හේගල් පිළිබද ග්‍රන්ථයක් එළි දැක්වෙන්නේ “නෙළුම් කුළුණ ” චිත්‍රපටය තිර ගත වන වකවානුවක වීම දෛවයේ සරදමක්ද? ග්‍රන්ථය ඉතා සම්භාව්‍ය ලෙසත් චිත්‍රපටය ඉතා සරල සහ බහුදිශානත විපරිතභාවයක් ලෙසත් බැලූ බැල්මට පෙනුනත් මේ ක්‍රියාවලි දෙක තුළ පවතින සාම්‍යය වන්නේ අශ්ලීලත්වයයි.
“නෙළුම් කුළුණ “චිත්‍රපටය නැරඹීම සදහා දෙමව්පියන් දරුවන් සමග පැමිණෙන විට චිත්‍රපටශාලා වලින්ම මෙය දරුවන්ට පෙන්වීම එතරම් අනුමත නොකරන බව කියන බව අපට ආරංචි වී ඇත. නමුත් දෙමව්පියන් එය සැලකිල්ලට නොගෙන දරුවන් සමග අශ්ලීලත්වය නරඹති. දෙමළ මිනිසකු විසින් මහින්ද ගේ ලිංගය සහ phallus එක අතර මැදට පැන කුළුණ බිඳ දමා ඇත . මේ තුළ පවතින්නේ disavowal හෙවත් ප්‍රතික්ෂේප කිරීමයි. තමන් ගේ දරුවන්ගේ මනෝලිංගික වර්ධනයට මෙය බලපෑම් සහගත බව දන්නා නමුත් නොදන්නා ලෙස ඔවුන් ක්‍රියා කරති. අප දන්නා ආකාරයට අශ්ලීලත්වය ප්‍රකාශ වන්නේ භාෂාව තුළිනි.
චිත්‍රපටිය ලැකාන්ගේ සිද්ධාන්ත හොඳින් අනුගමනය කරයි . එය ඇසිය හැකි චිත්‍රපට යක් මිස බැලිය යුතු එකක් ද? එහි දෙබස් ඉතා බලපෑම් සහගතය. විත්‍රපටය නරඹා ශාලාවෙන් පිටතට පැමිණ තම දරුවන්ගේ මුහුණ බැලිය හැකි ”හොදම දේ ”දරුවන්ට ලබා දෙන බව කියන අභීත දෙමාපියන් සිටින සමාජයක අපි ජීවත් වන්නෙමු.
පද්ධතිය ලුහු කරමු.
ලංකාවේ නවතම අභීත කථිකාචාර්යවරයෙකු වන්නේ හේගල් ග්‍රන්ථය ලියූ සමන් පුෂ්පකුමාරය. තමන් ලියූ පොත එළිදැක්වීමේ උත්සවයට ආරාධනා කර සිටින නිර්මාල් රංජිත් දේවසිරි [MY OWN FUCKING SRI LANKA]තමන් හේගල් පිළිබද කිසිවක් නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඒ බව හොදින්ම දන්නා සමන් පුෂ්පකුමාර “නෙළුම් කුළුණ ” නරඹන දෙමව්පියන් මෙන් ඒ බව නොදන්නා ලෙස කටයුතු කරයි. මෙහි පවතින්නේද disavowal හෙවත් ප්‍රතික්ෂේප කිරීමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබද දේශකයින් රැසක් සිටියත් සමන් විසින් හේගල් ගැන තමන් නොදන්නා බව ඔහුම කියන නිර්මාල්වම කැද වන්නේ ඇයි? ඒ දීප්ති ලබනවා යැයි ඔහු සිතන විනෝදය (මෙම විනෝදය සැබෑ දීප්තිට අදාළ නැත. මෙය අදාළ වන්නේ සමන්ගේ ඔළුවේ සිටින දීප්තිටය.) තර්ජනයට ලක් කිරීමටය.
කථිකයකු තමන් හේගල් ගැන නොදන්නා බව පවසා ඇති විටක තම ජීවිතය සමාජ මාධ්‍ය තුළ නාස්ති කරගත් පිරිසක් පොත එළිදැක්වීමට අපි නම් සහභාගී වනවා යැයි කියන්නේ තම විනෝදය නිසා මිස හේගල් ගැන දැන ගැනීමට නොවේ. ඔවුන් දීප්තිට එරෙහිව සමන් සමග අත් අල්ලාගෙන ඇත. තමන් හොදින්ම දැන ඒ බව නොදන්නා සේ සිටින disavowal ප්‍රතික්ෂේප කිරීම මනෝවිශ්ලේෂණයට අනුව අදාළ වන්නේ විපරීතභාවයටය. මේ අනුව දරැවන්ට හොදම දේ ලබා දෙන දෙමාපියන් මෙන්ම විශිෂ්ට දාර්ශනිකයකු වන හේගල් පිළිබද ග්‍රන්ථයක් ලියා ඇති සමන් ද අවිඥානිකව පෙන්නුම් කරමින් සිටින්නේ විපරීත ලක්ෂණද?
හේගල් පිළිබද පොත් ගණනාවක් ලියා ඇති Terry Pinkard තමන්ගේ පොත් එළි දක්වන විට මෙවැනි විපරීත ලක්ෂණ පෙන්නුම් කර තිබේද? ඔහුට Slavoj Zizekගේ හෝ Robert Pippinගේ විනෝදය තර්ජනයට ලක් කිරීමට අවශ්‍ය නැත.
හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සේවය කරමින් හේගල් සිදු කරනු ලැබුවේ ආයතන ගත දැනුම ප්‍රශ්න කරමින් පරම දැනුමක් (Absolute Knowledge) බිහි කිරීමය. ලුවී අල්තුෂර්, මිෂෙල් ෆූකෝ, ඩෙරීඩා, ඩිලියුස් හා බදියු යනු විශ්වවිද්‍යාල තුළ සේවය කරමින්ම ආයතන ගත දැනුමට එරෙහි ගරිල්ලා ප්‍රහාර එල්ල කළ පසුකාලීන දාර්ශනිකයන් කිහිප දෙනෙකි. එහෙත් අද වන විට මෙරට විශ්වවිද්‍යාල තුළ සේවය කරන්නන් ආයතන ගත දැනුම් රාමුව වඩ වඩා ස්ථාපිත කරමින් හා වඩ වඩා විපරීත කරමින් ධනවාදී රාමුව තුළ දැනුම යනු අශ්ලීල විනෝද ගැටළුවක් බවට පත් කර ගෙන ඇත.
හම්බෝල්ට් කැන්ටිමේ කැෂියර්වරු