විපරිතයාගේ ලෝකය තුළ ලැජ්ජාව යනුවෙන් දෙයක් නොපවතින බව අපි දනිමු. ඒ නිසා සිය ශිෂ්‍යාවන්ගේ පුකවල් ( පුක යනුවෙන් සදහන් කරන්නේ මධ්‍යම පාන්තිකයන්ට ලැජ්ජා කිරීමටය. මුඛය – කට යනුවෙන් හැදින්විය හැකි වුව ද අපි පස්ස හදුන්වන්නේ පුක යනුවෙනි ) මිරිකීමට ගොස් ගුටි කා අම්බානක් චාටර් වුව ද , වංගීස සුමනසේකරට අනුර කුමාර දේශනය පැවැත්වූ පදනම් ආයතනය වෙත පැමිණ ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටින තක්කඩීන් සමග කරට අත දා ගෙන සිටිය හැකිය. ඒ නිසා මින් ඉදිරියට සර්ප කුමාරි කුමාරගේ වැනි අය ස්ත්‍රීවාදය පිළිබදව කථා කරන විට ප්‍රවේසම් විය යුතුය. අපට අනුව ස්ත්‍රීවාදය පිළිබදව කථා කරමින් ස්ත්‍රීන්ට ලිංගික හිංසනයන් සිදු කරන වංගීස වැනි පුද්ගලයන් සමග කරට අතදාගෙන සිටින සර්ප කුමාරි කුමාරගේ වැනි අය නොම්බර එකේ නරුමවාදීන්ය.
පදනම් ආයතනයේ දී අනුර කළ දේශනය ඇසීමට වංගීස පැමිණියේ ඊට පෙර දින රාත්‍රිෙය් කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ පැවති කොහොඹ කංකාරිය අතරතුර ශිෂ්‍යාවකට අයුතු ලිංගික හිරිහැරයක් සිදු කර ශිෂ්‍යයන්ගෙන් අම්බානක ගුටි කාගෙනය. පෙරටුගාමී ශිෂ්‍යයන් වංගීසට අතින් පයින් නිසි පිළිතුරු ලබා දී තිබේ. ශිෂ්‍යයන්ගේ පහරකෑමට ලක් වූ පසු වංගීස දඩ බඩ ගා එම ශිෂ්‍යාවන්ගෙන් සමාව ගැනීමට දුරකථන අංක සොයමින් සිටියි. විශ්ව විද්‍යාලයේ පරිපාලන පද්ධතිය විසින් වංගීස සිදු කරන විනය විරෝධී  වැරදිවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ වටාපිටාවක් තුළ ශිෂ්‍යයන්ට නීතිය අතට ගැනීමට සිදුවීම ඛේදවාචකයකි. මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලයේ ද සිදුවූයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ නිසා ජනතාව නීතිය අතට ගෙන කටයුතු කිරීමය. රුසියානු විප්ලවය අසාර්ථක වූයේ ද බොල්ෂෙවික් පක්ෂයේ සිටි සහෝදරවරුන් කළ වැරදි වැසීමට අනෙක් සහෝදරවරුන් පෙනී සිටීම හේතුවෙනි. මහින්ද රාජපක්ෂව පරාජය කළ ද මිනිසුන් අවිඥාණිකව මහින්ද ආශක්ත වී ඇති බව අප පවසන්නේ ඒ නිසාය.
විශ්ව විද්‍යාලය තුළ වංගීසට නිහඩ අනුමැතියක් හිමිව ඇත්තේ ඔහුගේ පියා වන  ප්‍රධාන කර්තෘ  මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලා සිය පුත්‍රයාව විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගත් නිසාය. එපමණක් නොව අප බුද්ධි අංශය වාර්තා කරන අන්දමට වංගීසට එරෙහිව විනය විරෝධී ක්‍රියා නොගැනෙන්නේ වී.සී. ආරියරත්න කලුආරච්චිගේ බලපෑම හේතුවෙනි. ඒ මන්ද මේ වන විට වංගීස විසින් කලුආරච්චිගේ පේපර් ආර්ටිකල් හැන්ඩ්ල් කරමින් සිටින නිසා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නවා පමණක් නොව ෆැකල්ටියට එන්නේ නැතිව වෙනමම ලෙක්චර්ස් වලට පැමිණීමට පවා වංගීසට අවස්ථාව ලබා දී තිබේ.. කොහුවල දී වංගීසව බේරගත්තේ සෞම්‍ය ලියනගේ විසිනි. කොහොඹ කංකාරියේ දී ගුටි කමින් සිටි වංගීසව බේරගත්තේ  රංගන ශිල්පී සනත් විමළිසිරිගේ සහෝදරයා වන විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන මහින්ද විමළසිරි විසිනි. වංගීස කළ ලිංගික හිංසනයන් පිළිබදව විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් පාලනාධිකාරියට අවස්ථා කිහිපයකදී පැමිණිළි කළ ද ඔහුට එරෙහිව මේ වන තෙක් විනය විරෝධී ක්‍රියා නොගෙන සිටීම බොහෝ දෙනා මවිතයට පත් කර තිබේ.

මෙය අත්‍යන්තයෙන්ම දේශපාලන සිදුවීමක් බවට මේ වන විටත් පත්ව තිබේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින මෛත්‍රීපාල සිරිසේනගේ සිට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති නිර්මාල් දේවසිරි දක්වා වන මහත්වරුන් දැන් පවසන්නේ කුමක් ද ? මහින්ද චින්තනය පරාජය කළ යුතු බවට මොර ගෑ ඔබලා හිරිබුරේගමලා විශ්ව විද්‍යාලයෙන් පන්නා දැමීමට සහ විශ්ව විද්‍යාල ස්වාධින ආයතන බවට පත් කිරීමට දැගලුවා නේද ? ශිෂ්‍යාවන්ට ලිංගික හිංසනයන් කරන වංගීස සුමනසේකර වැනි අය සහ ඔවුන්ව ආරක්ෂා කරන වී.සී ලා ගැන නිර්මාල් දේවසිරි ප්‍රමුඛ යහපාලන නඩය නිහඩව සිටින්නේ ඇයි ? විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍යාවන්ට සහ බාහිර කථිකාචාර්යවරියන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබදව නොදන්නෙහි ද ? නැතිනම් නිහඩව සිටින්නේ ද ?
ස්ත්‍රීවාදය පිළිබදව යටිගිරියෙන් කෑ ගසනා මරාගෙන මැරෙන බෝම්බකාරියන් වන සුරේථා සමරසේන, තිළිණා වීරසිංහ, සීතා රන්ජනී, ජානකී  ( මෙම ආචාර්යවරියට වංගීසගේ වීරක්‍රියා නිසා සිදු වූ දේ පිළිබදව දෙවියන් පවා කම්පා වේ) වැනි අය ලිංගික හිංසනයන්ට එරෙහිව මේ අවස්ථාවේ පෙනී නොසිටින්නේ මන්ද ? අප මෙහිදී වංගීස සුමනසේකරව ගන්නේ රූපකයක් ලෙස පමණි. අපට ඔහු සමග කිසිදු පුද්ගලික අමනාපයක් නැති නමුත් දේශපාලනයේ දී අප කිසි විටක ඔහු වැනි පුද්ගලයන්ට ආපසු හැරී බැලීමට පවා ඉඩක් දෙන්නේ නැත. අපට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාල වල සිදුවන ලිංගික හිංසනයන් පිළිබදවය. එය බරපතල තත්ත්වයක් බැවින් ඊට එරෙහිව සැමවිටම අපි පෙනී සිටින්නෙමු.. දීප්ති ඒකාධිපතියා යැයි තැන් තැන් වල කියමින් ස්ත්‍රීවාදයේ මූර්තිය ලෙස පෙනී සිටි ප්‍රභා මනුරත්න මෙහිදී නිහඩව සිටින්නේ ඇයි? ඇයගේ සැමියා වන බුද්ධික බණ්ඩාර වරෙක නුවර පාරේ බස් එකකදී ස්ත්‍රියකට හිරිහැර කළ පුද්ගලයකුට අම්බානක් තඩිබෑවේය. එවැනි ප්‍රගතිශීලීන් දැන් සිටින්නේ කොහි ද ?

sade 2-
වංගීස සුමනසේකර යනු මෙම සමාජයේ අවාසනාවන්ත ගොදුරු බවට පත් වූ පුද්ගලයන්ය. ( පියාගේ නීතිය නිසි අයුරින් අභ්‍යන්තරීකරණය නොවූ පුද්ගලයෙකි )  ඔහුව උදාහරණයක් ලෙස ගනිමින් අප පෙන්වීමට උත්සහ කරන්නේ වඩා භයානක වන්නේ වංගීස වැනි පුද්ගලයන් නොව එවැනි විපරිත ගති පැවතුම් ඇති පුද්ගලයන්ව අධ්‍යාපනික ආයතන වලට ගන්නා සුදත් මහදිවුල්වැව වැනි පුද්ගලයන් බවයි. ඉකුත් දා අනුර කුමාර සහෝදරයා පදනම් ආයතනයේ දී කළ විකිපීඩියා දේශනය ඇසූ අය අනුරගෙන් ප්‍රශ්න කළ යුත්තේ ‘‘ අපි ඔබගේ විකිපීඩියා දේශනයට වඩා සිනමාව හා දේශපාලනය අතර ඇති සම්බන්ධය දන්නවා. ඒත් අපි නොදන්නවා වගේ ඉන්නේ ‘‘ ඇයි දැයි කියාය.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අප නොදන්නවා වගේ ඉන්නේ අයි? වාමාංශික දේශපාලනයේ කුහකත්වය නිසාය.

  2. අත්තටම කිවිවොත් අනුරට ව්කිපිඩියා දෑනුම වත් නෑ. හෙගල් අනුව ගත්තොත් එකේ contrary…. දිප්ති ට තියෙන්නෙ youtube හෝ විකිපිඩිය දෑනුමක්
    අත්තටම කිවිවොත් අනුරට ව්කිපිඩියා දෑනුම වත් නෑ. එක නිසා තමය් දිප්ති එහෙම කියද්දි අනුරට එක ඈහෙන්නෙ නෑත්තෙ. අනුර විකිපිඩිය කියෙව්ව නම් වෙනස දන්නව..

Comments are closed.