පසුගිය වසර අවසානයේ නතර කළ දේශපාලන පන්ති අලුත් ස්ථානයක ඇරඹීමට කටයුතු සූදානම් කර ඇත. කලින් ඒ සදහා අප සමග සම්බන්ධතා පැවැත්වූ සියළුදෙනාට ඒ පිළිබද සම්බන්ධීකරණ කටයුතු සිදු කරන සහෝදරයා දැනුම් දී තිබේ. අතපසුවීමකින් යම් අයෙකුට ඒ පිළිබදව දැනුම් දී නැතිනම් peratugamirecruit@gmail.com යන ඊ-මේල් ලිපිනයට තොරතුරු එවිය හැකිය.

95 – 2004 දක්වා පක්ෂයේ ක්‍රියාත්මක වූ අධ්‍යයන වැඩසටහන තුළ සිදු වූ අඩුපාඩු හදුනාගෙන ඇති අතර ඒවා යාවත්කාලීන කොට ඇත. උදාහරණයක් වශයෙන් මෑතකදී WSWS වෙබ් අඩවිය විචාරයක් මගින් අර්නෙස්ටෝ ලැක්ලෝගේ සමාජ න්‍යාය, සිරීසා ව්‍යාපාරයට අදාළව කර ඇත. නමුත් අපගේ අවබෝධයට අනුව ෆර්ඩිනන්ඩ් සෝෂියර්ගේ ව්‍යුහවාදය ( එහි හරය මෙසේ සාරාංශගත කළ හැකිය – භාෂාව ආකෘතියක් මිස සාරයක් නොවේ – භාෂාව මගින් සාරාත්මක දේවල් සහ ආත්මීය දේවල් ප්‍රකාශ නොවේ ) නොදැන ලැක්ලෝගේ චින්තනය වටහා ගත නොහැකිය. නූතන ලෝක ඇකඩමියාව සහ ට්‍රොට්ස්කිවාදය අතර සංවාද බිහි නොවන නිසා මේ ගැන WSWS අන්ධය.
අනෙක් අතට අධ්‍යාපනය සහ ඥාණය අතර පැහැදිළි වෙනසක් ඇත. අධ්‍යාපනය ශික්ෂණයකි. ශික්ෂණ ව්‍යාපාරයක් ස්වභාවික වරණයකදී මෙන් නොහැසිරේ. වාමාංශික දේශපාලනය සදහා මිනිසුන් හදුනා ගැනීම, වර්ගීකරණය, ශ්‍රම විභජනය යනාදිය ඩාවින්වාදී පරිණාමවාදී නීති මගින් අවබෝධ කරගත නොහැක. ලංකාවේ වාමාංශික චින්තනය බොහෝවිට මිනිසුන් තෝරාගැනීම පරිණාමවාදී අදහස් මගින් වටහා ගනියි. අපගේ ක්‍රමවේදය මීට හාත්පසින් වෙනස් වන අතර එය මනෝ විශ්ලේෂණය මත පදනම් වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස වැඩකරන අශෝක සහෝදරයා සහ අප අතර කිසිදු දේශපාලනික හෝ අධ්‍යාපනික සම්බන්ධයක් නැත. ඒ පිළිබදව අපගේ වගකීමක් ද නැත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අදහස් කිසිසේත් විජේවීරගේ අදහස් සහ භාවිතාව සමග ගැලැප්පිය හෝ පෑස්සිය නොහැක. ජාතිවාදයට අපි සපුරා විරුද්ධ වන්නෙමු. කැළෑවලට බැසීමට හෝ යටිබිම්ගත වීමට ද අපට කිසිදු උවමනාවක් නැත.

ඔබේ අදහස කියන්න...