ප්‍රතිචාරයක්
අපට පක්ෂය යන්න නැවත අලුත් අර්ථකථවේදයකින් ඉදිරිපත් කිරීමට සිදුවන බව  21 වැනි සියවසේ කොමියුනිස්ට්වාදය කරා යන වාමාංෂික ව්‍යවහාරයක් සහිත පක්ෂ තුළ අද දවසේ ඇතිවී තිබෙන අර්බුද දෙස බලන විට අප සිතිය යුතු අතිශය වැදගත් කරුණක් නොවේද ?
එකිනෙකට වෙනස් ඓතිහාසික සිදුවීම් මත විවිධ රාජ්‍යයන් තුළ  බලය කේන්ද්‍ර කොටගත් පක්ෂ මත පරායක්ත වූ පාලන ක්‍රමයන් බිහිවී ඇත. 
එම පක්ෂ පොදු කුළකයක් ලෙස ගෙන බලන විට තනි පුද්ගලයකුගේ ආත්මමූලික මැදිහත්වීමක් මත ගොඩ නැගී ඇති දර්ශනයක් කේන්ද්‍ර කොට ගනිමින් යටත් පිරිසෙන් පක්ෂ බහුතරයක් නිර්මාණය වී ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන්නෙකුට පහසුවෙන් සොයාගත හැකිය.
එම තනි ආත්මයේ දර්ශනයේ බලපෑම තුළින් කාඩර්වරුන් පක්ෂය වටා ගොනුවී සිටින බවද ඔබ මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණකි.
රුසියාවේ බොල්ෂෙවික් පක්ෂය විප්ලවයක් කළේ ලෙනින්ගේ ආත්මමූලික මැදිහත්වීම තුළිණි. චීනයේ සිදු වූයේ මාඕගේ ආත්මමූලික මැදිහත්වීමෙන් කොමියුනිස්ට් පක්ෂය තදාත්මක වීමය.
කියුබාව දෙස බලන විට කැස්ත්‍රෝය. ඔබට අවශ්‍ය නම් තවත් උදාහරණ පෙන්වා දිය හැකිය.
අපි දැන් ලංකාව කරා එළබෙමු.
සමසමාජ පක්ෂයේ ඉතිහාසය හාරා අවුස්සන විට අපට හමුවන්නේ එන්.එම්.පෙරේරාය. 71 දී සහ 88-89 අරගල දෙක වටා තරුණ තරුණියන් රොක් වූයේ විජේවීරගේ ආත්මමූලික මැදිහත්වීම නිසා නොවේද?
අද දවස වන විට මෙරට වම අයිස් මෙන් දියවී ගොස් තිබෙන අතර ඇතිවී තිබෙන රික්තය පිරවීමට ට්‍රොට්ස්කිවාදී අක්මුල් සහිත කුඩා පක්ෂ කිහිපයක් සහ කුමාර්ගේ උද්ඝෝෂණ නඩය X කණ්ඩායමේ අසාර්ථක උත්සහයන් අත්හදා බලමිනි සිටියි.රික්තය පිරවීමේ හෙජමොනික අරගලයට වැඩිම බලපෑමක් සිදු කිරීමට හැකිව ඇත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්තිගේ  ආත්මමූලික මැදිහත්වීම ඔස්සේ ඔහු ඉදිරිපත් කරන අදහස් වලට පමණි. දීප්තිගේ කැරිස්මාව වන්නේ ඔහු එකවර න්‍යාය සහ ප්‍රායෝගිකත්වය යන දෙයාකාරයෙන්ම නව අර්ථකථන ඔස්සේ සිය බල සීමාව සළකුණු කිරීමයි.( මේ මොහොතේ ප්‍රායෝගිකත්වය යනු නිවැරදිව න්‍යාය ව්‍යුහගත කිරීමයි ).
දීප්ති දැන් සිය පක්ෂට ශක්තිමත් අඩිතාලමක් දමා ඇතිවා මෙන්ම ඔහුද අඩි කිහිපයක් ඉදිරියට පැමිණ ඇත. මේ මොහොතේ ඔහුට අවශ්‍ය වන්නේ ඔහුව ඉදිරියට ගෙන යා හැකි එක් ස්ථාවරත්වයක පිහිටා සිටිය හැකි සංවිධායකවරුන් සහ පක්ෂ ලේකම්වරුන්ය. ( කලින් කලට මෙම තනතුරුවලට විවිධ පුද්ගලයන් ආදේශ විය ) දීප්තිගේ කැරිස්මාව නිසා මේ වන විටත් අලුතින් එම තනතුරුවලට අවශ්‍ය සහෝදර සහෝදරියන් පිරිසක් දීප්ති වටා සිටියි. මෙම පිරිස දීප්තිගේ ආත්මමූලික මැදිහත්වීම නිවැරදිව තම තමන්ට හැකි අයුරින් වටහාගෙන ක්‍රියා කරන්නේ නම්, අපගේ ජයග්‍රහණය තිබෙන්නේ වැඩි ඈතක නොවේ !
Former X Group Member

-දසුන් රාජපක්ෂ-

 

ඔබේ අදහස කියන්න...