[dropcap color=”red”]ම[/dropcap]හින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය විසිර යාමකට ලක්වෙයි. යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ට ලංකාව පිළිබද නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුන නිසා දැන් රට ආරාජික වී ඇත.

ප්‍රංශ විප්ලවයට අවසානයේ සම්බන්ධ වූ අය ලංකාවේ පළමුවෙන්ම ඉදිරියට පැමිණ ඇත. කවටයන්,ගායකයන්,විගඩම්කාරයන්,උමතුභාවයට පත් වූ හිස්ටෙරික ස්ත්‍රීන් ප්‍රංශයේ දී ආවේ අවසානයේය. නමුත් ලංකාවේ මේ අය පළමුවෙන්ම පැමිණ ඇත.

ලංකාවේ බහුතරයක් සාමාන්‍ය මින්සුන්ට පිස්සු බව අප පවසා බොහෝ කල්ය. එකළ බොහෝ දෙනා අපට කෝචොක් දැමූ අතර අපට පිස්සු කියාද කිවෝය. මුළු ලංකාවේම දේශපාලනය විනෝද සමය බවට පත් වී ඇති අතර මෙවරත් ලැයිස්තු හදන්නේ බැරෑරුම් මිනිස්සු  බවට සැකයක් නැත. නමුත් ලබන වාරයේ ලැයිස්තු සෑදීමට නියමිත ටෙනිසන් කුරේලා බවද ස්ථිරය.

කිසිවකුට කිසිවකු ගලවා ගැනීමට ඉඩක් නැති නිසා සියළු දෙනාට ගිලී යාමට අමතරව වෙනත් විකල්පයක් නැත. එක්කෝ අපගේ අනාගතය සිරියාව දෙසට වැටී ඇත. නැතහොත් එය ඊජිප්තුව හෝ ලිබියාව දෙසට ගමන් කරමින් සිටියි. කිසිවකුටත් බියක් සැකක් නැත්තේ නැව ගිලුනත් බෑන් චූන් නැටිය හැකි නිසාය. අලුත් පරපුරක් අලුතින් සිතන තුරු අප සතු සියල්ල මෙතැන් සිට විනාශ වීමට නියමිතය.

hhhhh

ඔබේ අදහස කියන්න...