[dropcap color=”black”]ප[/dropcap]සුගිය දවසක උසාවි සංකීර්ණයේ දී එක්තරා නීතිඥවරයෙක් අපෙන් සුහදශීලිව සාකච්ඡාවක දී ප්‍රශ්ණයක් අහනව. දැන් බලන්න දීප්ති අපි ඉස්සර හිතා ගෙන හිටියේ මිනිහා යමක් කමක් දන්න මිනිහෙක් කියලයි. මිනිහ තමයි පශ්චාත් නූතනවාදී කතිකාව ලංකාවට හදුනවලා දුන්නේ. ඒ වුනාට මම හිතන්නේ මිනිහ දැන් අවුටි. බලන්න මිනහ ලියලා තියෙන අර ඩෙරීඩගේ පොත සම්පූර්ණයෙන්ම වැරදියි. මම ඩෙරීඩා කියෙව්වෙත් ඉංග්‍රිසියෙන්. මම කියන්නේ, ඉංග්‍රිසි පරිවර්තනය අනුව දීප්තිගේ එක වැරදියි කියලයි. මම හිතනව, දීප්තිත් කියවන්න ඇත්තේ ප්‍රංශ පොත නෙමෙයි ඉංග්‍රිසි එක කියලා. මිනිහ කියන්නේ ඩෙර්ඩා කියන කතා නෙමෙයි. ඇත්තටම ඩෙරීඩා කියලා තියෙන්නේ වෙන එකක්. ඒක බුද්ධාගමට ගොඩක් ලග එකක්.

ඔය කතාවෙන් පස්සේ උසාවි වැඩඅහවර වෙලා ලැබුන පොඩි විවේකයකදී එයාගෙන් මම අහනව මෙහෙම කතාවක්. ඔයා කියන කාරණය ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි එහෙනම් පොඩි වැඩක් කරන්න, දීප්ති ඩෙරීඩා ගැන ලියපු දේවල් සහ ඩෙරීඩා ඇත්තටම ලියපු දේවල් අතර තියෙන පස්ස්පරතාවයන් හරියටම ලකුණු කරලා පෙන්වන්න. ඊට පස්සේ අපි ඒ ගැන පැහැදිලි කරන්නම් කියලා. එතකොට එයා අපිට දුන්නේ මෙහෙම උත්තරයක්. අයියෝ දැන් ඒ පොත් කොහොද දන්නෑ. අනික මට දැන් වෙලාවක් නැහැ. ඒ වුනත් මම උත්සහා කරන්නම් ඒවා හොයලා පරස්පරතාවයන් ටික පෙන්වන්න. මගේ උත්තරය වුනේ, කිසි ගැටලුවක් නැහැ. වැඩේ කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු යන්නයි. නමුත් අද වනකම් ඔහු අපට මෙකී පසරස්පරතාවයන් ලකුණු කර දුන්නේ නැහැ.

පසුගිය දවසක මේ වගේම තවත් සිදුවීමක් වෙනවා. ප්‍රභා මනුරත්ත විසින් මරණයේ සීණු දෙවරක් නාද නොවේ යනුවෙන් ලිපියක් ලියනව. එයා ඒකෙන් ප්‍රශ්ණ කරන්නේ අපි එයාලා විසින් වසර 2004න් පස්ස් අසන ලද කිසිම පැනයකට විධිමත් උත්තරයක් නොදුන් බවයි. කණගාටුවට කරුණ නම් වසර 2008 වන විට අප විසින් අප හැරදා ගිය අය ඇසූ සියළු ප්‍රශ්ණ වලට මුලු සගරාවකින්ම උත්තර දී අවසන් වීමයි. හාස්‍යයට කරුණ වන්නේ මේ අය විසින් එය කියවා නොතිබීමයි. අවස්නායේ අප යළිත් වරක් විධිමත් න්‍යායික උත්තරයක් ඇගේ ප්‍රශ්න වලට ගොනු කළා. නමුත් අද වනකම් ඇයත් ඇතුලුව කිසිදු තක්කඩියෙක් ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැහැ. මේ වගේ නරුමයන්ට අපි බය නෑ තියන්නේ ඒකයි.

විශ්ව විද්‍යාල ආචාරයවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි වරෙක ප්‍රභා මනුරත්තට පවසන්නේ ඇකඩමික් වැඩ පාරක් දමා කෙසේ හෝ දීප්තිව ඉවරයක් කරන ලෙසයි. අද වන විටත් බොරු චණ්ඩ්පාට් දාන මේ කිසිම ගොබ්බ බයියෙකුට අප විසින් ගොඩ නගන ලද න්‍යායික විශ්ලේෂණයන් බොරු කියා තහවුරු කරන්නට බැරිවුණා.

මෙයට හොදම උදාහරණය තමයි අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් සුවාරිස්. ඔහු දීප්තිව පළමු වර මුණ ගැසෙන්නේ අසුව දශකයේ අග භාගයේ දීය. ඊට පෙර නලින් සුවාර්ස් ගේ කිසිදු රචනාවක ඩෙරිඩා, ෆුකෝ, ලැකාන් වැනි කිසිදු දාර්ශණිකයෙකු ගැන මොනයම්ම හෝ සදහන් කිරීමක් කර ඇත්තනම් එය පෙන්වා දෙන්න යැයි අපි අභායෝග කරනව.

එක එක පොන්නයන්ට,බඩුකාරයන්ට, රැවුල වවාගත් වාමංශික මැට්ටන්නට මේ වගේ ගොන් කතා ජනතා විමුක්ති පෙරමුණට කියන්නට පුළුවන්. ඒත් අපෙන් ප්‍රශ්ණ අසමින් බුරාගෙන කඩා පැන අපව සපා කන්නට ආ බල්ලන් ගේ පස්ස පැත්තට අප විසින් එල්ල කළ පෙට්රල් ප්‍රහාරය නිසා දුවන්නට වුනේ නැට්ට පශ්චාත් භාගයේ සගවාගෙනයි.

බොරු චණ්ඩිපාට් දාන ෆේස් බුක් චොප්පෙලාට, කලු අමරේලාට අපි බය නැති අතර අපේ අරගලය ඇත්තේ මේ වගේ බොරු චණ්ඩින් සමග නොව ධනවාදය නම් සමාජ ක්‍රමය සමග සහ දෘෂිටිවාදය විවේචනය කිරීම සමගය. ඒ වෙනුවෙන් ඇත්ත අරගලයක් කරන්නට වෙර දරන අපි නිවරදි නොවන තැන් ඇත්තනම් ( පරීශීලන ග්‍රන්ථ සහ පාද සටහන් සහිතව ) පෙන්වා දෙන ලෙසත් ඒවා විධිමත් න්‍යායික උත්තර ලබා දෙන්ට අපි සූදානම් බවත් කියන්නට කැමැත්තෙමු.

ඔබේ අදහස කියන්න...