ජන්ද කාලයේ හිතන්න දෙයක්…..

ඇත්තටම පසමිතුරුතාවය (Antagonism) යනු කුමක්ද? අප මාක්ස්වාදීන් නම් මෙය මුලින්ම විසඳා ගත යුතු ප්‍රශ්නයකි. ප්‍රථමයෙන්, ව්‍යුහවාදය උගත් අපි යමක අනන්‍යතාවය නිර්ණය වන්නේ එය නොවන දෙය දැන ගැනීමෙන් බව දනිමු. එනම් පැන්සලක් පැන්සලක් වන්නේ එය පෑනක් නොවන නිසාවෙනි, රාජ්‍ය රාජ්‍යයක් වන්නේ එය ආගමික සංස්ථාපිතයක් හෝ සමිති සමාගමක් නොවන නිසාවෙනි. ඒ ආකාරයෙන් අප පසමිතුරුතාවය යන්න අර්ථ දැක්වීමට එය නොවන දෙය තේරුම් ගෙන සිටිමු.

ප්‍රථමයෙන් පසමිතුරුතාවය (Antagonism) යනු වෙනසක් (Difference) නොවේ. මේ දෙක සංකල්ප දෙකකි. වෙනසක් යනු එකම තලයක දෙපැත්ත දෙආකාරයකට බෙදා ගැනීමකි. එම නිසා ‘වෙනස’ යනු බෙදීමකි (division). එමෙන්ම එය තමන් වෙනස් වන තම අනේකත්වය (Other) මත රඳා පවතී. වෙනස් වන ද්විත්වයක් එකිනෙකාගේ අනන්‍යතාවය ස්ථාපනය කර ගනියි. එකක අනන්‍යතාවය අනෙක මත මත තීරණය වේ.

උදාහරණයක් ලෙස ගත හොත් සජිත් හා ගෝඨාභය අතර ඇත්තේ එවන් වෙනසකි. ශ්‍රී ලංකාව ධනවාදීව ආණ්ඩුකරණය කිරීම නම් එකම තලයේ (same register) එකක් කොළ පාට ලෙස බෙදී ඇති අතර අනෙක නිල් පාට ලෙස බෙදී ඇත. මෙය වෙනසකි. පසමිතුරුතාවයක් නොවේ. තවද, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් ද ජනප්‍රියවාදීව වාමාංශිකත්වය ක්‍රියාවේ යෙදීම නම් එකම තලයේ පාර්ලිමේන්තුවාදීන් හා උද්ගෝෂණකරුවන් ලෙස බෙදී ඇත. මෙයද වෙනසක් පමණි. ඊටත් අමතරව යෝජිත විවාහ හා තමන් රිසි සේ තෝරාගත් කෙනා කසාද බැඳීම යනුද නිදි වැදීම සඳහා පමණක්, ආදරය සම්මුඛ වීමකින් තොරව විවාහ වීම නැමැති එකම තලයේ ඇති වෙනස් කමක් පමණි. ඉන් එක උදාහරණයක් ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදය යනුම එකම එළඹුමකින් (ධනවාදී ආකෘතියකින්) ඊට පාලනය කිරීම නැමැති එකම තලයේ වෙනස් ප්‍රතිපත්ති සහිත විවිධ පක්ෂ අතර වන වෙනස්භාවයේ දේශපාලනය කි.

ගැටුම්කාරී යථාර්ථයක් මධ්‍යස්ථව තේරුම් ගන්නවා යනුවෙන් දෙයක් නොමැත. ඇත්තේ එක් පාර්ශවයක් තෝරාගෙන ඒ තුළින් සමස්ථය දැක්මයි. තෝරා නොගත් පාර්ශවය සමස්ථයෙහි නිශේදනාත්මක පොදුභාවය අපට පෙන්වන්නේ නැත. පෙන්වන්නේ එහි දැකුම්කළු සුසංවාදයක් බව පමණි. මාක්ස්වාදය (පන්ති අරගලය) හා මනෝවිශ්ලේෂණය (අවිඥානික ව්‍යුහය හා පුද්ගල විඥානික අනන්‍යතාවය අතර අරගලය) යනු එවන් ගැටුම්කාරී යථාර්ථයන් එක් පාර්ශවයක් තෝරා ගෙන (වැඩකරන පන්තිය, අවිඥානික ආශාව) ඒ තුළින් සමස්ථය තේරුම් ගෙන එය වෙනස් කිරීමට (කොමියුනිස්ට්වාදය, මානසික සුවය) වැර දරන ප්‍රභලම අවි දෙකකි. මාක්ස්වාදය (පන්ති අරගලය) හා මනෝවිශ්ලේෂණය[අවිඥානික ආශාව] යනු හප හපා සිටින්නට තිබෙන ටොපියක් නොවන්ෙන් මෙම අර්ථයෙනි.

;;””””””””””””””””””””””””””’;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;””””””””””””’

ඉදිරියේදී ඇතිවීමට නියමිත අළුත් තත්වය වෙනස් කීරීමට නොව ….. නිවරදිව දකින්න, ප්‍රශ්න කරන්න අපත් සමග එකතු වන්න!

 ඉදිරියට එන ඡන්දයේදී, එක එකාගේ ගෝනිබිල්ලන් නොවී අප සමඟ එකතු වී පොදු ජන අරගලයක් ආරම්භ කරමු!

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...