[dropcap color=”green”] ස[/dropcap]මාජ යථාර්ථයත් ඒ හා බද්ධ වූ මිනිසුන්ගේ පුද්ගලික ලෝකයත් අතර පවතින පරතරය පසුගිය දශකය තුළ අධික ලෙස ප්‍රසාරණය විය. වෙනදා බොහෝවිට මෙම වෙනස න්‍යායගත කිරීම් සිදුකරනු ලැබුවේ වාමාංශික පක්ෂ ය .

            2004 වර්ෂයේ X කණ්ඩායමේ දේශපාලන ඛණ්ඩනයට පසු අපතයන්ට දේශපාලන ලයිසන් ලබාදෙන ප්‍රවනතාවයක් ලංකාවේ බිහිවිය. 2009 වසරේ LTTE සංවිධානයේ මිලිටරි පරාජය සමග තීරණාත්මක ලෙස ලංකාවේ විප්ලවවාදී දේශපාලන ජීවිතය අවසන් විය. මෙම ‘අපතයන්ට අවස්ථාවාදී ලෙස ඉඩ දෙන නව පසමිතුරු දේශපාලනයක් ආරම්භ කරනු ලැබුවේ X කණ්ඩායමේ විමතිකයන්ය. එහිදී ඔවුන් X ඉතිහාසය තුළ නිශේධනීය ලෙස දුටු සියල්ල සයිකෝසික ආකාරයට ධනාත්මක කරන්නට උත්සාහ කළේය. එමගින් ඔවුන් X හි ඉතිරි අර්ධයේ ඉතිරිය දිය කිරීමට මහත් සේ වෑයම් කරමින් සියදිවි නසා ගත්තේය. දැන් මේ ගොන්නෙහි සියලු දෙනා මැද පන්තියේ විවාහ ජීවිතවලට ඇතුල් වී ඇත. නමුත් මේ නරක පුරුද්දට පුරුදු වූ අපතයන් කිහිප දෙනෙකු තවම ඉතිරිවී ඇත. ඔවුන්ව නිර්මාණය කරන ලද්දේ ජන අරගල ව්‍යාපාරයයි. නොදන්නා යකෙකුගෙන් වැඩ ගැනීමට යාමෙන් අවසානයේ සිදුවන්නේ ස්වයං-විනාශයයි.

            X කණ්ඩායමට කිසිදු ‘සාරයක් තිබුණේ නැත. එවැනි ‘සාරයක් ඇති බව සියලු දෙනා වටහා ගත්තේ 2004 හි එහි පිපිරීමට පසුවය. එබැවින් තිබුණු දෙයක් නැති වූයේ නැත. නැති දෙයක් තිබුණා යැයි හිතන්නට බල කෙරෙයි. එබැවින් 2004 ට පෙර X කණ්ඩායමට ‘සාරයක් තිබී එය 2004 ට පසු නැතිවූවා යැයි කීම ෆැන්ටසියකි. සැබවින්ම සිදුවූයේ 2004 ට පෙර හරවත් දේශපාලන චරිත X හි පැවතියේ නැති බව 2004 ට පසු දැන ගැනීමයි. මෙය ක්ෂතිමය අත්දැකීමකි.

            අශ්වයාගේ බෙටි කුරුල්ලන් දහසකගේ කුසගින්න පුරවයි යන ප්‍රවාදය සපථ කරමින් X හි සාරය වෙනුවෙන් 2004 ට පසු විවිධ තක්කඩින් සමාජයේ පහළ විය. මේ තක්කඩින් X හි ‘සමරූපය වීමට විවිධ අයුරින් වලි කෑවේය. විවිධ තැන්වල අමුතු වචන විසි කර විවිධ අයව බිය කරන්නට ඔවුන් උත්සාහ කළේය. සමහරු බරසාර පෙනුමින් යුතුව මහදැනමුත්තන්ගේ චරිතය රගන්නට උත්සාහ කළෝය. ඒ සියල්ල විකට ජවනිකාවලින් අවසන් විය.

            ජන අරගලයට අවශ්‍ය වී ඇත්තේ මේ විකට ජවනිකාවේ දිග වැඩි කර තමන්ගේ බංකොලොත්භාවය සමාජයෙන් වසන් කරන්නටය. ‘නැති වූ දේ  යනු සැබැවින්ම තිබී නැතිවූ දෙයක් නොවේ. මේ මොහොතේ ‘නැති දෙය වෙනුවෙන් අතීතයේ ගොඩනගන ‘දෙයකි. අද බොහෝදෙනා විරුද්ධ වන්නේ දේශපාලනයට නොවේ. ඔවුන් විරුද්ධ වන්නේ දේශපාලන නායකයන්ටය. අපි ඇසිය යුත්තේ ඒ ඇයිද කියාය. ඉතා පැහැදිලිව සියලු දෙනා සවිඥානකව දේශපාලන නායකයන්ව ප්‍රතික්ෂේප කරති. නමුත් ඔවුන්ගේ අවිඥානක විශ්වාසයන්ට අනුව නායකයකු නැතිව ඔවුන් ජීවත් වන්නට දන්නේ නැත. එබැවින් ඔවුන්ට නායකයා යනු අර්ථයක් නොව වේදනාත්මක සතුටකි.

            ඔබ මේ පහත සවන් දෙන්නේ අශ්වයාගේ බෙටි රස ආහාරයක් කරගත් කුරුල්ලන් රෑනක් සමග බූපති නලින් පැවැත්වූ  සංවාදයකි.

අශ්වයාගේ බෙටි රස ආහාරයක් කරගත් කුරුල්ලන් රෑනක් සමග බූපති නලින් පැවැත්වූ  සංවාදය…

           

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. වෙනත් රාජ්‍යවල පුරවැසිභාවය ලබා දීමට පාදක වන jus sanguinis (රටවැසියෙකුගෙන් උපත ලබන, අදාල රටෙන් පිට වුවද) හෝ jus soli (රට තුල උපත ලබන), නිර්නායක මෙන් නොව වතිකානුව තුල පාදක වන්නේ jus officii මත පාදකවය. එනම් ශුද්ධාසනය තුල නිශ්චිත ප්‍රමාණයක සේවයක් කිරීම පිණිස පත්කිරීම තුලය. සාමාන්‍යයෙන් පත්වීමේ කාලය අවසාන වීමේදී පුරවැසිභාවය අහෝසි වේ. පුරවැසිභාවය බිරිඳට, දෙමාපියන්ට හා එම පුරවැසිභාවය ලැබූ තැනැත්තා හා ජීවත් වන එම පෙලපතෙන් පැවතෙන්නන්ටද හිමිවේ.

Comments are closed.