[dropcap color=”red”]ප[/dropcap]වතින සමාජ ක්‍රමයට අධිකතර ලෙස අනන්‍ය වන්නේ කවුද? ටෙනිසන් කුරේ හෝ රන්ජන් රාමනායක යනු මේ පවතින පිළිවෙල සහ තමන් අතර පරතරයක් තබාගෙන සිටින අයයි. වාමාංශිකයන් යනු පරණ ලෝකයට අයත් පිරිසක් ලෙස අප හදුන්වන්නේ මුහුණු පොත පවා ඔවුන් බැරෑරුම් ස්ථානයක් ලෙස සළකන බව පෙනෙන නිසාය. මාක්ස්ට අනුව දෘෂ්‍යමානයට යටින් රහසිගත සත්‍යයක් ඇතැයි සිතන්නේ මාක්ස්වාදීන් නොවේ. අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ දෘෂ්‍යමානය මෙතරම් සරල ඇයිද යන්නය.

ජිජැක් විසින් නතර උදාහරණයට ගන්නා රුසියානු විහිළු කතාවක් ඇත. එක්තරා ගැමි යුවලක් දූලිවි පිරිණු මාර්ගයක ගමන් කරමින් සිටින අතර ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ මේ මොහොතේ දී වංශාධිපතියෙකු අසුපිටන් පැමිණෙයි. මේ ගැමි යුවල අසල අසු නතර කරන වංශාධිපතියා මේ යුවලට අපූරු යෝජනාවක් කරයි. ඔහු පවසන්නේ තමන්ට මෙකී කාන්තාව සමග මෙම ස්ථානයේ දීම සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බවයි. ඒ අනුව ඔහු මෙම ගැමි පුරුෂයාට අණ කරන්නේ මාර්ගය අධික ලෙස දූවිලි සහිත බැවින් තමන් මෙකී ස්ත්‍රිය දූෂණය කරන තුරු ඔහුගේ වෘෂණ කෝෂ යුගලයේ දූවිලි නොගෑවෙන ලෙස අල්ලාගෙන සිටින ලෙසයි. මේ වංශාධිපතියා මේ කාන්තාව දූෂණය කර පිටව යන දෙස බලා සිටි ගැමියා කොක්හඩලා සිනහසෙන්ට පටන් ගනියි. මෙහිදී දැඩි කේනිතියට පත් බිරිද ඔහුගෙන් අසන්නේ අර මිනිහා මාව බොහොම වේදනාකාරී විදිහට දූෂණය කරලා යන්න ගියහම තමුසෙ ඇයි හිනහ වෙන්නේ.

ඌ මට කීවා උගේ බෝල දෙක දූවිලි ගැවෙන් නැති වෙන්න අල්ලගෙන ඉන්න කියලා. ඒත් මම ඒක අතහැරියා. ඌ ඔය යන්නේ බෝල දෙකේ හොදටම දූවිලි ගාගෙනයි. ජිජැක් පවසන්නේ අවශ්‍ය කරන දෙය වන්නේ බෝල දෙකේ දුවිලි ගෑමට ඉඩ හැරීම නොව බෝල දෙක කඩා දැමීම බවයි. ඒ අනුව ලංකාවේ වාමාංශිකයන් කියන්නේ බෝල දෙකේ දුවිලි ගැවුන බව සිතා සතුටු වන අයයි.

අද දවසේ අපට අවශ්‍ය වන්නේ බලය සහිතවූවන්ගේ බෝල කපන අයයි. සිනහා වීමට තරම් අප එඩිතර නම් එය පළමු පියවරයි. එබැවින් අතිශය බැරෑරුම් වෙස්ගෙන ඇති මිනිසුන් යනු අතීතයට අය. අයයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.