පහත පළවන්නේ මාක්ස් සහ හේගල් අතර සම්බන්ධය දාර්ශණිකව විග්‍රහ කරන අවසාන හේගල් සම්මන්ත්‍රණයේ හඩ පටයයි. දේශපාලන-ආර්ථිකයත් එහි ප්‍රතිවිරෝධතා සමූහයත් අතර දයලෙක්තික සම්බන්ධතාවය පුලුල්ව උපරි-ව්‍යුහයේ (පසුව සංස්කෘතික දේශපාලනය) දේශපාලන බල රටාවන් බිහිවන අකාරය මෙහිදී දිර්ඝව සාකච්ඡාවට ගනු ලැබෙයි.

හඩ පටය ආරම්භ වන්නේ බීතෝවන් ගේ රීමික්ස් සංගීත සංධ්වනියකින් වන අතර එය අවසන් වන්නේ ඔක්තෝබර් විප්ලවයේ සංගීතඥයා හැටියට සැලකෙන දිමිත්‍රි ශොෂ්ටකෝවිච් ගේ second waltz සංගීත රචනාවකින්ය. ලෝකයේ කිසිදු විප්ලවයක් පරිපූර්ණ නැත. එබැවින් ශ්‍රේෂට ඔක්තෝබර් විප්ලවය පවා අඩුපාඩු සහිතව අවසන් විය. නමුත් ලෙනින්ගේ සංගීතඥයාට මෙතරම් සුන්දරව සංගීතය නිමවිය හැකි නම් ලෙනින් නම් මනුෂ්‍යයා අඩුපාඩු සහිත කෙතරම් ශ්‍රේෂ්ට මිනිසෙක්ද? විප්ලවයක් කරන්නට උත්සාහ කරන මිනිසුන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන රටක අපි මේසේ කියන්නෙමු. ‘ඔවුන් ස්ටාලින් කියූ පරිදි සුවිශේෂි දෙයකින් තැනී ඇති මිනිසුන් නොවේ. ඔවුන් තැනී ඇත්තේ තවත් මිනිසුන්ව විශ්වාස කිරීම මතය.’ නැතිනම් කොහොමද ඔවුන්ට මෙවන් සංගීතයක් බිහි කිරීමට හැකි වන්නේ?

Second Waltz – Akordeon/Accordion

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. How can I get the final notes please. I couldn’t participate for the last seminar. Please put them to ‘Drop Box’.

Comments are closed.