වර්ෂ 2009 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සන්නද්ධ අරගලය මිලිටරිමය වශයෙන් පරාජය කරනවාත් සමඟම රටේ ස්වෛරීත්වය අපට අහිමි විය. රට තුළ එවකට ද්විත්ව බලයක් කි්රයාත්මක වූ නිසා [හමුදා බලය සහ ඛඔඔෑ ගරිල්ලන්ගේ බලය] ජාත්යන්තර බලවේගවලට රටෙහි ආර්ථික කි්රයාවලියට ඍජු ලෙස මැදිහත් වීමට නොහැකි විය. යුද්ධයට පසු ශ්රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දුන්නේ ඉතාම ඛේදනීය තැනකටය. අවසාන විග්රහයක දී ශ්රී ලංකාව යුද්ධය සඳහා වියදම් කළේ රට තුළින් කෘතී්රමව එකතු කළ බදු මුදල් සහ විදේශ ණය මුදල්ය. යුද්ධයෙන් පසු උතුරට දේශපාලන බලය බෙදීම පිළිබඳ ගැටලූව මතු විය. ඉන්දියාව, යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා ඉක්මනින් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ උතුරට සාධාරණ ලෙස මධ්යයේ බලය බෙදා හරින ලෙසය. නමුත් මහින්ද රාජපක්ෂ කල්පනා කළේ වෙනත් ආකාරයකටය. රටක් ආර්ථිකව දියුණු කිරීම පිළිබඳ වැඩසටහනක් ඔහුටත්, ඔහුගේ උපදේශකයන්ටත් නොතිබුණි. මේ නිසා ඔහු තවදුරටත් තෝරා ගත්තේ යුද්ධය දිනීම සඳහා ඔහු පාවිච්චි කළ මතවාදයමය. එනම් ජාතිවාදය ඔස්සේ රට පාලනය කිරීමයි. ඒ සඳහා චීනය ආර්ථික වශයෙන් උදව් කළ අතර 2010 – 2015 දක්වා ඔහු රට පාලනය කළේ ‘දකුණට සිංහල ජාතිවාදය, උතුරට හමුදාව’ යන සටන් පාඨය හරහාය. නමුත් 2015 ජනවාරි මාසයේ දී ඔහුගේ මෙම ප්රතිපත්තිය පරාජය වී අලූත් ආණ්ඩුවක් බිහි විය.
මෙම අලූත් ආණ්ඩුව බිහි කිරීමට උදව් කළේ ඉන්දියාව, යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන් උදව් කළ ආණ්ඩුවෙන් දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන් අපේක්ෂා කළ දේශපාලන සහ සමාජ ප්රතිසංස්කරණ ඇති කරන ලෙසය.
ඉතිහාසය දෙස බැලූ විට යුරෝපය සහ ඇමෙරිකාව අභ්යන්තර සන්නද්ධ අරගල පරාජය කිරීමට පසු උදාවන පසු තත්ත්වය ගැන අමතර දෙයක් ඉගෙන ගෙන ඇත. 1989 අරගලය පරාජය කිරීමට අවශ්ය න්යායික අවබෝධය [ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදොර් රටේ අත්හදා බලන ලද න්යාය] හමුදාවට ලබා දුන්නේ ඇමෙරිකාවයි. ඉන්පසු ඔවුන් ෂඵත් සහ ලෝක බැංකුව හරහා පේ්රමදාස ආණ්ඩුවට ආර්ථික වශයෙන් ඇප ලබා දුන්නේය. එහි දී සිදු වූ සියලූම නීති – විරෝධී ඝාතනවලට සමාව දුන්නේ ය. මෙම කෲර අත්දැකීම්වලට පසුවවත් රටේ රාජ්යය සතුව පැවති අත්තනෝමතිකත්වය සමාජ අසාධාරණය [රැුකියා හිඟය, ඉඩම් හිඟය, ග්රාමීය දුප්පත්කම] අබමල් රේණුවකින් හෝ වෙනස් වූයේ නැත.
ඉහත පසුබිම නිසා මෙවර යුරෝපා සංගමය විසින් ශ්රී ලංකාවට ඨීඡු සහනය සපයන්නේ නම් පහත සඳහන් මූලික කොන්දේසි ඇතුළත්ව තත්ත්වාරෝපිත 58 යෝජනා කර ඇත. ඒ අනුව අප යුරෝපයෙන් GSP සහනය ලබා ගැනීමට කැමැති නම් ශ්රී ලංකාවේ රාජ්යය පහත සඳහන් පියවර ගත යුතුය.
1. ත්රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම.
2. චෝදනා නැති දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
3. අලූත් මානව හිමිකම් සැලැස්මක් ඉදිරිපත් කිරීම.
4. දෙමළ ඩයස්පෝරාවේ සමහර සංවිධාන ගැන සහ පුද්ගලයන් ගැන පුනරීක්ෂණය කිරීම.
5. නව – ව්යවස්ථාවක් යටතේ උතුරට සහ නැගෙනහිරට බලය විමධ්යගත කිරීම.
6. හමුදාව යුද සමයේ තම පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයන්ගෙන් ලබා ගත් ඉඩම් යළි අයිතිකරුවන්ට පැවරීම.
7. යුද්ධය නිසා අවතැන් වූවන්ට පදිංචියට ස්ථිර ස්ථාන ලබා දීම.
8. අතුරුදන් වූවන් පිළිබඳව නීතිය සාධාරණව කි්රයාත්මක කිරීම සහ මිය ගිය අයට අදාළ පවුල්වලට මරණ සහතික නිකුත් කිරීම.
ශ්රී ලංකාව GSPසහනය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඉහත මූලික කොන්දේසි සැපිරීම අනිවාර්ය ය. පසුගිය ජනවාරි මාසයේ දී යුරෝපා සංගමය සහ විදේශ අමාත්යාංශය මේ සඳහා එකඟ වී ඇතැයි ආරංචි වී ඇත. නමුත් මේ වන විට ලැබෙන දේශපාලන පසුබිම් වාර්තා අනුව අගමැතිවරයා ප්රකාශ කර ඇත්තේ තමන් මේ ගැන නොදන්නා බවයි. ඉන් අදහස් වන්නේ තමන්ගේ කැබිනට් ඇමැතිවරයකු කරන දෙය ගැන තමා නොදැනුවත් බවයි. සාමාන්යයෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වන්නේ ද මෙම තත්ත්වයයි. වෙළෙඳාම සමඟ දේශපාලනය ගැටගැසීමට යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ ද මේ නිසාය.
සත්ය වශයෙන්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉතා දුෂ්කර ප්රතිසංස්කරණ ප්රමාදයකින් තොරව ඉටු කිරීමට උත්සාහ කිරීමයි. ඒ වෙනුවට සිදුව ඇත්තේ මුඛ්ය දේශපාලන ප්රතිසංස්කරණ දිනෙන් දින ප්රමාද වීමයි. මෙහි නරක ප්රතිඵලය වූයේ අයහපත් මූල්ය තත්ත්වයක් කරා රට ගමන් කිරීමයි. සියලූම ජාත්යන්තර ඒජන්තයන් දැන් රටේ මූල්ය තත්ත්වය නරක බව දනියි. ඒ නිසා ඔවුන් තමන්ට අවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ ඉටු කර ගැනීමට ‘ආධාර දීම’ සම්බන්ධ කර ඇත. එක පැත්තකින් මේ හේතුව නිසා ආණ්ඩුව සිංහල ජාතිවාදය ඉදිරිපිට අභියෝගයට ලක් වෙයි. අනෙක් පැත්තෙන් ජාත්යන්තර බලවේගවලට ණය ලබා ගැනීම වෙනුවෙන් දේශපාලන ප්රතිලාභ ගෙවීමට සිදුව ඇත. ලංකාවේ බොහෝ දේශපාලකයන් සාමූහික වගකීම් පැහැර හරින්නේ පෞද්ගලික ලාභය සඳහාය. ඛේදවාචකය වන්නේ අවසාන මොහොතේ දී ඒ පෞද්ගලික ලාභයත් භංග වීමයි. 

ඔබේ අදහස කියන්න...