පසුගිය දිනක මිය ගිය ජනප්රිය ඇමෙරිකානු ගායක Prince (Prince Rogers Nelson) පිළිබඳව ඉතා පුළුල් මාධ්ය ආවරණයක් වගේම විශ්ලේෂණාත්මක ලිපි සෑහෙන ප්රමාණයක් බටහිර ජනමාධ්ය අතරේ සංසරණය වුණා. නමුත් බටහිර නොවන ආසියාතික, මැදපෙරදිග සහ අප්රිකානු මහාද්වීපික මාධ්ය තුළ බටහිර ජනමාධ්යවල ප්රවෘත්තිය උපුටා දැක්වෙනවාට අමතරව ඒ සඳහා මාධ්ය ආවරණයක් ලැබුණේ නැහැ. පුළුල් නිර්වචනාත්මක අධ්යයනයන් ලෙස යමක් පළ වුණෙත් නැහැ. ඉන්දීය ජනමාධ්යවල වුණත් IPL) දෙස බලාගෙන ඉන්නවා මිසක් 1980 පොප් සංගීත ආදර්ශයක් (Ideal)වූ ප්රින්ස් හෝ ඔහුගේ ප්රතිවාදියා වූ මයිකල් ජැක්සන් පාදක කරගත් අවම මට්ටමේ සංසන්දනාත්මක විචාරයක් හෝ පළ වී තිබෙනවා දකින්නට ලැබුණේ නැහැ. අනෙක් අතට ඔය Daily Mail සහ Mirror වගේ මාධ්ය නම් ගොඩක්ම කළේ ජැක්සන් සහ පි්රින්ස්ගේ මරණ දෙක අතර ඇති සමානතා සංසන්දනය කිරීම වගේම පි්රින්ස් ළඟින් හිටපු ස්ත්රීන්, ඔහුගේ මත්ද්රව්ය ඇබ්බැහිය, මුදල් ඉපයීම සහ වියදම් කිරීම, ජනප්රියත්වය, අන්තිමට නිදාගත්තේ මොන ගෑනි එක්කද? වගේ දේවල් ගැන ඇස ගසාගෙන ඒවා උඩදැමීම.
80 දශකය කියන්නෙ පොප් සංගීතය තම ජනප්රියත්වයේ ඉස්මත්තටම ගිය යුගයක්. 60 සහ 70 රොක් ආකෘතිය තුළ තිබුණු සීතල යුද විරෝධය, සාංදෘෂ්ටික තේමා, මානව නිදහස, ක්රම විරෝධය, රැුඩිකල් ප්රශ්න කිරීම, ලිංගිකත්වය, නව ජීවන ශෛලී අත්හදා බැලීම වගේ රොක් සංගීතය තුළ තිබූ අධිපති තේමා පස්සට ගොස් ඒ වෙනුවට තනිකරම ‘කාලා බීලා ජොලියෙන් ඉමු’ පන්නයේ සංගීත ආකෘතියක් 80 දශකයේ ඉස්මත්තට එනවා. 80 දශකය තුළ දක්නට ලැබෙන්නෙ නර්තනය Disco, Europop, Synthpopවගේ වේග රිද්මය පදනම් කරගත්, අර්ථය හා තේමා පාදක කරගත් කණ්ඩායම් සංගීතය පසුපසට ගොස් පුද්ගල අනන්යතා උත්කර්ෂයට නැංවූ (ජැක්සන්, ප්රින්ස්, මැඩෝනා, ජෝර්ජ් මයිකල් වගේ) මාදිලියක්. පොප් ආකෘතිය වුණත් 60 සහ 70 දශකවල තිබුණේ අර ඉහත කණ්ඩායම් ආකෘතිය ඇතුළෙමයි. (Bee Gees, ABBA, Boney M., Carpenters වගේ) නමුත් දැවැන්ත නිර්මාණශීලී විභවයක් තිබුණ රොක් ආකෘතියක් තමන්ටම ආවේණික අයුරකින් මෙම අභියෝගයට මුහුණ දුන්නා. (U2, Def Leppard, ACDC, Judas Priest වගේ) යම් යම් විශ්වීය අර්ථ මෙම පුද්ගල කේන්ද්රීය පොප් ආකෘතිය විසින් නිෂ්පාදනය නොකළා නොවුණත් සමස්ත රූපකය (metaphor) නිර්මාණය වුණේ පුද්ගල බද්ධ ‘නිර්මාණශීලීත්වයක්’ පදනම් කරගෙන. අපට ප්රින්ස් මුණගැසෙන්නෙ මෙම සන්දර්භය තුළයි. එම ‘නිර්මාණශීලීත්වය’ අවශ්යයෙන්ම අදාළ ගායක ගායිකාවගේ ‘අශ්ලීල පැවැත්ම’ සම`ග බද්ධ කරමින් වෙළෙඳපොළකරණය කිරීමට ගෝලීය ධනවාදය නම් මොහොතක්වත් පසුබට වුණේ නැහැ.
තවත් වැදගත් දෙයක් මෙතන සිදු වෙනවා. ඒ තමයි ඉහත කී රොක් සහ පොප් ගායක හෝ වාදක පුද්ගලත්වයක් ඉස්මතු වෙමින් තිබුණ ධනේශ්වර වෙළෙඳපොළ වටිනාකම් සමඟ දෘෂ්ටිවාදී දුරස්ථභාවයක් නඩත්තු නොකර වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටි ‘පූර්ණ ඇදවැටීම්’ (Fall) ඔවුන් විසින් ලබා දෙනවා යන කරුණ. නමුත් මේ ඇදවැටීම නිකම් ගංජා බිබී පිස්සු කෙළින එකෙන් නම් වෙනස්. මේ වැටීම සංකීර්ණ දෙයක්. ගෝලීය ධනවාදය තුළ ඔවුන් එතරම් ජනප්රිය වීමට සහ තුන්වන ලෝකයේ අපේ ජීවිතවලට දෘෂ්ටිමය බලපෑමක් කරන තත්ත්වයට ජැක්සන්, මැඩෝනා, ජෝර්ජ් මයිකල්, ප්රින්ස් වගේ චරිත ‘විශ්වීයභාවයක්’ ලබා ගත්තේ එම ඇදවැටීම හරහා. මේ ධනවාදයේ වේදනාත්මක ක්ෂතියෙන් මිදෙන්නට ඔවුන් කිසි දවසක යෝජනා කළේ නැහැ අපි ආපසු පැරැණි සමාජ ආකෘතියකට යමු කියලා. ජැක්සන් තම ‘මිහිකත ගීතය’ (Earth Song)ට හරි නැත්නම් ‘ඔබ තනි වී නැත’ (You’re not alone) හරි ‘ඔවුන්ට අපෙන් ඇති වැඩක් නැහැ’: (They don’t care about us) වගේ ක්ෂතිමය අත්දැකීම් විදාරණය කළ ගීතයකට ‘අපි ආපසු හැරෙමු අතීතයේ අහිංසක බවට’ යනුවෙන් පද පේළියක් කිසිම විටක එකතු නොකරන්නට ඔවුන් වගබලා ගත්තා. ප්රින්ස් ගේ ගීතවල උනත් අතිතකාමයක් නැහැ’
අමෙරිකානු කළු ජාතික ආත්මයේ එක් අරගල ආකෘතියක් වූ Malcom X එක්තරා ආකාරයකට තමාගේ වීරයෙක් වන්නේ ඇයි යන්න ගැන ස්ලෙවෝයි ජිජැක් මෙසේ පවසනවා. ඒ තමයි ‘තම අප්රිකානු සම්භවයෙන් මුල් උදුරා දමා අමෙරිකානු භූමිය තුළ නැවත ස්ථාපනය කළ තම කළු ජාතික ආත්මයේ විගලිතභාවය (alienation) සුවපත් කරනු පිණිස නැවත අප අතීතයේ අක් මුල් සොයායමු යැයි කිසිවිටක Malcom X නොපැවසීය.’ යනුවෙන් ජිජැක් අවධාරණය කරනවා. ඒ වගේම ජිජැක් එම ගෞරවයම අපි්රකානු ජාතික කොංග්රසයටත් (ANC) ලබා දෙනවා. ඒ වගේම ආසියාතික ගුප්ත ආත්මය විප්ලවීයකරණය කළ විශිෂ්්ටතමයා ලෙස මා ඕ සේතුං සහෝදරයාව හඳුන්වා දෙන ජිජැක් මා ඕගේ අරගලයේ විශිෂ්ටතම දායාදය ලෙස නම් කරන්නේ චීන ආත්මය පූර්ණ වශයෙන්ම එහි අතීත ස්වාමීන්ගෙන් මුදවා ගැනීම. වාමාංශික අරගල මාවතේ සිටින ඕනෑම අයෙක් මා ඕගෙන් උගත යුතු පාඩමත් එය යැයි කියන්න පුළුවන්. ඉතින් මහින්ද රාජපක්ෂ සහ ලාංකික අතීතය උත්කර්ෂණය සඳහා එක පෙළට කඬේ යන අයට මා ඕගෙන් ඉගෙනීමට ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම අතීතයට ගමන් කිරීම කියන්නේම එක්තරා ‘භින්නෝන්මාදයක්’(Schizophrenia) ලෙස තේරුම් නොගන්නා තාක් කල් විමල් වීරවංශ හා ගම්මන්පිලට මේ රටට දායාද කළ හැක්කේ වෛරය, බිය සහ කාංසාව පමණයි. විමල්ලා කරන්නේ ජිජැකියානු භාෂාවකින් කිවහොත් ‘අතීතයට අවසානයක් දෙන එක පසුපසට දමන’ (කල්දමන) එක.
ආසියාතික ආත්මයකට (මේ සංකල්පය අප ඉදිරියේ දී පුළුල් ලෙස නිර්වචනය කරනවා) Prince හෝ ජැක්සන් නොතේරෙන්නේ ඇයි? එයට මූලිකම හේතුව ධනවාදය තුළ ඔවුන් ගමන් කළ ‘මරණීය භාවිතාව’ අපට තේරුම් ගැනීමට ‘සද්භාවී ආකෘතියක්’(Ontological Form) නොමැතිකම. ඔවුන් පූර්ණ ලෙස ධනවාදයේ විනෝදය තුළට ඇද වැටෙමින් එය විසින් විපරීත ලෙස ඉල්ලා සිටි මරණය තුළට දුරස්ථභාවයකින් තොරව ගමන් කළා. ඔවුන් ධනවාදය තුළම තම ‘ආශාව’ හඹාගෙන ගියා. ආපසු හැරුණෙත් නැහැ, තම මරණය ගැන පසුතැවිලි වුණෙත් නැහැ. මේ තත්ත්වය සංසන්දනාත්මකව තේරුම් ගන්න තියෙන සම්භාව්ය ලාංකික උදාහරණය කුමක්ද? ඒ තමයි මාර්ටින් වික්රමසිංහගේ විඥානවාදී යැයි සැලකෙන ‘විරාගය’ නවකතාවේ අරවින්ද. අරවින්ද කරන්නෙ ඉහත කී බටහිර ආත්මය කළ දෙයට සම්පූර්ණයෙන් ප්රතිපක්ෂ දෙයක්. ඒ තමයි ආශාව තුළට ඇදවැටීම ප්රතික්ෂේප කිරීම නැතිනම් දිගින් දිගටම අනවරතව එය සදාකාලිකව කල් දැමීම. ස්ත්රියගේ විශාදය විසින් ඉල්ලා සිටින පෙලඹවීම [නැත්නම් ඇයගේ විශාදයේ වස්තුව බවට පත් වන එක] සාන්දෘෂ්ටික බෞද්ධවාදී දුරස්ථභාවයක් තුළ ප්රතික්ෂේප කරන එක. ඒ නිසා ඔහුට ඇදවැටීමක්වත්, අහිමි වීමක්වත් අත්දැකීමට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුගේ ආත්මය නිෂ්පාදනය වීමට අවශ්ය මූලික අහිමි වීම ම අරවින්දට අහිමියි (the loss of loss) (මේ කතාව ඇත්තටම සනත් ගුණතිලක මහත්මය වුණත් කියනවා නම් හොඳයි). මේක රෝග ලක්ෂණයක් ලෙස 60 හා 70 දශකයේ තවත් විඥානවාදී නවකතා රාශියක් විසින් ඉස්මත්තට ගෙනෙනවා වගේම අදටත් එම රෝග ලක්ෂණාත්මක ආකෘතියට යම් පිළිගැනීමක් තියෙනවා.
පූර්ණ වශයෙන් ආශාවට ඇද නොවැටී අහිමි වීම යන්න අත්දැකීමට බැහැ. අහිමි වීමක් නැතුව ආත්මයක් නිෂ්පාදනය වෙන්නෙ නැහැ. ආත්මයක් නැතුව රැුඩිකල්කරණය කිරීම සඳහා අඩංගුවක් මිනිසා තුළ සොයාගන්න බැහැ. එසේ රැුඩිකල්කරණය කිරීමක් නැතිව විප්ලවීයකරණයක් බලාපොරොත්තු විය නොහැකියි. භෞතික යථාර්ථය සමඟ දෘෂ්ටිමය දුරස්ථභාවයක් පවත්වාගෙන යන අරවින්ද වගේ චරිත සමඟ දීප්ති සහෝදරයා විප්ලවය කරන්න ලැහැස්ති වුණාට ලාංකිකයො ප්රගුණ කරල තියෙන එක ගුප්ත තාක්ෂණික යාන්ත්රණයක් විසින් අවසානයේ දීප්ති විනාශ කළ යුතු යැයි ඉල්ලා සිටිනවා. ලංකාව ඇතුළෙ අරගල කරන්න ගිය හුඟක් අයට සිදු වුණෙත් මේකමද කියලා වෙලාවකට හිතෙනවා. මොකක්ද මේ ගුප්ත යාන්ත්රණය?
අ] විනෝද වනවා වෙනුවට අනෙකාගේ විනෝදය වෙනුවෙන් තමාගේ විනෝදය කොන්දේසි විරහිතව කැපකිරීම. එසේ කැපකිරීම තුළින් තෘප්තිමත් වීම.
උදාහරණයක් ලෙස තමාගේ ආශාවේ වස්තුව ලෙස සරෝජනී හරහා විනෝද වනවා වෙනුවට එම ආශා වස්තුව සහ කරන ගුප්ත බෞද්ධ දුරස්ථභාවයක් හරහා අරවින්ද ඇය සිරිදාස සමඟ සිටිනවා දැකීමෙන් ‘අහිිංසක විපරීත’ සන්තෝෂයක් ලබනවා. ඊටත් වඩා අශ්ලීල ආශාවේ වස්තුවක් වන බතී ජිනදාසට විවාහ කර දී ඒ තුළින් ද ‘සතුටක්’ ලබනවා. අවසානයේ ඔහු අභිධර්මය කියවනවා. ජීවිතයේ අභ්යන්තරයට පසු ගමන් අරඹනවා. ආගමික අපගමනයක් ඔස්සේ භෞතික ජීවිතය සහ ආශාව වෙතින් පසුබසිනවා. ආශාව තුළම තම අහිමි වීම ස්ථාපනය කරගැනීම වෙනුවට නව සවිඥානිකත්වයක් සොයායෑමට උත්සුක වේ. දේශපාලනය තුළ නායකත්වයේ විනෝදය වෙනුවෙන් කැපකිරීම් කළා යැයි ‘පසුතැවිලි’ වීම ද මෙම ගුප්ත යාන්ත්රණයේ ප්රති ව්යාජ සවිඥානිකත්වයට සමානය. ඉන්පසු තමා ගොඩනැගූ දෙයම විනාශ කිරීමට ඔවුන්ට අවශ්ය වේ. බටහිර ආත්මය තමා විනෝද වනවා මිස අනෙකාගේ විනෝදය වෙනුවෙන් තම විනෝදය කැප නොකරන හෙයින් මෙම පසුතැවීමේ විනාශකාරීත්වය දේශපාලන ගතිකයක් ලෙස දෘශ්යමාන නොවේ.
ආ] ආදරය දේශපාලන ප්රභේදයක් ලෙස ගත් විට ආසියාතික ආත්මය තම ගුප්තභාවය තුළින්ම තමා ආදරය කරන දෙය විනාශ කිරීමට ඉහත කී ජිජැකියානු දුරස්ථභාවය භාවිත කරයි.
මුලින්ම දේශපාලනය කිරීමට රැුඩිකල් ලෙස එක්රැුස් වන මෙම ආත්මය (පැවතීම). පසුව තම පෙම්වතිය හෝ බිරිඳ විසින් පවසන ‘මොනව කරත් කමක් නෑ ටිකක් පරිස්සමෙන් කරන්න’ යන වැකිය හරහා තම දේශපාලන ව්යාපෘතිය සමඟ දුරස්ථභාවය අත්පත් කර ගනී (නොපැවතීම). එහෙම වුණත් දේශපාලනය කරන එකේ පොඩි සංකේතීය (Symbolic) ගතියක් තියෙන නිසා තමන්ගේ වැඩ ටිකත්් කරගෙන පොඞ්ඩක් ඈතින් දේශපාලනය කරයි [පැවතුනත් නොපැවතීම] එහෙම ඉන්න ගමන් ‘අපි ටිකක් අහවලත්් එක්ක වැඩ කරනවා’ හරි ,‘වැඩ කළාට මචං පොඩි අවුලක් අහවලාගෙ තියෙනවා’ වගේ පොර ටෝක් ටිකකුත් දාන්න වගබලා ගන්නවා. අවසානයේ මෙම ආත්මය තමන් ආදරය කළ ‘අහවලා’ නම් සංකේතීය චරිතය සහමුලින්ම විනාශ කරලා දාන්න අර දුරස්ථභාවය ම පාවිච්චි කරනවා. මොකද ගුප්ත දුරස්ථභාවයට ආදරය සහ ආදරය පාවා දීම ඇතුළෙ වෙනසක් නොපෙනෙන නිසා. තමන් ඉන්නෙ භෞතික යථාර්ථයෙන් ඈත නිසා මොකක් වුණත් එකයි. ඉතින් කවුරු හරි Prince හරි මයිකල් ජැක්සන්ට හරි ආසියාතික ගුප්ත ආත්මීය අර්ථයකට ඔබ්බෙන් ආදරය කරනවා නම් එහෙම කෙනෙකුට මාක්ස් ලෙනින් විතරක් නොවෙයි මා ඕ අරවින්ද වගේම ‘අහවලාත්‘ නොපෙනී තියෙන්න බැහැ.

ඔබේ අදහස කියන්න...