නැවතත් හිමාෂි කරුණාරත්න උත්තරයක් බැඳ ඇත. අප අසන කිසිදු ප‍්‍රශ්ණයකට පිළිතුරු නොදෙන ඇය ගැටළුව වෙනත් තැනකට ප‍්‍රතිස්ථාපනය කරයි. ඇයට අනුව ප‍්‍රශ්නය වන්නේ ස්ත‍්‍රීන්ට ශාරීරිකව හිරිහැර කිරීම නොව මෙය ජිජැක් කා සතුද යන්න පිලිබඳ ආරෝවකි.ස්ත‍්‍රියකට විරුද්ධව හිංසා කිරීම ගැන අදාල පුද්ගලයාට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.

මාධ්‍යකරුවන්ට ඒ පිළිබඳව  ඕනෑ තරම් සාක්ෂි ඇත. අදාල පුද්ගලයා රජයට සම්බන්ධ ආයතනයක රාජකාරී කරන බවද අමතක නොකළ යුතුය. ඊට අමතරව මෙම පුද්ගලයාව පසුගිය කාලයේ උඩ දැමු පුද්ගලයන්ගේ ලැයිස්තුව සලකා බලන්න ! එම ලැයිස්තුව අර්ථකතනවේදයේ සිට පශ්චාත් මාක්ස්වාදය දක්වා දිගු වෙයි.කෙනෙක් ස්ත‍්‍රී ශරීරයට විරුද්ධව ඉතාම චේතනාන්විතව (අදාල චුදිතයා මේ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරයි) හිංසනය යොදා ගන්නේ නම් සහ එම තත්වයයම් මාධ්‍යවේදියෙක් ඉතාම සරල ලෙස සාමාන්‍යකරණය කරන්නේ නම් (ඔන්න අපි දෙපැත්තේම කතාව දැම්ම)  අප එයට කිව යුත්තේ කුමක් ද? උතුරේ මිනිසුන් මරා ෆීල්ඞ් මාර්ෂල්ලා වෙන රටක ස්ත‍්‍රීයකගේ පස්ස පැත්ත මිරීකිම මොන කජ්ජක් ද? හිමාෂි නිරත වන මාධ්‍ය කලාවට අදාල අවසාන වග උත්තරකරුවා ඇය නොව ඇයව මෙහෙයවන පිරිමින්ගේ පටු දෘෂ්ටියයි. ප‍්‍රශ්ණයක් තරමක් දුර දිග ගොස් බුද්ධිමය වන විට එය මග හැර ටෙලිනාට්‍ය නැරඹීමට හිමාෂිව පුරුදු පුහුණු කර ඇති පිරිමින්ට අප සාප කළ යුතුය.

       2004 සිදුවීමට පසුව අප යම් යම් ස්ත‍්‍රීන්ට අපහාස උපහාස නොකළේ ද? අපි ඒවා කළෙමු. එහි වගකීම බාර ගන්නෙමු. ඒ එකදු ස්ත‍්‍රියක්වත් පිරිමින්ට කඬේ ගියා මිස ස්ත‍්‍රී චින්තනයක් වර්ධනය කිරීමට උර දුන්නේ ද? අප පහර දෙන්නේ ස්ත‍්‍රීන්ට නොවේ. පිරිමි වැඩ වලට කඬේ යන ස්ත‍්‍රීන්ටය. කිසිදු දිනක අප යුද්ධයකදී හැර ස්ත‍්‍රීන්ට එරෙහිව හිංසනය යොදා ගන්නේ නැත.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හිමාෂි හරහා එන අපරාධකරුවන් සහ ද්‍රෝහීන් පරාජය කිරීම සදහා ගරිල්ලා ප්‍රහාරයක් අවශ්‍යව තිබෙන නිසා පූර්ව දැනුම් දීමක් වශයෙන් මෙය සලකන්න.

    ….. හෙවත් කලින් කලට නම වෙනස්කරගත් (මොහාන්, ජයසිරි, පරාර්ථ) …….. වහාම දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගෙන් සමාව ඉල්ලා නොසිටින්නේ නම්, එක්ස් කණ්ඩායමේ නම විකුණා කරන ලද ස්ත්‍රී …., කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් පැහැරගෙන යාමට උත්සාහ කිරීම, ස්ත්‍රීන් 3 දෙනෙක් ……. කිරීම (මෙම ස්ත්‍රීන්ට ලැබුණු දරුවන්ට ……..තමන්ගේ නමින් උප්පැන්න දී ඇත. .) ඇතුළු සොරකම්,වංචා ඇතුළු සියල්ල ප්‍රකාශයට පත් කරන බව කරුණාවෙන් සලකන්න.

    බේරාගත යුත්තේ පුද්ගලයන් නොව ව්‍යාපාරයයි.

Comments are closed.