මීට කලින්ද අප විසින් ප්‍රචලිත කරන විහිලුවකින් කතාව පටන් ගමු. එක්තරා මිනිසෙකුට විශේෂ උමතු රෝගයක් වැළදෙයි. ඊට අනුව ඔහු ඉරිගු කරලකි. උමතු බව සුවපත් කර ගැනීමට මානසික රෝහලකට ඇතුළත් වන ඔහුට වෛද්‍යවරයෙක් හරහා ප්‍රතිකාර කර රෝගය සුවපත් කරයි. ඉන්පසු වෛද්‍යවරයා ඔහුට යෝජනා කරන්නේ නිවස බලා යන ලෙසයි. ඇත්තටම ඔහු නිවස බලා යයි. ටික වේලාවකින් ඔහු පෙරලා නැවත මානසික රෝහල කරා පැමිණ වෛද්‍යවරයාට මෙසේ කියයි. ‘වෛද්‍යතුමනි මම දැන් දන්නවා මම ඉරිගු කරලක් නෙවි කියලා. ඒත් අර පාරේ ඉන්න කුකුළා ඒක දන්නවද දන්නේ නැහැ? මෙම විහිලුව හරහා අප අදහස් කරන විශ්ලේෂණාත්මක පණිවිඩය කුමක්ද? දැනුම හරහා අප දන්නා දෙයක් විශ්වාසය හරහා අප ප්‍රතික්ෂේප කරයි. වෙනත් වචන වලින් කියතොත් සමාජයෙන් පළා යාම සිදුවන්නේ අපගේ දැනුම හරහා නොව අපගේ ක්‍රියාවන් හරහාය. එඉැවින් අපගේ විශ්වාසයටත් ඇත්තේ වාස්තවික පැවැත්මකි.

පසුගිය මාස කිහිපයක සිට අප හොදින් අත් විදින යථාර්ථයට අනුව ආණ්ඩුවේ සංගතභාවය බිද වැටී ඇත. ආණ්ඩුව ඇතුළත සිටින අයටත්, ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ටත් සිදුවී ඇත්තේ තමන් ඉරිගු කරලක් යැයි සිතූ මිනසාට වූ දෙයයි. ඔවුන්ගේ කනස්සල්ල බවට පත් වී ඇත්තේ අපූරැ කරැණකි. ඔවුන්ට අනුව ඔවුන් ඉතාම හොදින් දන්නා පරිදි සංකේත ප්‍රබන්ධයක් ලෙස ආණ්ඩුව කඩා වැටී ඇත. චම්පිකලා රතනලා විමල්ලා වාසුලා හරහා එළියට එන්නේ එම සත්‍යයයි. අනෙක් පැත්තෙන් විපක්ෂය , සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, ජනතා විමුක්ති පෙරමුණ හරහා ප්‍රකාශ වන්නේ ද එම සත්‍යයයි. නමුත් ඉහත කොට්ඨාශ දෙකටම පොදු වූ ‘සාධකය‘ කුමක්ද? ඔවුන් අසන්නේ ‘ අපි මේ දන්න ඇත්ත ජනතාව දන්නවාද’ කියාය. උත්තරය පැහැදිලිය. “නැත”. එසේ නම් ජාති වාදී ජනතාව විසින් ඉරිගු කරලක් නොවේ යැයි සිතා බාගයට සුවපත් වූ අයව මහ මගදී ගිල දැමීමට නියමිතය. අසනීපය සම්පූර්ණයෙන් සුව කර ගැනීම ඇත්තේ ‘ජනතාව‘පැත්තේ නොව අපගේම පැත්තේයි. ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ‘රෝග ලක්ෂණය හරහා අප මෙතරම් විනෝද වන්නේ ඇයිද කියාය. විපක්ෂ උද්ඝෝෂකයා උමතු වන්නේ තමන් ජාතිවාදියෙකු කොටියෙකු හෝ දේශදෝහියෙකු යැයි තමන් නොසිතන තැනදී නොවේ. ඔහු උමතු වන්නේ ‘ජනතාව’ ජාතිවාදී, කොටි විරෝධී, දේශ ප්‍රේමී යැයි සිතා ‘ ක්‍රියා‘ කරන තැනේදීය. චම්පිකත්, බ්‍රිටෝ ප්‍රනාන්දුත් අතර ‘වෙනස‘ අපට අපැහැදිලි වන්නේ මේ නිසාය. මන්ද යත් දැන් මේ දෙදෙනාම ආණ්ඩු විරෝධී නිසාය. අවස්ථාවාදියා සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කරන්නා අතර මෙතෙක් පැවති ‘ඉර‘ බොද වෙමින් පවතී. දැන් සියලු දෙනාට Sexual Orgy එකක් දැමිය හැක. අද දවසේ අවශ්‍ය වන්නේ ජනතාව ජාතිවාදී කියා ක්‍රියා කිරීම නොවේ. අප කල යුත්තේ ‘ජාති වාදය’ හරහා ආණඩුව ජනතාවට දෙන කප්පම් මානසිකත්වය විචාරය කිරීමයි. අලුත් ලෝකයක් පිළිබද ‘පළමු පෙරමුණ‘ බිහි වන්නේ එවිටය.

ඔබේ අදහස කියන්න...