කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශය විසින් ප‍්‍රථම වසර සදහා ප‍්‍රවිෂ්ඨ වන සිසුන් සදහා පිරිනමනු ලබන ආර්ථික විද්‍යා පාඨමාලාවන් හැදැරීම සදහා ඉල්ලූම් කර ඇති සිසුන් සංඛ්‍යාව සිය දෙනෙකුටත් වඩා අඩුවී ඇතැයි දැනගන්නට තිබේ. සමාන්‍යයෙන් කලාපීඨය තුළ සිසුන් වැඩිම පිරිසක් අයදුම් කරනු ලබන පාඨමාලාවක් ලෙස ආර්ථික විද්‍ය විෂය පාඨමාලාවන්ට පැවතියේ ප‍්‍රබල ආධිපත්‍යයකි. විශෙෂයෙන්ම ශ‍්‍රම වෙළඳපළ තුළ ආර්ථික විද්‍යා උපාධි පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස   සළකනු ලැබීම මීට බලපැවේය. එසේනම් මෙවර මෙම පාඨමාලාවන් සදහා සිසුන්ගේ ඉල්ලූම සැළකිය යුතු ලෙස පහළ ගියේ ඇයි? ශ‍්‍රම වෙළඳපළේ ආර්ථිකවිද්‍යාව හදාරා ඇති සිසුන් සඳහා හදිසි ඉල්ලූමේ පහළ යාමක් දක්නට නොමැති අතර වෙනත් විශ්ව විද්‍යලවල ද ආර්ථික විද්‍යාව සදහා ලියාපදිංචියට ඉල්ලූම් කරන සිසුන්ගේ පහළ යාමක්ද දැක ගත නොහැකිය.  ඒසේ නම් මේ සදහා විශ්ව විද්‍යාලයේ අදාළ දෙපාර්තුමේන්තුව තුළ දක්නට ලැබෙන ඇතැම් අඩුපාඩු හේතු වුවාද යන්න සොයා බැලිය හැකිය

  විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ සිසුන් ප‍්‍රථම වසරට පැමිණෙන සිසුන්ට අදාළ අධ්‍යයනාංශය පිළිබඳ නිශේධනාත්මක අදහස් පතුරුවා ඇතැයි ද , ඔවුන් තැති ගැන්වීමකට ලක්කර ඇතැයි ද , ඇතැම් දේශකයින්ගේ මතය බැව් දැනගන්නට ඇත. ඒසේනම් මෙම නිශේධනාත්මක අදහස් මතු වු සන්දර්භය සොයා බැලීම තාර්කික වේ.

සාමාන්‍යයෙන් මෙම දෙපාර්තුමේන්තුවට අනුයුක්තව සේවය කරන ඇතැම් දේශකයින්ගේ- අචාර්ය හා මහාචාර්ය  තනතුරු දරන්නන්-  ක‍්‍රියා කලාපයන් දෙපාර්තුමේන්තුව සිසුන් හමුවේ ප‍්‍රතික්ෂේප වීමට බරපතල ලෙස බලපැ ඇති බැවි, ජේෂ්ඨ සිසුන්ගේ මතය වී තිබේ . විභාග ප‍්‍රශ්න පත‍්‍ර අසීරු කිරීම , අවශ්‍ය ලකුණු ලබා ගැනිමට දුෂ්කර වීම , ලකුණු ලබා ගැනීමට දැනුම පමණක් ප‍්‍රමාණවත් නොවීම , ගුරුවරුන්ගේ ආධිපත්‍යයට වැඩවසම් දාසයින් සේ කරගැනීමට සිදුවීම, ඇතැම් ගුරුවරුන්ගේ අශීලාචාර ක‍්‍රියා පිළිවෙත් සිසුන්ට හා සිසුවියන්ට ඉවසාගෙන සිටීමට සිදු වී තිබීම, සිසුන්ගේ කලකිරීමට හේතු වී ඇතැයි දැන ගන්නට ඇත. එසේම අධ්‍යයනාංශය සදහා නවක කථිකාචාර්ය වරුන් බඳවා ගැනීමේදී ඔවුන් ක‍්‍රියාකරනුයේ අඳාළ අධ්‍යයනාංශය පොදු දේපළක් ලෙස සළකා නොව එය සිය සමාගමක් ලෙස සළකා බැව් දැනගන්නට ඇත. මේ අනුව සිය දුවා දරුවන්නට විශ්ව විද්‍යාලයේ අධ්‍යනාංශයේ තනතුරු හිමිකර දීම හා ඔවුන් සිදුසුකම් ලබන තෙක් එම පුරප්පාඩු පිරවීම කල් තැබීම ද බොහෝ අපවාදයට ලක් වී තිබේ. මේ අනුව සිය අනාගත බලාපොරොත්තු පොදිබැද අදාළ අධ්‍යනාංශ්යේ ආර්ථික විද්‍යා උපාධිය හෝ ආර්ථික විද්‍යා විෂයන් හැදැරීමට පැමිණෙන සිසුන්ට මේ අනුව අපේක්ෂාභංගත්වයට පත් වීමට සිදු වී තිබේ . තවද මෙම අධ්‍යයනාංශයෙන් බොහෝ දේශකයින් සිසුන්ට උගැන්වීම සිය මූලිකම වගකීම බැව් නොසළකන බැව් පෙනේ . උගැන්වීම් කටයුතු සදහා පළපුරුද්දෙන් සාපේක්ෂකව අඩු කනිෂ්ඨ ගුරුවරුන් කතිකාචාර්ය වරුන්  යොදවා ජේෂ්ඨ කතිකාචාර්යවරුන් සිය පෞද්ගලික කටයුතු සදහා මූලිකත්වය ලබා දෙන බැව් පෙනේ . විශ්ව විද්‍යලයේ දේශන සදහා පෙනෙන්නට නොමැති මෙම දේශකයින් විශ්ව විද්‍යලයේ සති අන්ත පාඨමාලාවන් වල දේශන පැවැත්වීම සදහා සහභාගීවීම බහුලව ම දැකගත හැකිය. මුදල් අයකර පවත්වනු ලබන මෙම උපාධි පාටමාලා සදහා දේශන පැවැත්වීමට සහභාගී වීම සරු ආදායම් මාර්ගයක් බවට ඔවුන් පත්කරගෙන ඇත. මෙම තත්වය මත විශ්ව විද්‍යාලයේ අදාළ අධ්‍යයනාංශය විසින් එලියට දමනු ලබන ශ‍්‍රමිකයන් විද්‍යර්ථියන්  ගුණාත්මකභාවය ද ක‍්‍රමානුකූලව පිරිහීමට ලක්විය. මේ අනුව ඔවුන් ඉදිරි කාලය තුළදී සේවාවියුක්ත බලකායට එකතු වීම අනිවාර්ය කරුණක් බැව් පෙනෙන්නට තිබේ.

මේ සමගම කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පිඨය තුළ ඇතැම් අධ්‍යයනාංශ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ්ය නොවන අලූතින් ආරම්භ කරන ලද ඇතැම් පාඨමාලාවන් සිසුන් අතර ජනප‍්‍රිය වීමට පටන්ගෙන තිබීම ද, සිසුන් එවාට ඉතා උග්යොගිමත්ව අයදුම් කිරීම ද , ඒ සදහා තරගකාරී භාවයක් ඇතිවී තිබිම ද මෙහි තවත් පසෙකින් පවතින චිත‍්‍රයකි. කෙසේ වෙතත් ආර්ථික විද්‍ය අධ්‍යයන අංශයට පෙර පැවති සිය බලය ආධිපත්‍යය හා ප‍්‍රාතිහාර්ය නැතිවීමට ඔවුන්ගේම අතාර්තික හා අදුරදර්ශි ක‍්‍රියා කලපයන් බලපා ඇත. මේ අතර වෙනත් ඇතැම් දේපාර්තමෙන්තුවල කැපවීම සැළසුම් සහගත බව නිසා ඔවුන් පෙර නොවු විරූ  සාර්ථකත්වයක් ලබා ගනිමින් පවතී. මේඅනුව කොළඹ විශ්ව විද්‍යලයෙ ආර්ථික විද්‍යා අංශයේ බල පරාක‍්‍රමය ඔවුන්ටත් නොදැනී පොළොව යටින් නාය ගොස් ඇත.

ඔවුන් ගිලා බැසීම ආරම්භ වී තිබේ. මේ අනුව ආර්ථික විද්‍යා විෂය හැදැරීම සදහා ආශාව ඇති ප‍්‍රතිභාපූර්ණ සිසුන් අනාගතයේ දී කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවට, වෙනත් විශ්ව විද්‍යලවලට අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කල හැකිය 

පසුගිය කාලය පුරා විශ්ව විද්‍යාල ගුරුවරුන් අතේ තිබූ සටන් පඨයක් වුයේ අධ්‍යයනය සදහා දළ- දේශීය  නිෂ්පාදනයෙන් සියයට 06 ක් වෙන් කරනු යන ජනප‍්‍රිය උද්ඝොෂණ පාඨයයි. මේ සදහා ආර්තික විද්‍යා අංශයතුල සිටින දේශකයින් ද ඉමහත් උද්යොගයකින් ක‍්‍රියා කරන මාධ්‍යා සන්දර්ශන පසුගිය කාලය තුළ දැකගත හැකි විය. නමුත් ඔවුන් මෙම සටන් පාඨ තව දුරටත් මුමුණනු දැකගත නොහැකි අතර, සිය වැටුප් ඉහළ දැමීම සමග මෙම සටන් පුවරුද පසෙකට විසිකර ඇති බවක් පෙනේ .
අවසාන වශයෙන් සාධාරණ තත්වයේ මූලධර්ම වලට එරෙහිව හා ඇතැම්විට ස්වභාවික යුක්තියට පවා ගරු නොකරමින් වැඩවසම් ආධිපත්‍යයක් කලාපිඨය තුල පතුරුවා ලූ මෙම ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ගැටළුව රටවැසියන්ට අනාවරණය විය යුතු බැව් අපගේ හැගිමයි .මේ සටහන මෙම අධ්‍යයනාංශ්ය තුල ප‍්‍රතිපත්ති ගරුකව ක‍්‍රියා කරන ඉතා ස්වල්පයක් වූ දේශ්ක මහත්වරුන්ට මහත්මීන්ට අදාල නොවේ .

කෙසේ වෙතත්
  ඉදිරියේදී ඔවුන්ට තමන්ගේ පාඨමාලවන් අලෙවිකරගැනීම සදහා ප‍්‍රචාරක පුවරු ?ගෙන පාරට බැසීමට සිදුවනු ඇති බැව්  මේ අනුව ප‍්‍රත්‍යක්ෂ කාරණයකි.

ඔබේ අදහස කියන්න...