විපක්ෂ මතධාරියාට අනුව මහින්ද චින්තනය ආපස්සට කැරකීම ආරම්භ වී ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අනාගත ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින සර්වසුභවාදියෙකුට අනුවත් වාසනාව ඔවුන් වෙත කැරකීම ආරම්භ වී ඇත. කෙසේ වුවත් ප‍්‍රධාන කඩුල්ල තවම පැන නැත. එම කඩුල්ල වන්නේ ජනාධිපති තනතුරයි. ජනාධිපති කඩුල්ල පැනීම සදහා අවශ්‍ය මතවාදය සකසන්නන් මේ වන විට පිල් දෙකකට බෙදී ඇත.
a. පොදු අපේක්ෂකයකු පිළිබද වරණය
b.රනිල් පොදු අපේක්ෂකයකු ලෙස වූ වරණය
ඉහත a ස්ථාවරයේ සිටින අයගෙන් බහුතරයක් දේශපාලන සමාජයට අයිති අයය. b ස්ථාවරයට අයිති වන්නේ ජාතිවාදය හරහා අවිඥානකව බලය ලබාගත හැකිද යන්න පරික්ෂා කරන්නන්ය. මේ නිසා සිවිල් අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ (මෙයට ජාතික ප‍්‍රශ්නයත් ඇතුළත්ය) වෙනුවෙන් පෙනී සිටින අයට සම්මුඛ වී ඇත්තේ අලුත් අභියෝගයකි.
ලංකාවේ අනාගතයේදී ජනාධිපති තනතුර අහෝසි කරනවා යනු පුළුල් දේශපාලන අරුතින් ප‍්‍රාග්ධනයට සීමා පනවා ශ‍්‍රමයට ඇති පීඩනය ලිහිල් කිරීමකි. රේගන්-තැචර්-ජේ ආර් යුගයේ සිට අද දක්වා ගතවූ වසර 34 තුළ මෙවැන්නක් සිදුවී නැත. ලංකාවේ ජීවත්වූ ඉතාම ආන්තික මිනිසුන් (මුඩුක්කු ගෙවල්වල සිට ගම්වල කරන්නට දෙයක් නැතිව සිටි සමහරුන්)  පොහොසත් වූයේ ජනාධිපති තනතුරේ ආනුභාවය නිසාය. අද දවසේ රනිල්ට සමීපයෙන් චක්ගුඩු ගසන බොහෝ දෙනාට ජනාධිපති තනතුර නැති යථාර්ථයක් තුළ පොහොසත් වීමේ හෝ බලවත් වීමේ ඉඩක් නැත. එසේ නම් ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂට පසු දේශපාලන නිදහසක් මිනිසුන්ට ලබාදීමේ වැඩපිළිවෙල කුමක්ද යන්නය.
එවැනි මාර්ගයක් පාදා ගැනීම ‘තිබෙන-පරාමිතීන්’ තුළ පහසු නැත. ජවිපෙට අදාළව පැවති සමාජය සහ දේශපාලනය පිළිබ`ද ගතානුගතික, යල්පිනූ හණමිටි අදහස් ඉන් බි`දී වෙන්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ගේ සමාජ කි‍්‍රයාකාරිත්වය නිසා දියවී යෑම වෙනුවට කලින්ටත් වඩා සමාජය තුළ තහවුරු විය. ‘සමාජය’ සහ ‘දේශපාලනය’ ගැන හණමිටි අදහස් වෙනස් කළ හැක්කේ තනි පුද්ගල සංදර්ශනවලින් නොව සාමූහික කි‍්‍රයාවලියක් අවසානයේය. ඒ අර්ථයෙන් ගත් විට පෙරටුගාමී සමාජවාදීන්ට ඓතිහාසිකව කළ හැකිව තිබූ වැඩ කොටස අද වන විට වේගයෙන් වාෂ්ප වෙමින් යයි.
අප අළුත් වැඩපිළිවෙලක් ගැන සිත යොමන්නේ නම් ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නය ‘දෙමළ ප‍්‍රශ්නය’ ලෙස ගත යුතුය. මෙම ප‍්‍රධාන ප‍්‍රශ්නය ම`ග හැර ධනවාදී සමාජය වෙනුවට සමාජවාදයක් ප‍්‍රාර්ථනා කරන අයට ඉතා ඉක්මනින් දෙමළ ISIS හමුවනු ඇත. අනාගතයේ ඇතිවීමට නියමිත එවැනි දෙමළ ISIS ව්‍යාපාරයක් මුලින්ම බෙල්ල කපනු ඇත්තේ සිංහල ජාතිවාදීන්ගේය. ISIS ලා ඇමරිකානුවන්ගේ බෙලි කපන විට ඔවුන්ට අන්දවා තිබුණේ ග්වන්තමෝ මුස්ලිම් රැඳවියන් හැද සිටි තැඹිලි පාට ජම්පරයයි. කවුරු කෙතරම් අපට කෝචොක් දැම්මත් ‘දෙමළ ප‍්‍රශ්නයට’ සිංහල අප දේශපාලන විසදුමක් දෙන්නේ නැත්නම් අනාගත ලෝක යුධවාදී යථාර්ථය තුළ අපට හිමිවන්නේ රටවල් දෙකකි.
Colombo Telegraph වෙබ් අඩවියට ලිපි සපයන ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන මෝඩයකු වන (මොහුට අනුව කාල් මාක්ස් මනමේ කුමාරයා වැනිය) ශාමන් ජයසිංහට අනුව මාක්ස්වාදය පරණය. ඉස්සර කාලයේ වික්ටර් අයිවන් සමග මධුවිත පානය කර පැරණි UNP ඇමතිවරුන්ගේ ගෙවල්වල බිත්ති බදාගෙන ගිය තක්කඩි මාධ්‍යකරුවන්ට ‘මාක්ස්වාදයේ’ පුනර්ජීවනය අවබෝධ කර ගැනීමට නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ.
කෙටියෙන් කිවහොත් සමකාලීන සිංහල මිනිසාට දේශපාලන ප‍්‍රශ්න නැත. ඔහු අරාජිකවාදියෙකි. ඔහු වෙළදපොල ආර්ථිකයට ආශා කරන විපරිතයෙකි. තවමත් ලංකාවේ විමුක්තිය වෙනුවෙන් සටන් කිරීමට විභවය ඉතිරි කරගෙන සිටින්නේ දෙමළාය. බලන්න මෙය ඇත්තද කියා. ඉන් අදහස් කරන්නේ ‘අපේ දේශපාලනය’ පුනර්ජීවනය කරන්නේ අන්තර් අකි‍්‍රයවාදී දෙමළුන් කියා නොවේ. ඔවුන් අප වෙනුවෙන් සිනාසීම වෙනුවට බෙලි කැපීම ආරම්භ කරනු ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.