[dropcap color=”green”]එ[/dropcap]ක්තරා දේශපාලන පක්ෂ නායකයෙක් තමා වටා සිටින ඉත්තන් එහාට මෙහාට අදිමින් සිටියේය. නාකයාගේ අරමුණ ගැන කිසිදු අවබෝධයකින් තොරව මේ ඉත්තන් දස අතේ විකාර සහගත විම අපට පසුගිය කාලයේ දක්නට ලැබුනි.

චෙස් පෙත මෙහෙයවමින් නායකයා තනිවම ඉත්තන් මෙහෙයවමින් සිටින විට අපූර්ව යමක් සිදු විය. එනම් ආකස්මික සහ තථ්‍යසමාන (Virtual ) ආකාරයකින් ඉත්තන්ව තවත් කෙනෙකු ද මෙහෙය වීමට පටන් ගනියි. මේ නිසා දැන් නායකයා සහ අද්‍යෂමාන පුද්ගලයෙකු වශයෙන් දෙදෙනකු චෙස් පෙත මෙහෙයවිමයි. එකවරම සමහර ඉත්තන් කැපී යන අතර හිතා ගත නොහැකි පරණ ජේ.වී.පී ඉත්තන් පවා චෙස් පෙතට අහසින් කඩා පාත් වෙයි. තද  ශීලයෙන් හිටපු චෙස් ඉත්තන් පවා කළබල වි පිස්සු නටන්නට පටන් ගෙන ඇත. අද්‍යාමාන මෙහෙයවන්නා ජය ගත හොත් ලංකාවේ ප්‍රථම වරට සාමාන්‍ය මිනිසාට අවශ්‍ය අයුරින් දේශපාලනය වෙනස් වනු ඇත. ( මේ සාමාන්‍ය මිනිසා යනු මහජනතාව නොවේ.) ක්‍රියාවලිය මේ වන විට ගොස් ඇති විශාල දුර නිසා ලොක්කාගේ Inner Circle සහ Outer Circle අතර බෙදුම බොද වී inner කට්ටිය බොද මීදුම් වී Outer කට්ටිය ඉතිං ඊට පස්සේ  වී ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. තේරෙන්නෙ නෑ. මීට වඩා පැහැදිලිව කියන්න බැරිද?

Comments are closed.