Talibanසුමනසිරි ලියනගේ -වමේ අප අතර න්‍යායාත්මක වෙනස්කම් පවතී. එය නරක දෙයක් නොවේ. එය නරක සහ නිශේධනාත්මක එකක් වෙනුවට හොද සහ ධනාත්මක එකක් බවට පරිවර්තනය කරගතහැකි විය යුතු ය. අනෙක් පැත්තෙන් විවිධ දක්ෂිනාංශික කාණ්ඩ අතර වෙනස් මත තිබුනද ඔව්හු මුලික වුවමනාව ගැන එකග වෙති. එම එකතුව ටාරික් අලි අනුව යමින් “අන්තවාදී මැද” හැටියට හැදින්විය හැක. “රාවය” පුවත්පත, මා මිත්‍ර මහාචාර්ය ජයදේව උයන්ගොඩ වැනි අයගේ ලිපි මෙම “අන්තවාදී මැද” ට අයත් වේ. එය මගේ පැත්තෙන් කනගාටුවට කරුණෙකි. මක්නිසාද? “රාවය” පුවත්පත, මා මිත්‍ර මහාචාර්ය ජයදේව උයන්ගොඩ වැනි අය මීට පෙර සිටියේ පුළුල් තේරුමෙන් වමේ ය. මෙයට ප්‍රධාන හේතුව “අන්තවාදී මැද” දෘෂ්ටිවාදයේ රැල්ලට ඔරොත්තු දීමට නොහැකි වීම ය. වම මෙම රැල්ල ලොකු අභියෝගයක් ලෙස ගෙන මුහුණ දෙනු වෙනුවට අප අතර ඇති පුංචි ගැටළු ඉදිරියට දා මද ගසා ගත්තෙමු. මගේ අද මුහුනුපොතේ ගොඩක් තැන එම “වාද විවාද” වලින් පිරි ඇත. අප කල යුත්තේ මෙය නොවේ. අප අතර අප නොදත්තද මුලික එකගත්වයන් ඇත. දීප්ති ගේ සිට පුබුදු දක්වා හැම දෙන මෙම එකගත්වය තුල සිටිතියි මම සිතමි. මෙම එකගත්වයේ සිට නවලිබරල්වආද්යේ බහුවිධ දෘෂ්ටිවාදයට එරෙහිව වාම දෘෂ්ටිවාදය රටේ සාමාන්‍ය දැනීම බවට පත් කිරීමට අප අසමත් නම් අප කරන දේශපාලනයෙන් පලක් නැත. යතුර නැතිවුන තැන එය නොසොයා එලිය තියන තෙන එය සෙවීමෙන් පලක් නැත. හොයා ගන්න විදුලි පන්දමක්!
 
Terrel Abeysinghe – “දීප්ති ගේ සිට පුබුදු දක්වා හැම දෙන මෙම එකගත්වය තුල සිටිතියි මම සිතමි”. මේ කාරනය නිවැරදි නෑහැ කියලා ශ්‍රි ල0කා පෙරටුගාමි පක්ෂයට අයත් බ්ලොග් අඩවිය හා එහි සාමාජිකයන්ගේ මුහුනු පෙත් සටහාන් වලින් හොදින් පෙනුම් කරනවා නේද ?
 
Vimukthi Jay .
ධනපති පන්තියට[?] අනුර කුමාරට දේශපාලන විවේචනයක් දෙන්න තරම් කොන්දක් නැති දීප්ති කුමාරයි එයාගෙ සංවාදය ඇතුලේ අගක් මුලක් හොයා ගන්න බැරුව අතරමං වෙච්ච සහෝදරවරුයි, කලින් කියපු අනුර කුමාර මහින්ද ඇතුළු ප්‍රතිගාමීනුයි සියළු දෙනාටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බව ඔප්පු කරමින්, දීප්තිගෙ මතවාදය වෙනුවෙන් පෙනී සිටින සහෝදරියක් කුමාර් සහෝදරයට විරුද්ධව මඩ ප්‍රකාශයක් මුහුණු පොතේ පල කරල තිබුණා… නමුත් සහෝදරවරු හැමෝම මතක තියා ගන්න ඕනෙ නිවරදි වමේ භාවිතාවය මොකද්ද කියන සංවාදය ලෝකෙ කොහෙවත් ඉවර කර ගන්න බැරි බවත් ඒක පාවිච්චි කරල තවත් වමේ සහෝදරයෙකුට මඩ ගහල ඔහුව දුර්වල කරන එක හරි ලේසි මෝඩ වැඩක් බවත් ලෝකෙ පුරා වමේ ව්‍යාපාරය වැටිච්ච වෙලාවක ඒක නැවත නිර්මාණය කල යුතුයි ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කල යුතුයි කියන එපමණකින් නොනැවතී බිමට බැහැල මිනිස්සු එක්ක දේශපාලනය කරමින් විශාල කැප කිරීමක් කරන සහෝදරවරුන්ට ධෛර්යයක් වෙන එකත් ඔවුන් සමඟ ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් වැඩ කරන එක ඔය නුඹලා කරන දෙයට වඩා ගොඩාක් අමාරු බවත් තේරුම් ගත යුතුයි.
 
Terrel Abeysinghe – කුමාර ගුනරත්නම් ගේ දේශපාලනය ගැන හෝ පෙසප දේශපාලනය ගැන විවෙචනයක් තිබිම එක දෙයක්. නමුත් මේ Saskya Nirmani Bandara FB එක තුල කර තිබු විවෙචනයට දිමුතු ආටිගලව සම්බන්ද වෙන තැන හා විදිහ බලන විට හොදින් පැහැදිලියි මැය ගේ විමුක්තිකාමි දේශපාලනයේ දිග පලල. මේ වගේ චන්ඩි නන්ගිලා අපි 94 සිට දැකලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ අයගෙන් හොදින්ම පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනින් කවුරුවත් නොවේ දීප්ති යි. ඒ වගේම අතිතයෙ සිටි මෙවැනි චන්ඩින් ට අද මොකද වෙලා තියෙන්නේ කියල බැලුවම පැහැදිලියි මෙයා ගේ ගමනාන්තය. මැය විසින් තව කාරනාවක් කියලා තියෙනවා, ඒ තමයි, එයාලගේ දේශපාලනයට හරස් වෙන අයට කල යුතු දේ ඉගෙන ගන්නේ LTTE යෙන් කියලා. LTTE කලේ මොනවාද කියලා දැන ගන්න හා එවායෙන් ඉගේන ගන්න මාහා දැනුමක් තිබිය යුතුත් නැහැ ඒ වගේම විශාල මහාන්සියක් වෙන්න ඔනේත් නැහැ. නමුත් අමාරු දේ තමයි LTTE ට මොක ද උනේ කියලා හොයා ගන්න එක. LTTE ට මොකද උනේ කියලා හොයා ගන්න එක නම් ලෝක පරිමානෙන් විමුක්ති දේශපාලනයට වැදගත් වෙයි. LTTE කල දේවල් වලින් ඉගෙන ගෙන දේශපාලනය කරන්ඩ යෑම මේ වගේ බොරු චන්ඩීනට මිසක සැබෑ විමුක්ති දේශපාලනයට ආදාල නැත.
පෙරටුුගාමීන් යටිබිම්ගතව කරන වැඩ ගැන මේ සහෝදරයන් දන්නවා ද?
 

ඔබේ අදහස කියන්න...