ම්බන්තොට ගම්බද පෙදෙසක ඉපදුන රදා කුළයේ පුද්ගලයෙකු වෙදරාළ කෙනෙකු ලෙස නුවරඑළියට සංක්‍රමණය වෙයි. නුවරඑළියේ අශ්ව රේස් පදින සුදු ජාතිකයන් මුහුණ දෙන අනතුරු වලදී ඔවුන්ගේ අස්ථි විසංධිවීම් වලට ප්‍රතිකාර කිරීම හරහා මෙම පුද්ගලයා ධනවතෙකු බවට පත්වේ. පසුව ඔහු සිය පුත්‍රයාව මහනුවර ට්‍රිනිටි කොලීජියට යවා අධ්‍යාපනය ලබා දෙන අතර,වැඩිදුර අධ්‍යාපනය සදහා ඔහුව එංගලන්තයට පිටත් කරයි. ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය ඇමති සහ මහනුවර ප්‍රථම නගරාධිපතිවරයා වන්නේ එංගලන්තයේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි මෙම පුද්ගලයාය. ඔහුගේ නම ජෝර්ජ් E ද සිල්වාය. ජෝර්ජ් විවාහ වන්නේ බර්ගර් ජාතික කාන්තාවක සමගය. මෙම ජෝර්ජ් E ද සිල්වා යනු ඝාතනය කෙරුණු සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ ලසන්ත වික්‍රමතුංගගේ සීයාය.
හම්බන්තොට ඉපිද එහි හැදී වැඩුණු ඩී.ඒ. රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ පියා බව අපි කවුරුත් දනිමු. මහින්ද රාජපක්ෂ කතරගම සිට ගාලු පාර දිගේ කොළඹට විත් පසුව ජනාධිපති ධූරයට පත් වූ පුද්ගලයෙකි. මහින්ද පහතරට ගොවිගම කුළයට අයත්ය.
ursula-andress
හම්බන්තොට ඉපදී පාරවල් දෙකක ගමන් කර ආශ්චර්යමත් ලෙස අවසානයේ මහින්ද රාජපක්ෂ සහ ලසන්ත වික්‍රමතුංග එකිනෙකාට කොළඹදී සම්මුඛ විය. දේශපාලනය නිසා මහින්දගේ එදිරිවාදියකු වූ ලසන්ත එම රෙජීමයේ සතුරකු බවට පත් වී ඝාතනයට ලක් විය. ලසන්තව ඝාතනය කිරීමට යොදා ගැනුණේ මස් සදහා ගන්නා සතුන්ව ඝාතනය කිරීමට භාවිතා කරන Stun Gun එකකි.
දේශපාලනයේ දී අපි විවිධ බුද්ධිමය සංවාද කරන්නෙමු. නමුත් එම බුද්ධිමය සංවාද අපට නොදැනී එසේත් නැතිනම් අප නොදැනුවත්ව පාලනය කරන්නේ අපුද්ගල මහා අනෙකෙකි. පීඩිත කුළයක ඉපදීම අධ්‍යාපනය සහ ඉංග්‍රීසි වෙතට ප්‍රවිශ්ටයකි. ඔවුන් බොහෝවිට බර්ගර් ජාතික කාන්තාවන් සමග විවාහ වීම අහම්බයක් නොවේ.
Stun gun-

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔවුන් බර්ගර් ජාතික කාන්තාවන් සමග විවාහ වීම – others desire/enjoyment ?

Comments are closed.