ලංකාව තුල මීට පෙර ‘සමාජවාදී සමාජය’ නියෝජනය කරන ලද කිසිදු වාස්තවිකත්වයක්  – objectivity-ඉතිරිව නොතිබුණි.


මෙහි ‘වාමාංශිකයා’ – Leftist – යන්න සංකේතනය කිරීම වෙනුවෙන් පෙනී සිටියේ අනුර කුමාර ප්‍රමුක ජේවිපී කාඩරයන්, පෙරටු ගාමීන් සහ ඊනියා වාමාංශික බුද්දිමතුන් ලෙස පෙනී සිටින්නට වලිකන සුමනසිරි ලියනගේ, නිර්මාල්, සුමිත් චාමින්ද, විදර්ශන කන්නන්ගර, කල්ප රාජපක්ශ වැන්නවුන්ය. මේ නඩය ගත් විට වාමාංශිකයා ලෙස පෙර හදුනාගත් ”සංඥාව” සමග කිසිදු සම්බන්දතාවයක් හෝ කිසිදු නියෝජනයක් නොපෙන්වයි. මොවුන් නියෝජනය කරන වාමාංශික පක්ශයක්, මාක්ස්වාදී දර්ශනයක්, ඒ මත පදනම්ව ජනතාව සහ සමාජය වෙනස් කිරීමට කරනු ලබන කිසිදු මැදිහත් වීමක් වෙනුවෙන් මේ අය කැපවෙන්නේ නැත. හුදු ප්‍රකාශ වීමක් පමනක් පෙන්නුම් කරයි. මොවුන් සියලු දෙනා බලාපොරොත්තු වන්නේ වාමාංශිකයා යන අනන්‍යතාවය හිගා කෑම මිස සමාජය වෙනස් කරන ඒ සදහා කැපවෙන වාමාංශිකයෙකු වීම නොවේ. ඒ වෙනුවෙන් කිසිදු පරමාදර්ශයන් හෝ ස්වාමිහැගවුම් කාරකයක් මගින් මොවුන්ව මෙහෙය වන්නේ නැත. මොවුන් සියලු දෙනාම තමන්ගේ විවිධ අනන්‍යතා ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඕනෑම ආකරයකට ප්‍රකාශනය වේ. ජාතීවාදියෙක් වීම, කිසිදු පන්ති පදනමක් සැලකිල්ලට නොගනිමින් වරප්‍රසාදිත් මැද පන්තිය වෙනුවෙන් පෙනීසිටීම, පීඩිත කොටස් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ජනප්‍රිය වරප්‍රසාදිත කොටස් වෙනුවෙන් පෙනී සිටීම, ඉතිහාසය පුරාම කුමන අභියෝග යටතේ වුවද වාමාංශිකයා සහ වාමාංශික පක්ශ පෙනී සිටියේ අවවරප්‍රසාදිත පීඩාවට පත් දුර්වලයාගේ අයිතීන් ලබාදීම වෙනුවෙනි. එහෙත් මෙම ‘නව වාමාංශිකයා’- new leftist – මගින් එවැනි කිසිවක් නියෝජනය නොවේ. අනුර කුමාර ඇතුලු ජේවීපීය කිසිවිටකත් වාච්‍ය අර්ථයෙන් මිස කිසිසේත්ම පීඩිත කොටස් වෙනුවෙන් පෙනී නොසිටියි, සෑම විටම පෙනි සිටින්නේ මධ්‍යම පන්තිය වෙනුවෙනි, එම පන්තියට අනුව දෙමළා යනු ත්‍රස්තවාදියෙක් යැයි හදුන් වන විට ජේවීපීය එම ජනප්‍රිය ජාතිවාදයට යටවී දෙමළාට බර අවි වලින් පහර දී අන්තිම කොටියාත් පරසක්වල ගසන තෙක් යුද්ධ කිරීමට අණ කරයි.


කීර්ති බාල සූරිය විසින් සම්භාව්‍ය මාක්ස්වාදී පදනමකින් ජේවීපීය යනු සිංහල ජාතිකත්වය මත පදනම් වූ ජාතිවාදී සුලු ධනේශ්වර කල්ලියක් බව පෙන්වා දුන්නේය. ඒ අනුව ජේවීපීය සමාජය වෙනස් කිරීම වෙනුවෙන් පන්තිය පදනම් කර ගන්නේ නැත.
පෙරටු ගාමින්ගේ පරමාදර්ශී මාක්ස්වාදී නායකයා ලෙස සලකන කුමාර් ගුණරත්නම්ට පන්තිය හෝ කම්කරුවා හෝ මාක්ස්වාදයේ කිසිදු කේන්ද්‍රීය හැගවුම් කාරකයක් වැදගත් නොවන අතර ලාමක ‘ශිෂ්‍ය දේශපාලනය’ තුලින් බොල්ශෙවික් පන්නයේ විප්ලවය සිදු කිරීමට තටමන බව පෙන්වයි. ඒ වෙනුවෙන් තමන්ට හිතෙන හිතෙන දේවල් කිසිදු හිරිකිතයකින් තොරව කරයි. පාර වල් වල කෑ ගැසීම, ජල පහර වල් කෑම, දින පතා කාගේ හෝ මයික් එකක් බදාගෙන දිනපතා වොයිස් කට් ලබා දීම යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කිරීම වෙනුවෙන් මේ අය කරනු ලබන කැප කිරීමයි.


මීට අමතරව සුමනසිරි ලියනගේ, නිර්මාල්, සුමිත් චාමින්ද, විදර්ශන, කල්ප රාජපක්ශ වැන්නවුන් කිසිදු අලුත් පොතක් පතක් නොකියමින් මාක්ස්වාදය පිලිබද කිසිදු අවබෝධයක් නොමැතිව වාමාංශික බුද්දිමතුන් වීමට දගලයි.
1980 පමණ කාලයෙන් පසු ඇතිවූ පශ්චාත් – නූතන සමාජය තුල අනුර කුමාරලා නියෝජනය කරන ජේවීපීය, කුමාර් ගුණරත්නම් ඇතුලු ඉහත සදහන් කරන ලද ඊනියා වාමාංශිකයන් යනු කිසිදු ආකාරයකට වාමාංශිකයා යන මුල් හැගවුම් කාරක තුලින් ගොඩ නගන ලද යථාර්තය කිසිසේත්ම නියෝජනය කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙන්නුම් කරන්නේ එම සමාජ යථාර්තයට කිසිදු සම්බන්ධයක් නැති විකුර්ති (Distorted reality  ) සමාජ යථාර්තයකි. තවදුරටත් කියන්නේ නම් මෙම ඊනියා වාමාංශික පක්ශ සහ වාමාංශිකයන් මගින් නියෝජනය කරන්නේ මීට පෙර ගොඩනගා තිබූ සමාජ යථාර්ථය නොව එයට සම්බන්ධයක් නැති සමාජ යථාර්ථයක් හෙවත් අධියථාර්තයකි ( hyperreality ).
මෙවැනි වාමාංශිකයන් සහ මෙවැනි වාමාංශික වව්‍යාපාරයන් මත පදනම්ව සමාජය දශමයකින් හෝ වෙනස් කල නොහැකිය, එසේ වන්නේද නැත. ධනවාදය තවදුරටත් ශක්තිමත් වීම පමනක් සිදුවේ.

කලයුත්තේ කුමක්ද?


මේ ආකාරයේ වාමාංශිකයන් මගින් සහ ඔවුන් ගොඩ නගන වාමාංශික ව්‍යාපාරයන් තුලින් කිසිදු විප්ලවීය සමාජ වෙනසක් ඇති කල නොහැකිය. මෙම සන්දර්භය තුල නව වාමාංශයක් ඇති කිරීම සහ නූතන වාමාංශිකයෙකු වීම යනු කුමක්ද?
අප ඉහත සාකච්චාකල වාමාංශිකයන් යනු වාමාංශිකයා යන්නට කිසිදු සම්බන්ධයක් නොමැති වාමාංශිකයන් වුවද එය ඔවුන්ට ගෝචර වූවක් නොවේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ වාමාංශික මැදිහත් වීම තුලින් ධනවාදය පෙරලා දැමිය හැකි බවයි. ඔවුන් සෑම විටම සමාජය කියවා ගන්නේ ද්වයිතවාදීව ධනවාදය නැමති බාහිරත්වයක් සහ එයට විරුද්ද වාමාංශිකයා යන අනුභූතික තර්කනයකට අනුවය. ඔවුන් සෑම විටම දකින්නේ කිසියම් බාහිර සතුරෙක් නිසා ධනවාදය ආරක්ෂා කරන බවත් එම සතුරා පරාජය කිරීමෙන් ධනවාදය පරාජය කල හැකි බවත්‍ ය. නමුත් කිසිවිටකත් එසේ නොවන අතර එවැනි බෙදීමක් ද යථාර්ථය තුල නොමැති අතර පවතින්නේ සමස්තය නැමති ඒකත්වයක් පමණි. සියල්ලන්ම සිටින්නේ මෙම ධනවාදය නැමති යථාර්ථය තුලය. එබැවින් තමා වෙනස් නොවී ධනවාදය වෙනස් කිරීම හෝ පරාජය කිරීම කිසිසේත්ම කල නොහැකිය.


එබැවින් නව වාමාංශිකයා යනු සමාජය අනුභූතිකව කියවා ගන්නා කෙනෙකු හෝ ධනවාදය බාහිරව පවත්නක් ලෙස සලකා එය පෙරලා දැමීමට කටයුතු කරන්නෙකු නොව සමාජය සංඥාර්ථවේදීව කියවා ගන්නා, එමෙන්ම තමාද වෙනස් වෙමින් තමාද අඩුවක් සහිත පුද්ගලයෙකු බව වටහා ගනිමින් සමාජය වෙනස් කිරීමට මැදිහත් වන්නකුටය.
මෙම වේශ නිරූපනය කරනු ලබන සමාජය තුල ඕනෑම අයෙකුට ඕනෑම අනන්‍යතාවයක් අනුභූතිකව නියෝජනය කල හැකිවාක් මෙන්ම මෙම වේශනිරූපනය (වාමාංකයෙක් නොවන්නෙකු වාමාංශිකයෙක් ලෙස පෙනී සිටීම) මුල් පිටපත -original-  සමග කිසිදු සම්බන්දයක් නොදක්වන බව ඉන්ද්‍රිය සංජානනය පදනම් වන අනුභූතික දැනුමක් තුලින් පමනක් හදුනාගත නොහැකිය. එය කලහැක්කේ සංඥාර්ථවේදී දැනුමකින් කරනු ලබන විචාරශීලී සිතීමකින් පමණි.


එබැවින් ජේවීපිය, පෙරටුගාමීන්, සහ කේන්ද්‍ර්‍යක් නොමැතිව සිමිලේක්‍රමයට ලක් වී සිටින ඊනියා වාමාංශික බුද්දිමතුන් වීමට දගලන පිස්සන්ට ‘නව වමක්’ ගොඩ නැගීමට හෝ ‘නව වාමාංශිකයා’ නියෝජනය කල නොහැක.


එය ගොඩ නැගිය හැක්කේ සද්භාවාත්මක පදනමකින් (ontological) සංඥාර්ථවේදී දැනුමකින් (post structuralist semiotics and psychoanalysis)සමාජය කියවා ගන්නා ”සමබිම” පක්ශයේ අපට පමණි.

චන්දන රණසිංහ.

ඔබේ අදහස කියන්න...