ආගම යනු මනුෂ්‍යයාගේ පරමාත්වය ප්‍රකාශ වන ආකෘති 3න් එකකි. මිනිසා තමන්ගේ පරමාත්වය ප්‍රකාශ කර ගන්නා ආකෘති තුන මෙසේය. 01- කලාව 02- ආගම 03-දර්ශනය. පරමාතවය පුද්ගලික එකක් නෙවී. එය සාමූහිකත්වයකි. මිනිසා තම පරාරෝපනය අහෝසි කර ගන්නා අවසාන ආකෘති තුන වන්නේ කලාව, ආගම, සහ දර්ශණයයි. මේ ආර්ථයෙන් ගත් කල ආගම ආත්මීය හෝ වාස්තවික ප්‍රපංචයක් නොවේ. එය සමූහයකගේ ආත්මය හරහා ප්‍රකාශ වන්නකි. ඊට අමතරව එය කලාවට වඩා සමූහාත්මය ප්‍රකාශ වන මාදිළියකි.

අපට තවමත් වැටහෙන්නේ අපගේ අපගේ හේගල් සම්මන්ත්‍රණ මාලාව තවම ලංකාවේ මිනිසුන්ට ජීරණය වී නැති බවයි. අංගොඩ රෝහලේ සිටිය යුතු බොහෝ දෙනා ගෙවල් වල සිටින නිසා ඒ අය අපගේ හේගල් සම්මන්ත්‍රණ ගැන කියන බයිලා අපිට පුරුදුය. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ වම, කවදත් අපරිණත මාක්ස්වාදී ව්‍යාපාරයක් නිසා මේ කිසිවකින් අලුතින් යමක් ග්‍රහණය කිරීමට ඔවුන් අසමත් වී ඇත. නමුත් ධනවාදය ඇතුලත ක්‍රම ක්‍රමයෙන් පරාරෝපණයට ලක්වන ආත්මයක් සහිත තරුණ පරපුර ගැන බලාපොරොත්තුවක් අපට ඇත.

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. අනේ ඕයි බුදු හාමුදුරුවෝ ගැන පට්ටපල් බොරු කියන්ඩ එපා. තමන්ගේ කසිකබල් හම්පඩ මතවාද වලට බුදු දහම ගාව ගන්ඩ එපා ඕයි. බුදු හාමුදුරුවෝ බුද්ධත්වය අවබෝධ කරගත්තේ ඔය කියන ආලෝකයට අදුර අවශ්‍යයි කියන විදිහට නෙමේ. හැමදාම කරා වගේ ඕන බයිලයක් ගහනවා අහිංසක බුදු හාමුදුරුවෝ ඔය බයිලා වලට ගාව ගන් නැතිව​.

  2. Tushara upasaka tuma kata arapu gaman hoda bavuddayek kiyala penava!budda darmaya hara sthya avabodakara ganna me athmya tula nam tushara upasaka tumata beri venne, hariyata Piyekugen sista bashavakta athul venna beri una nisai .anna eka mulinma kara ganna upasaka tumo!

  3. ඇහුවා. ගොඩක් වටිනවා. හත් වෙනි කොටසින් පස්සෙ තව කොටස් තියෙනවද. තියෙනවනම් අහන්නෙ කොහොමද?

  4. “යුරෝපයේ ඉන්න උසස් මිනිහෙක් (හික්!) හෝ පීටර් ස්‍රෝටඩයික් වැනි මිනිහෙක් මහන කරොත් අපි දේශපාලනයෙන් අයින් වෙනවා”….
    අනේ හලෝ අනුන්ට අභියෝග කරන්ඩ ඉස්සර පුලුවන් නම් කම්කරු පන්තිය සන්විධානය කරලා පෙන්වනවා, (විප්ලවේ ඕන්නෑ) එතකොට අපි ඔලුවෙන් හිට ගෙන පෙන්වන්නම්. කම්කරු පන්තිය මුණ නොගැහීමේ ක්‍ෂිතමය අද්දැකීමෙන් භීතියට පත්වෙලා දැන් බුදු දහම ගැන බයිලා ගහනවා. පුලුවන් නම් අපිට කම්කරුවෙක්ව පෙන්නනවා මේ සමාජේ ඉන්න​.

  5. Thushara upasaka, oya mata kiyanda avayaja vidiyata kavuda oyata (Traumatize experrience)kiyana vachana deka igannuve kiyala hadavatha ta ekagava(othana thamai oyage presne thiyenne)!sanvidanaya vela inna kamkaru panthiyak inna (europe)valath mokuth vena patak thavama neha!anith eka mama danna tharamin pissanva mahana karanna den avasaya neha mokada unne gini thiyagena marenavane!

  6. @ avadiyen inna

    නිදා ගනින් නිදා ගනින්. අපි උබලව බය කරලා ඇහැරවන්නෑ අයෙනම්. යුරෝපේ කම්කරුවෝ කම්කරු විප්ලවය කරලා කොමියුනිස්ට් රාජ්ජ්‍ය හැදුවට පස්සේ අපි කම්කරුවොත් එක්ක මෙහෙ විප්ලවය කරමු. එතකන් හොදට නිදාගනින්. සුභ රාත්‍රියක්! කම්කරුවෙක් හම්බුනොත් මටත් එකෙක් පෙන්නහන්….. තනියම වැඩ ගන්නැතිව උගෙන්.

  7. Tuhara oya maga arinnema mage palaveni presnaya!oya kavi valata atan pata valata hary dakshai vage.mama hodatama dannava peeditha panthiye ekek hetiyata (traumatic experience)kiyana vachana deka lankavata adunnadunne kavuda kiyala !eka oya hanganna hadanava!eka hanganna katavath beha!sinhala
    peedithayange kuhaka kama demala peedithaya gava neha kiyala bavithava tula mata dennenava.maha loku academic kenek novunu demala peeditha panthiye nayaka prebakaran eyage theoretician ta garu keruva!miniho oya kuhakathvayen evath venna (self consciousness)venna balanna!evita oya nidahas vevi!

  8. ආගම යනු මනුෂ්‍යයාගේ පරමාත්වය ප්‍රකාශ වන ආකෘති 3න් එකකි. මිනිසා තමන්ගේ පරමාත්වය ප්‍රකාශ කර ගන්නා ආකෘති තුන මෙසේය. 01- කලාව 02- ආගම 03-දර්ශනය. පරමාතවය පුද්ගලික එකක් නෙවී. එය සාමූහිකත්වයකි. මිනිසා තම පරාරෝපනය අහෝසි කර ගන්නා අවසාන ආකෘති තුන වන්නේ කලාව, ආගම, සහ දර්ශණයයි. මේ ආර්ථයෙන් ගත් කල ආගම ආත්මීය හෝ වාස්තවික ප්‍රපංචයක් නොවේ. එය සමූහයකගේ ආත්මය හරහා ප්‍රකාශ වන්නකි. ඊට අමතරව එය කලාවට වඩා සමූහාත්මය ප්‍රකාශ වන මාදිළියකි.

Comments are closed.