ලංකාවේ වාම දේශපාලනයේ නිරත බොහෝදෙනෙකු සැබෑ අර්ථයෙන් ස්වයං විවේචනයක් කරන්නේ නැත. ජවිපෙ මෙන් එක්කෝ ස්වයං විවේචනයක් කරන්නේ කල් ඉකුත් වුවාට පසුවය. නැතහොත් එය කරන්නේ පෙරටුගාමී සමාජවාදීන් මෙන් සමාජයට වැඩක් නැති මොහොතකය. අප මේ කරන්නට යන්නේ ස්වයං විවේචනයකි.
1.තුෂාර දස්කොන් මහතා ස්වකීය අභිමතය පරිදි Go Rights නමින් සංවිධානයක් නිර්මාණය කර මේ වන විට වැලිකඩ සිරකරුවන් මරා දැමීම ගැන උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට යයි. එය ඔහු සතු අයිතියකි. නමුත් අප සමාජයට කිව යුත්තේ ඊට අපගේ සම්බන්ධයක් නැති බවයි. එවැන්නක් සංවිධානය කිරීමට ඔහුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප පිළිගන්නා මුත් ඊට අපගේ සම්බන්ධයක් නැති බවද කිව යුතුය. එහි වගකීම ඔහු බාර ගත යුතුය.
2.පසුගිය වර්ෂයේ අගභාගයේදී බ්‍රිටෝ ප්‍රනාන්දු, පිලිප් දිසානායක, ප්‍රසංග ප්‍රනාන්දු යන සහෝදරවරුන් සෘජු ලෙසත් , වක්‍ර ලෙසත් මා සමග දේශපාලනය කරන (මේ දේශපාලනය ගැන අවශ්‍ය අයට පහදා දීමට මා සුදානම්ය.) සුදර්ශන ගුණවර්ධන සහෝදරයා ගැන පැමිණිල්ලක් කළෝය. එය මෙසේය.’ සුදර්ශනව දැන් පාලනය කරන්නේ ස්ත්‍රියක්. එයා දැන් පොන්නයෙක්’. මේ පිළිබද සංයුක්ත කාරණා ඉදිරිපත් කරන ලෙස ඒ අයට කීවත් ඔවුන් එය තවම කර නැත. කරුණාකර ඔබ සතු කරුණු සමාජ සංවාදයට එකතු කරන්න. එවිට මම ඒවාට පිළිතුරු දීමට දේශපාලනිකව බැදී සිටිමි.
Deepthi Kumara Gunarathne.

ඔබේ අදහස කියන්න...