‘[dropcap color=”green”]රා[/dropcap]වය’ පුවත්පතේ ආර්ථික අර්බුදයත් සමග එය ගොඩනැගීම සදහා එකතු වූ සද්ජනයා පිළිබදව පළමුවෙන්ම සැක පහල කළේ අපයි. ඒ සදහා වන්දියක් ලෙස අපට ගෙවීමට වූයේ  ‘රාවය’ විනාශ කිරීම අපේ යටිකූට්ටු අදහස වන බවට වූ අශ්ශීල ප්‍රතිචාරයයි.

නමුත් දැන් අප කී දේ ඇත්ත වී ඇත. ‘රාවය’ ට ඕනෑවටත් වඩා ආදරය කළ අය එහි කතෘ මාණ්ඩලික ක්‍රියාවන් විවේචනය කිරීම අරඹා ඇත. උදාහරණයක් වශයෙන් පසුගිය ‘රාවය’ පුවත් පතෙහි පළ වූ  ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගේ ලිපියේ දෝෂ වලට වගකීමට සිදු වී ඇත්තේ කතෘ මණ්ඩලයටයි. අනෙක් අතට පසුගිය කළාපයේ පල වූ විශ්ව විද්‍යාල කතිතාචාර්යවරයෙකු විසින් රචිත ලිපියක අර්නස්ටෝ ලැක්ලාව් ගැන ලියා ඇති න්‍යායික අදහස ද දෝෂ සහගතය. උදාහරණයක් ලෙස ලැක්ලාව්ට අනුව පන්ති දෘෂ්ඨිවාදයන්ට තවදුරටත් පැවැත්මක් තිබිය හැක. ලේඛකයා එය ලියා ඇත්තේ පන්ති දෘෂ්ටිවාදයන්ට ඉහළින් යන අදහසක් ලැක්ලාව් දේශනා කර ඇති බවයි. නමුත් අවාසනාවකට මෙන් එම වැරැද්ද විවේචකයන් ද නොදන්නා නිසා එම ලිපිය ගැන කතු මඩුල්ලට දොස් පරවා නැත.

ඉන්දියාවට අනුව ලෝකය කැරැකවීමට හිතන චින්තකයෙකු ‘රාවය’ ට ඇතුලු වී එය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කිරීම ගැන අප විවේචනය කළ විට ඔහු පවසා තිබුනේ මෙවැනි අදහසකි. ‘මේ වැඩේට අහවල් කෙනා සහභාගි කර ගත් නිසා තමයි ඒ අය අපිට ගහන්නේ ’ මේ අයගේ චින්තනය එතරම් පටුය. ඔවුන් සිතන තරම් අපි කට්ටිවාදී නැත. එවැනි ගොබ්බයෙකු එවැනි වැඩකට සහභාගී වීම ගැන අපි සතුටු වන්නේ එවැනි ගොබ්බයන් ‘රාවය’ ට  ඉවර නොවන තරම් දිගු ලිපි ලියා රාවය ඉවර කිරීමට නියමිත නිසාය. අපේ විවේචනය ඊට වඩා  විශාලය. අප කියන්නේ සල්ලි දාන අයට අවශ්‍ය අයුරින් ‘රාවය’ අන්තර්ගතය පාලනය නොකරන ලෙසයි. අපි කිසිදා නොකළේ එයයි.

ඔබේ අදහස කියන්න...