වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට නායකත්වය විශාල පිටුවහලක් වුනා. ඒ සම්බන්ධයෙන් අර්ජුනට ලැබිය යුතු ඉහළම ගෞරවය අදටත් හිමිවිය යුතුයි. අද වනතුරුම කිසිදු වෙළෙද දැන්වීමකට පෙනී නැති අර්ජුන ක්‍රීඩාව සිය බඩවියත රැක ගන්නට මුදලට විකිණූනැති බව පැහැදිලිය. ඒ අතින් අද දක්වාම අර්ජුන යනු ක්‍රීඩාවට අදාලව ශ්‍රේෂ්ඨ නායකයෙක්.

වර්ථමානයේ අයි.පී.එල් නිසා ක්‍රිකට් ක්‍රීඩාව මුල්මනින්ම විනාශය කරා ගමන් කරන බවට ඔහු පවසන කතාව සත්‍යයක්. මුදලට ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ට අර්ජුනගේ විවෙිචනය සාධාරණයි. ඇත්තටම අර්ජුන කියන්නේ ඉස්සර දක්ෂ, අවංක, නිහතමානි, ක්‍රිකට් ක්‍රීඩකයෙක්.නායකයෙක්. ඒත් දැන් අර්ජුන කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඔහු කුඩා පරිමාණයේ විදුලි බල ව්‍යාපෘති කිහිපයක් කරගෙන යනු ලබනවා. සමස්ථ රටේ විදුලි බිල කෙරෙහි මේවා යම් පමණකට බලපානවා. අපිට වඩා වැදගත් වන්නේ මිනිසෙක් සදාචාරය සමග දක්වන සම්බන්ධය නෙවී. ප්‍රාග්ධනය එක්ක පවත්වන සම්බන්ධයයි. අපි ජීවත් වන ධනවාදී සමාජය තේරුම් ගන්නට එය වැදගත් වෙනවා.

ඔබේ අදහස කියන්න...