[dropcap color=”pink-orange”]ප[/dropcap]සුගිය දා වෙබි අඩවි කිහිපයක ප්‍රවෘත්ති වලට අනුව ජයසූරියගෙන්  වෙන් වීමට ඔහුගේ බිරිද ස්‍රැන්ඩ්‍රා තීරණය කර ඇත. ඊට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අධීක ස්ත්‍රීලෝලත්වයයි. මෙම ප්‍රවෘත්තිය කියවන අයට මේ ගැන මෙසේ සිතීම අහම්බයක් නොවේ. අම්මට සිරි සනා මාර සැපක්නේ ගන්නේ! අපිට කොහෙද ඔහොම සැප.

මිනිස් ආශාවේ මූලධර්මයට අනුව ආශා කරන වස්තුව ලැබුණු විගස ආශාව මියයයි.මේ නිසාම ස්ත්‍රී පුරුෂ සබදතා ආකෘති තුනක් බිහි වී ඇත.

01-වසගය (Seduction)

02-විවාහය (Marriage)

03-පෙරුම්පුරණ ආදරය (Courtly Love)

දැන උගත්කම් අඩු සනත් එකවරම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම නිසා මුදල්,කීර්තිය සහ බලය හිමිකර ගත්තේය. අතීතයේ දී ඔහුට සිහිනෙන්වත් හිමිකර ගැනීමට නොහැකි වූ ස්ත්‍රී ශරීර විශාල ප්‍රමාණයක් පසුව ඔහුට හිමි විය.

කුඩා කළ සිට මවගේ දැඩි අවධානයට ලක් වූ පිරිමි දරුවෙකු වූ සනත් ග්‍රස්තික නියුරෝසිකයෙකි. සාමාන්‍ය ග්‍රස්තිකයෙකු මෙන් නොව සනත්ට තමන්ගේ ආදර වස්තුව මුදල්, කීර්තිය සහ බලය නිසා සෑමවිටම ක්ෂණිකව අත්පත් කරගත හැක. එවිට සනත්ට එම ආදර වස්තුව එපා වේ. ග්‍රස්තිකයා පස්සෙන් පන්නා ආලය කරන්නේ හිස්ටරික ස්ත්‍රියටයි. මන්ද යත් ඇය සෑමවිටම අනෙකාගේ ආශාවේ වස්තුව වීම හෙළා දකින නිසාය. ඒ අනුව ග්‍රස්තිකයා නන්නත්තාර වන්නේ හිස්ටෙරික ස්ත්‍රිය ඉදිරිපිටයි.

ග්‍රස්තික නියුරෝසිකයෙකුට සාමාන්‍ය ස්ත්‍රියක් ආදර සහ ලිංගික සබදතා වලදී හමුවුවහොත් ඇය පිරිමියාගේ ආදර වස්තුව බවට පත්වීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙය ග්‍රස්තිකයාගේ පැත්තෙන් මරාන්තික අවධානමකි.  ඒ නිසා අනෙකාගේ ආදර වස්තුව බවට තහවුරු වූ විගසම ග්‍රස්තිකයා එම සම්බන්ධය අත් හරියි. ඒ අනුව ග්‍රස්තිකයන් දිගට හරහට බඩු ගසමින් යන්නන් නොව ආශාවේ වස්තු හේතුව යළි යළි සොයා ගැනීමට අත්තෙන් අත්තට පනින කුරුල්ලන්ය. මෙය ග්‍රස්තිකයාට මළ වදයකි. නමුත් බාහිර අය මෙය සළකන්නේ සැප ගැනීමක් ලෙසිනි. අනෙක් පසින් ග්‍රස්තික පිරිමින්ට ලිංගිකව සහ ප්‍රේමයෙන් හේත්තු වන ස්ත්‍රින්ට හිමි වන්නේ ශෝක ජනක ඉරණමකි. ටික දවසකින් ඔවුන් ස්ත්‍රීන්ව අතහැර තම මව ලගට යයි. ග්‍රස්තිකයාගේ නිවසේ දිගටම නතර වී සිටින ස්ත්‍රිය අම්මාය. ග්‍රස්තිකයන් යනු ආදරය කරන්නන් නොව වසග කරන්නන් පමණි.

maleeka sirisenage 13

ඔබේ අදහස කියන්න...