X දේශපාලනය තුල ලංකාවට අලුතින් යමක් එකතු කරමින් වම ව්‍යුහාත්මකව වෙනස් කිරීමකට අප උත්සාහ කලෙමු.
එහිදී අප උත්සාහකලේ අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් සටන් කරමින් ආරම්භකර, ජයග්‍රහණ පවා අත්කරගත් නමුත් ,
ධනවාදය හමුවේ පරාජය වන හා ධනවාදය යනු කුමක්ද යන්න වටහා නොගනිමින් අර්බුධයට ලක්වූ පැරණි වමේ ආකෘතියට වඩා වෙනස්වන ආකෘතිමය වෙනසක් සහිතව වම ව්හුහත්මකව වෙනස්කරමින් ධනවාදය යනු කුමක්ද යන්න ලාංකීය සමාජය වෙත අලුතින් වම න්‍යායගත කිරීමටය.
තවදුරටත් ජවිපෙ භාවිතාව තුළ පවා දක්නට ලැබුනේ අධිරාජ්‍යවාදීන්ගෙන් බලය ලබාගත් දේශීය ප්‍රභූ පන්තිය සමග සටන් කරන ආකෘතියක් පමණි.

නමුත් අප X කණ්ඩායම ලෙසත් ඉන් අනතුරුව පක්ෂය ලෙසත් උත්සහකළේ මිනිසුන් ස්වභාවයෙන්-From Nature to culture- සංස්කෘතිය කරා රැගෙන යාමයි.
නමුත් මේ අතරතුර උමතුව නමින් අවධියක් ඇතැයි අප නොසිතුවෙමු.
එම උමතු අවධියේ ප්‍රතිපලයක් ලෙස පිස්සන් හා විකාරකාරයන් රැසක් බිහිවිය. එම සියල්ල අපගේ ප්‍රථිපල බව අප පිළිගනිමු.
නමුත් අපට දැන් හමු වී ඇත්තේ  ප්‍රබුද්ධත්වයේ අවධියයි.
2015 සිට 2017 වන තෙක් අප සිදු කරමින් සිටියේ සිදුවූ ඛණ්ඩනයන්ගෙන් වූ හානිය හානිපුර්ණය කරගැනීමටයි.

දැන් එම කාර්ය අවසානය.
2018 යනු අපගේ ඉදිරි දර්ශනය සමාජගත කරන උපාය උපක්‍රම සකස් කරන වසරයි.
ඒ සදහා ඔබගේ අදහස් උදහස් සහ උපකාර අපට අවශ්‍යයි.
සුභ නව වසරක් වේවා !

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.