[dropcap color=”pink-orange”]දෙ[/dropcap]නව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය. එය ෆැසිස්ට් සිංහල මාධ්‍යකරුවන්ට රසවත් ප්‍රවෘත්තියක් වූයේ නැත. (ෆැසිස්ට් යන වචනයට සිංහල ලෝකය තුළ මේ වන විට තේරුමක් නැත. සමහරුන්ට එය බුල්ටෝ ටොපී වැනි වචනයකි.)

සම්මාන උළෙල් වැදගත්ම සිද්ධිය වූයේ හොදම නිළය සහ නළුවා සම්මානද ද්‍රවිඩ ජාතිකයන්ට හිමි වීමයි. ඉනියවන් චිත්‍රපටියේ අධ්‍යක්ෂක අශෝක හදගම මහතා හොදම අධ්‍යක්ෂණයෙන් සම්මානයට ප්‍රාත්‍ර වූ අතර එය ඉතා වැදගත් ජයග්‍රහණයක් වූයේ ජාතිවාදී මතවාදී කදවුරු තුළ එය සිදු වීමයි. ජාතිවාදය රජ කළ ඕනෑම සමාජයක නැවෙන් පළමුවෙන්ම ඉවතට පනින්නේ ව්‍යාපාරිකයන්ය. මන්ද යත් මුදල් නම් ආගමික ලෝකයේ පූජකයන් ඔවුන් නිසාය.

අනේක විධ ආකාරයට නින්දාවට පත් කරමින් සිංහල ජාතිවාදී ජඩ ග්‍රාමීය මාධ්‍ය මැට්ටන් ජාතිද්‍රෝහීයකු ලෙස හංවඩු ගැසූ අශෝක හදගම මහතාට මේ අවස්ථාවේ ඔහු ලද ජයග්‍රහණය උදෙසා අපත් සුභ පතන්නෙමු. කෙටි දුර ධාවකයන් පරද්‍ර මැරතන් තරගයෙන් ඔහු අවසානයේ ජයග්‍රහණය කර ඇත. සරත් සිල්වා ඉතිහාසයේ කුණු බක්කියට වැටී ඇත.

ඔබේ අදහස කියන්න...