[dropcap color=”green”]දේ[/dropcap]ශපාලනය සහ මාක්ස්වාදී දේශපාලනය අතර වෙනස කුමක් ද? දේශපාලනය නම් වචනය පිටුපස ඇති සාරය සොයා යන්නෙකුට දේශපාලනිකය නම් ශුද්ධ වචනයක් හමුවෙයි. මෙම සාරයෙහි බාහිර පැවැත්ම යනු අදහසක් මිස අන් යමක් නොවේ යන්න සහතිකවන තුරු ගවේෂකයෙකුට ගමන් කළ හැක. නමුත් මාක්ස්වාදී දේශපාලනය ඉතා සරලව වතුර වීදුරුවක් තරම් පැහැදිලිව නිර්වචනය කළ හැක. ආර්ථිකයට දේශපාලනයක් ඇත යනුවෙන් සිතන්නිය මාක්ස්වාදිනියෙකි. ආර්ථිකය යන ප්‍රපංචය අතහැරි විගස අපගේ දේශපාලන අදහස් පුළුල් යැයි අන්‍යයන් විසින් අවධාරණය කරයි. ඔවුහු අපට අත්පොළසන් දෙති.

පසුගිය දිනෙක සිරිකොත ඉදිරිපිට පැවති දෙවන බොදුබල සේනා උද්ඝොෂණයේ දී දයා ගමගේ සහ රවී කරුණානායක මහත්වරුන් භික්ෂුන්ගෙන් සමාව ඉල්ලා සිටි විට පොදු විපක්ෂයේ වාමවාදී උද්ඝොෂකයන් කළබල විය.

ලංකාවේ ජනාධිපති තනතුර මාක්ස්වාදී දේශපාලනයට අනුව නිර්වචනය කළ විට එම තනතුරට මෙලෙස නමක් දිය හැක. රාජ්‍යයේ purchasing  නිළධාරියා. සරළව කිවහොත් රජය වෙනුවෙන් භාණ්ඩ සහ සේවා මිලට ගන්නා නිළධාරියා යනු ජනාධිපතිය. ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර කරන්නේ නම් මෙම නිළධාරියාගේ අනුමැතිය අවශ්‍යය. දයා ගමගේ සහ රවී කරුණානායක යනු ව්‍යාපාරිකයන්ය. සජිත් ප්‍රේමදාස සහ තවත් බොහෝ දෙනා ව්‍යාපාරිකයන් ගෙන් යැපෙන්නන්ය.. ඒ නිසා මේ අයව දේශපාලනය නම් වචනයෙන් පමණක් වටහා ගන්නට කෙනෙකු උත්සහ කරන්නේ නම් එය මෝඩකමකි. බොදුබල සේනා සංවිධානය ඉතා හොදින්ම දන්නව තමන්ගෙන් රවී සහ දයා සමාව ගන්නේ බොරුවට කියල. මොකද මේ කොට්ඨාශ දෙකේම සැබෑ වැඩේ දේශපාලනය නෙවි ආර්ථිකය.මේ අය කරන්නේ දේශපානයෙන් සල්ලි හම්බ කරන එක. ඒ නිසා මේ අයගේ විවේචනය විය යුත්තේ දේශපාලනය නෙවි ආර්ථිකය. අපි මේ සමාජය තමයි වෙනස් කරන්න ඕන.

මේ සමාජය වෙනස් නොකරනකම් තට්ටු මාරු ක්‍රමයට අපිට ලැබෙන්නේ සුදු අදින දේශපාලනය ව්‍යාපාරයක් කර ගත් අය සහ සිවුරු පොරවගෙන දේශපාලන ව්‍යාපාරයෙන් ලාභ උපයන අය විතරයි. පවතින සාමජ ක්‍රමය පෙරළා දානවා කියන එක සිරිකොත ඉදිරිපිට උද්ඝොෂණයක් කරන එකට වඩා සංකීර්ණයි කියන එක නම් අපට පැහැදිලියි.

ඔබේ අදහස කියන්න...