[dropcap color=”red”]අ[/dropcap]ප විසින් සංවිධානය කරණු ලැබූ ධනවාදය යනු කුමක් ද යන සම්මන්ත්‍රණයට සහභාගි වූ සියලු සහෝදර සහෝදරියන්නට පළමු කොට අපි අපේ ආචාරය පුද කරන්නට කැමැත්තෙමු.

දේශපාලනය සම්බන්ධයෙන් බහුතරයක් දෙනා නිද්‍රාශීලිව ගතකරන නරුමවාදය ජීවන භාවිතාව බවට පත්කර ගත් මිනිසුන් සමූහයක් මැද වෙනස් ලෝකයක් වෙනුවෙන් සිතු අයා බලා සිටින සහෝදර සහෝදරියන් යනු අප යන දුෂ්කර මාවතට ශක්තියක් හා ධෛර්ය ලබා දෙන්නන්ය. ධනවාදය අපව අන්තෙකටම තල්ලු කරලා තියෙනවා. ධනවාදය ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් විශාල ජනගහනයක් ජීවිතයේ අවම වරප්‍රසාද වලින් පවා ඉවත් කරලා තියෙනවා. ධනවාදය විසින් මිනිස් ශිෂ්ඨාචාරයේ වෙන කවරදාකටවත් වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සංකීරණ ලෙස ඇති කරලා තියෙනවා. මේ නිසා තමයි අපි ධනවාදය මේ යුගයේ වැඩ කරන අකාරය ගැන සමාජය දැනුවත් වෙන අකාරයෙන් මේ සම්මන්ත්‍රණය සංවිධානය කලේ. අපේ අරගලයේ නව හැරවුම් ලක්ෂයක් තුළින් අපි ඉදිරියේ දී මේ වගේ විවිධ ක්‍රම මගින් සමාජය සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබටත් අපිත් එක්ක ගැටෙන්න එන්න පුලුවන්.

ජනප්‍රිය වීමට ඕනෑම කැත වැඩක් කරන මිනිසුන් බහුල සමාජයක අපගේ වැඩ එකවර බහුතරය අතරට යන්නේ  නැති බව අපි දන්නවා. අපගේ සටන සදහා බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය ද අපට අවශ්‍ය කරන්නේ නැහැ. සටනෙහි ඝණත්වය දියමන්ති තරම් ශක්තිමත් වන විට ඒ වටා මිනිසුන් එකතු වන බව පමණක් ඉතිහාසය දන්නා අප දන්නවා. සටන නියම සටනක් නොවන්නේ නම් සටන් නොකර ඉදීම යහපත් යැයි අපි හිතනවා.  පසුගිය කාලයේ අප නිහඩ වූයේ ඒ නිසයි. සෑම අසාර්ථක වීමක්ම චණ්ඩ මාරුතයක් වැනි සිනහවක් ජනිත කළත් ලංකාවේ ප්‍රථම නාගරික විප්ලවවාදී ව්‍යාපාරය වන අපව පරාජය කිරීම පහසු නැත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලංකාවේ වම්මු දක්‍ෂ අනිත් වම්මුන්ට ගහන්න හැම වමෙක්ම දීප්තිට ගහනවා ඒ කුහකකම ඔවුන් දන්නවා දීප්ති ලග තමා දැනුම තියෙන්නේ කියල තමන්ගේ සාමාජිකයන් ඉස්ස රහ දීප්තිට ගහනවා .ඒත් උන් දීප්තිට අබිමුක වෙන්න බයයි 8 වෙනිදා කිසිම ප්‍රශ්නයක් නැතිව ඔක්කොම නැගිටලා ගියේ ඒ හින්ද වෙන්න ඇති.අනිත් එක දීප්තිත් වම්මුන්ට නොගහ ඉන්න එක තමා හොඳ ගහන්න ඕන තැනදී ගහන්න ඕන …දැන් ලංකාවේ මිනිසුන්ට දෙසපලනික් savinghanika අයට ප්‍රශ්නයක් තියෙනවා විශ්වාසය සම්බන්දව වම්මු …මොනවද කරන්නේ කියල දේසපලනයද ..පිස්සුද කෙලින්නේ කියල …

Comments are closed.