මේ කියන්නට යන්නේ අනාගතයේ සිදු වන දෙය ගැන නොවේ. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ සිදු විය හැකි දේවල් ගැනය. ලංකාවට මේ මොහොතේ වර්තමානය කියා දෙයක් නැත. ‘අනාගත ව්යාපෘති’ සහිත මිනිසුන් තමයි අපගේ ‘වර්තමානය’ නිර්මාණය කරන්නෙ. 2020 දී රටේ රාජ්ය නායකයා වීමට වැඩිම ශක්යතාවක් තිබෙන්නේ රනිල් වික්රමසිංහ මහතාටය. අප මේ ලියන්නට යන්නේ ඔහුගේ අනාගත වැඩසටහනේ දෘශ්යමාන අංග ගැනය.
රනිල් වික්රමසිංහ මහතාගේ මුඛ්ය ව්යාපෘතිය වන්නේ රටේ ආර්ථිකය සහ විදේශ වෙළෙඳාම කළමනාකරණය කිරීමයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට යොමු වී ඇත්තේ ජාතික ආරක්ෂාවයි. බලතල බෙදී ඇති ආකාරය අනුව වගකීම් ද බෙදී යයි. උදාහරණ ලෙස සාලාව අවි ගබඩාව පිපිරීම, ඇවන්ගාඩ් ගනුදෙනුව, විදේශවලින් අවි ආයුධ ගැනීම (ජෙට් මිලදී ගැනීම) ආදී මඩ සහ අවදානම් දේවල් වැටී ඇත්තේ ජනාධිපති දෙසටය.
රනිල් වික්රමසිංහට ආර්ථිකය සහ මාධ්ය හැසිරවීම පිළිබඳව ඔහුටම ආවේණික දර්ශනයක් ඇත. ඔහුගේ මූලික ඉලක්කය වන්නේ ශ්රී ලංකාවේ විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 4.5 සිට ඩොලර් බිලියන 12 දක්වා වැඩි කිරීමය. ඉන් ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථායී වනු ඇතැයි විශ්වාස කෙරෙයි. යුරෝපා සංගමය මඟින් සිදු කළ මත්ස්ය තහනම ඉවත් කිරීම නිසා ධීවරයන්ගේ අතට මුදල් ගලා එනු ඇත. GSP සහනයේ සියලු අංශ විවෘත වුවහොත් එයින් ද අපනයන වෙළෙඳාම දියුණු වනු ඇත. වසර තුනක කෙටි ප්රවේගකාරී ආර්ථික වර්ධනයක් රටට ලබා දීම රනිල් වික්රමසිංහ මහතාගේ අභිප්රායයි.
2020 දී රනිල් වික්රමසිංහ මහතාට රටේ රාජ්ය නායකයා වීමට අවශ්ය නම් පහත කොන්දේසි දෙක ද සම්පූර්ණ විය යුතුය.
01. ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම.
02. UNP ය තුළ සිටින රනිල් විරෝධී කොටස් අකර්මණ්ය හෝ උදාසීන කිරීම. ඉන් අදහස් වන්නේ සජිත් පේ්රමදාස සහ ඔහුගේ හිතවත් කණ්ඩායම් නිහඬ කිරීමයි. සජිත් පේ්රමදාස යටින් මෙහෙයවන ලද්දේ Boss යන නමින් හඳුන්වන රාජා මහේන්ද්රන් විසිනි. (මේ පිළිබඳ වැඩිදුර අවබෝධය සඳහා වඞ්ඩකීසූකර ජාතකය හදාරන්න)
‘වසර 2020’ ව්යාපෘතියට එරෙහි වන්නන් අතරින් රාජා මහේන්ද්රන් ‘ට්රෝජන් අශ්වයකු’ ලෙස UNP ය තුළ සිටීම රනිල්ට භයානකය. මේ ට්රෝජන් අශ්වයාගේ කුස තුළ සුජීව, බුද්ධික, හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරත්න මරික්කාර්, රෝසි වැනි අය සිටිති. මිනිසුන් මෙහෙය වීමේ දී රනිල්ට නැති රාජාට ඇති විශේෂ ගුණාංග දෙකක් ඇත. රනිල් කළමනාකාරවරයෙක් (CEO) වන විට රාජා දරුවන්ට පියෙක් මෙන් සලකයි. රනිල්ට අනුව ‘ළබැඳියාව’ හැර ඔබට අන් සියල්ල වෙළෙඳපොළෙන් මිලට ගත හැකිය. නමුත් රාජාට අනුව ඔහු මත පරායත්ත වන්නන්ව හොඳින් රැක ගැනීම හොඳ පියෙකුගේ ගති ගුණයකි. අනෙක ප්රාග්ධනය හෝ වෙන කිසිවක් සමඟ තදින් නොහැපුණු මිනිසුන්ව කවුරුන් හෝ රැකගත යුතුය. මේ හේතුව නිසා UNP ය තුළ ඇති ට්රෝජන් අශ්වයා නිශ්චිත සිදුවීමකට පසු රනිල්ට එරෙහිව ක්රියාත්මක විය හැකිය. මීට අමතරව මහාරාජා රනිල්ට එරෙහිව පිටතදීත් පෙරමුණක් නිර්මාණය කර ඇත. එය දූෂණ විරෝධී පෙරමුණ සහ අනුබද්ධ විවිධ සිවිල් උද්ඝෝෂණ කණ්ඩායම්ය. දුම්මල ගසා රූපවාහිනී චැනල තුළට රැුගෙනවිත් ජනප්රිය සාත්තුව දෙන නිසා බොහෝ සිවිල් කි්රයාකාරීන් ද මේ සන්නි නැටුමට කැමැතිය. 1995 දී රනිල් වික්රමසිංහ තුළ සිදු වූ අභ්යන්තරික විප්ලවයට පාදක වූයේ මෛත්රී වික්රමසිංහ මහාචාර්යවරියයි. මේ නිසා රනිල්ගේ කුසයට වදයක් වන තරමට ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය ඇතුළු විය. දැනට හිස් වී ඇති ITN සභාපති තනතුරට සමන්ට පසු පත්වීම සඳහා මේ දිනවල අගමැති කාර්යාලය තුළ සිවිල් ක්රියාකාරිකයකු ලොබී ක්රීඩාවක යෙදෙන බව ද සැල වෙයි. 95 ට පසු රනිල් වික්රමසිංහට අලූතින් ඇති වී ඇති ප්රශ්නය මෙවැනිය. දැනට පෙනෙන අන්දමට ‘බලය’ බෙදීම පිළිබඳ අලුත් වටයක් ආරම්භ වීමට ඉඩක් නැත. මේසය මත දමා ඇති රෙද්ද කිසිවකු ඇද දැමුවේ නැත්නම් රනිල්ගේ චෙස් පෙත ඉහත පරිදි චලනය වනු ඇත.
2020 වසර සඳහා අලූත් වැඩසටහනක් නිර්මාණය කළ යුතු අය සිටී නම් ඒ අය ඉහත චිත්රයේ සෑම පැති පෙනුමක්ම අධ්යයනය කළ යුතුය. ඉහත චිත්රය වටහා ගැනීමට අවශ්ය නැති අය මෙලොව ජීවත් වේ නම් ඒ අය ජීවත් වීම සඳහා ‘උමතුවක්’ (Madness) නිර්මාණය කරගත යුතුය. අවශ්ය නම් එම උමතුවට ‘යහපාලනය’ යන නම ආදේශ කළ හැකිය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. I wonder because of why deepthi is giving tactics to ranil ….deepthi desire is to be ranil president what will hppened .if he become president like hitler ….deepthi you must promote leftist not capitalisam dont give any advice to bloody fuckers ..

  2. I think this article is not “giving tactics” or “giving advice” it is about EXPOSING a political strategy and thereby making it dysfunctional as a ‘strategy’, though it may still workout as a process.

Comments are closed.