[dropcap color=”yellow”]අ[/dropcap]ද අප සිටින ඓතිහාසික මොහොත මගින් සනිටුහන් වන්නේ කුමන සත්‍යයක් ද? මාක්ස්වාදය බිහි වීමට ප්‍රථම ලෝකයේ ජීවත් වූ දේශපාලන විචාරකයන් තරම් අප වාසනාවත්ත නැත. මේ නිසා කලාව සහ මාක්ස්වාදය අතර සම්බන්ධයට ඉතිහාස අත්දැකීම් ඇත. ට්‍රොස්කිවාදයෙන් සමහර විට බාගයක්ම වෙන්වී ඇත්තේ මෙම කරුණ අවධාරණය කිරීමට බව කීම අතිශෝක්තියක් නොවේ. එය ආකෘතිගත වී ඇත්තේ කලාවට අණ පණත් පැන වීමට අපට අයිතියක් නැත යන සිද්ධාන්තය පදනම් කරගෙනය. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයේ තාර්කික ඵලයක් බව පෙන්වීමට බර්ටෝල් බ්‍රෙස්ට් තරම් කලාකරුවෙක් තවත් නැත. ස්ටාලින්වාදය නිසා හානියට පත් කලාකරුවන්ගේ ලැයිස්තුව දිගය. ආන්ද්‍රේ තාර්කොවිස්කි සහ ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි ඉන් ප්‍රසිද්ධ සිනමාකරුවන් දෙදෙනෙකි.

කොළඹ පැවති අන්තර් ජාතික සිනමා උළෙල හරහා අසෝක හදගමගේ නිර්මාණ භාවිතාව දේශපාලනිකව ප්‍රශ්ණ කෙරී ඇත. අවාසනාවකට මෙන් එම විවේචනයන් එක පැත්තකින් මම තරහා නිසා ඔබත් තරහා වෙන්න! වර්ගයේ ආත්මමූලික විවේචන වන අතර අනිත් පැත්තෙන් අනෙක් ඒවා සදාචාර විවේචනයන්ය. උදා-ඔබ ගොඨාභයගෙන් මුදල් ගත්තා ද? පවතින -ක්‍රමය හරහා ඔබ ලාභ ලබනවාද? මගේ අදහස මෙම දෙවැනි විවේචන ශෛලිය තමන් කරාද යොමු කරන්න යන්නය. සුනන්ද දේශප්‍රිය යැපෙන්නේ කොහොම ද? නන්දන වීරරත්න යැපෙන්නේ කොහොම ද? තේනුවර යැපෙන්නේ කොහොම ද? ධර්මසිරි යැපෙන්නේ කොහොම ද? දීප්ති යැපෙන්නේ කොහොම ද?…අන්තිමට තමන් යැපෙන්නේ කොහොම ද? කියා තමන්ගෙන්ම අහන්න. මේවා ට්‍රොස්කිවාදයේ බාලදක්ෂ විචාර විධික්‍රමයි. මේ ප්‍රශ්ණ අසන අයට මම කියන්නේ ඔවුන් වාස්තවිකවාදීන් කියාය. අදුරු ලෝකයට ටෝච් ගසන  ඔවුන් ගේ ආලෝකයේ මුලාශ්‍රය ඔවුන්ගේම ආත්මය බව තවමත් ඔවුහු නොදනිති.

ඉහත විවේචන ශෛලීන් දෙකම මගහැර අප ප්‍රස්තුතයට බසිමු.

අසෝක හදගමට අදාලව දේශපාලන විචාර දෙකක් ඉදිරිපත් කළ හැක.

01-  ආණ්ඩුව සමග සන්ධානගත වී සිනමා උළෙලක් සංවිධානය කිරීම

02-  උතුරේ දෙමළ ජනයාගේ අරගලය බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් මගින් අනාගතයේ දී අහෝසි වනු ඇතැයි සමපේක්ෂණය කිරීම.

ඉහත අක්ෂ දෙකට අදාලව අපගේ විචාරය පහත දැක්වෙයි.

01-  මෙම ස්ථාවරයට අසෝක හදගම යාම නිසා දැන් ලංකාවේ කලාව කිරීමට දේශපාලන නිදහසක් ඇත යන මායාව නිර්මාණය කරන ලදි. උදාහරණයක් වශයෙන් කාලෝස් රෙගෙඩාස් ගේ ජැපෝන් සහ අනෙක් ච්ත්‍රපට වල අඩංගු ලිංගික දර්ශණ කිසිදු වාරණයකින් තොරව ප්‍රදර්ශණය කිරීමට ඉඩදීම ගැන අසෝක හදගම ප්‍රසිද්ධියේ රැගුම් පාලක මණ්ඩලයට ස්තූති කරන ලදි. මෙය භයානක දේශපාලන වරදකි. මෙමගින් අපත් ඇතුළුව අක්ෂරය චිත්‍රපටියේ වාරණයට විරුද්ධව පෙනී සිටි දේශපාලන ප්‍රකාශකයන්ව සැහැල්ලු කරන ලදි. එතනදී හදගම පමණක් නොව මෙම මුළු උළෙලටම සහභාගී වූ නිර්මාණකරුවන් චෝදනා ලැබිය යුත්තන්ය. එය හරියට වර්ණභේදවාදය පැවති වකවානුවේ කලු ජාතිකයන් පිරිසක් ක්‍රිකට් ගැසීමට දකුණු අප්‍රිකාවට යාම හා සමානය.

02-  හදගම මෙම ස්ථාවරයේ දී රැදී සිටින්නේ බැසිල් රාජපක්ෂ ගේ ස්ථාවරයේය. බැසිල්ට අනුව අරගල කළ මිනිසුන්ට බැංකු ක්‍රමය,හුවමාරු මාධ්‍යෙයන් සහ අවසාන වශයෙන් ධනවාදය හදුන්වා දුන් පසු අරගලයට සහභාගී වූ මිනිසුන් අරගලය අමතක කරයි. 89 වසරේදී ජ.වි.පෙ විනාශ කිරීමෙන් පසු එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අනුගමනය කිරීම සදහා අයි.එම්.එෆ් එක උපදෙස් දුන්නේ ඒ අකාරයටය. නමුත් මෙම ක්‍රමය  දෙමළ ප්‍රජාව සදහා වලංගු නැති බව ඊනියා ඡන්ද ප්‍රතිඵල වලින් පවා සනාථ වී ඇත. සෘජු ලෙස හදගම සම්බන්ධ නැනත් උළෙලේ ගුප්ත ප්‍රකාශකයන්ට අනුව යුද්ධයට පසු ලස්සණ චිත්‍රපට උළෙලක් ඔවුන් පෙන්වා ඇත. මේ වනාහි ෆැසිස්ට් අදහසකි. හදගමගේ මෙම පරාමිතය නිසා දෙමළ ජනතාව ඔහුගේ කලා නිර්මාණ වල හරයෙන් ඉවත් වනු ඇත. එපමණක් නොව අප හරහා හදගමගේ සිනමාවේ දේශපාලන ඉවක් අල්ලමින් සිටි අනාගත පරපුරක් වේ නම් ඒ අයත් හදගම ගෙන් ඉවත් වනු ඇත. මිනිසුන් ගේ භෞතික වේදනාවන් හී ප්‍රතිඵලය නිර්මාණය කරන්නේ මුල්‍ය සමපේක්ෂකයන්ගේ ඔට්ටු ඇල්ලීම නම් හේතුව නිසා බව අප හදගමට තවහුරු කළ යුතු නැත.

කලාකරුවන්ට තමන් කැමති දෙයක් කිරීමේ නිදහස තිබිය යුතුය. ඔවුන්ගේ මාවත ඔවුන් තෝරා ගත්තාට අපට කම් නැත. නමුත් අපගේ සටන සමග ඔවුන් ගේ මාවත පෑහෙන්නේ නැති නම් අප අතර පරතරයක් තිබිය යුතුය.

                                    -දීප්ති කුමාර ගුණරත්න-

                                                             DSC_0019

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයේ තාර්කික ඵලයක් නම් අප ලේනින්වාදයෙන් ඉවත් විය යුතුයි න්දේද? එහෙම නැත්නම් ලේනින්වාදයේ වෙනත් තාර්කික ඵලයක් හොයමුද?

  2. දීප්ති කුමාර ගුණරත්න ධනවාදී වැරදි නොකළ යුතුය. එසේ කරන්නට සිතෙන්නේ නම් ඔහු පළමුව මිය යා යුතුය. අපට හදගම වැරදි කළාට ප්‍රශ්නයක් නැත. නමුත් දීප්ති කුමාර ගුණරත්න වැරදි කළහොත් එය ප්‍රශ්නයකි.

Comments are closed.