[dropcap color=”orange”]සි[/dropcap]ය රැකියාව වශයෙන් දිගු කලක් සේවය කළ තොටියෙකු සිතා සිටියේ තමන් ගේ සේවය අති විශ්ෂ්ඨ එකක් වන බවත් තමන් නොමැති නම් මිනිසුන්ට එගොඩ මෙගොඩ යන්නට කිසිම අකාරයකින් හැකියාවක් නොලැබෙනු ඇති බවත්ය. මේ අතර අලුතින් පාලමක් ඉදිකරන්නට යන බව දැනගත් තොටියා සැමට කීවේ ඕවා බොරු කතා කවදාවත් පාලම හදන්නේ නෑ. ඒ නිසා මට තමයි හැමදාම මිනිස්සු එගොඩ මෙගොඩ කරවන්න වෙන්නේ … ඒ තොටියා නොසිතු ලෙස මහා විශාල පාලමක් ගග හරහා ඉදි වීමෙන් පසු තොටියාගේ රැකියාව අහිමි වූ අතර සිදු වූයේ කුමක් ද යන්න තොටියාට සිතාගත නොහැකි විය. පාලම යනු ඔහු මෙතෙක් දැන සිටි මානයෙන් ඔබ්බෙහි වූ දෙයකි. මෙය හරියට ප්‍රංශ ආක්‍රමණය කළ මිනිසුන් සහ ස්වදේශීය පදිංචිකරුවන් අතර ඇති වූ සටන් වලදී එතෙක් තුවක්කුව නොදැන සිටි ස්වදේශිකයන් විශාල ප්‍රමාණයකට මරණය අත්වන්නේ ඔවුන් තුවක්කුව කුමක්ද යන්න හදුනාගෙන නොසිටි බැවිනි. ඒ අනුව තුවක්කුව යනු ඔවුනට අලුත් තත්ත්වයකි. ඒ නිසා සිදු වන්නේ කුමක්ද කියා ඒ අයට සිතා ගන්නට බැරිය.

ධනවාදය මේ යුගයේ ක්‍රියාත්මක වන අකාරය හරියට ප්‍රංශ ස්වදේශීකයාට තුවක්කුව වැනි වන අතර තොටියාට පාලම බදුය. ඒ කියන්නේ නව තත්ත්වයකි. මීට පෙර කිසිදාක අත් නොවිදි අලුත් සංජානන ක්ෂේත්‍රයකි. ඒ නිසා තමයි අපි ජීවත් වෙන මේ යුගයේ ධනවාදී සමාජ ක්‍රමය විසින් මිනිස් ජීවිතය මේ තරම් සංකීර්ණභාවයට පත් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ඩලස් සහ විමල්ව ගමු. අනූව දශකයේ දී මේ දෙන්නාම වාමාංශිකයන්. මේ දෙන්නටම අවංකවම ලොකු උවමනාවක් තිබුනා පවතින ධනවාදී සමාජ ක්‍රමයට එරෙහිව අරගල කරන්න. ඒ කියන්නේ මේ දෙන්නට ඇත්තටම යම් අවබෝධයක් තිබුනා ධනවාද ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද කියන එක ගැන. ඒත් මේ යුගය වන විට මේ දෙන්නා මේ විදිහට වැඩ කරන්නේ මේ දෙන්නා තුල තිබුන නරුමවාදී ගති ලක්ෂණ නිසා පමණක්ම නෙවි. මේ දෙන්නට මේ විදිහට හැසිරෙන්න පවතින වාස්තවික තත්ත්වයන් විසින් බලකලා. ඒ කියන්නේ මේ දෙන්නට තේරෙන්නේ නෑ ධනවාදය මේ යුගයේ වැඩ කරන්නේ කොහොමද කියන කාරණය. මේ දෙන්නට මේක අලුත් තත්ත්වයක්.

අපි තවත් උදාහරණයක් ගමු. දයාන් ජයතිලක,ක්‍රිෂාන් රාජපක්ෂ සහ ශාන්ත විජේසූරිය. මේ යුගයෙදී මේ තුන් දෙනාටම අත්වෙලා තියෙන්නේ සමාන ඉරණමක්. ඒ තුන් දෙනා ඉන්න ආස්ථානයන් විතරයි වෙනස්. ඒත් මිට දශක ගණනකට කලින් නම් දයාන්ට සහ ක්‍රිෂාන්ට මේ වගේ ඉරණමක් අත් වෙන්නට නියමිත නෑ. ඒත් ශාන්ත කියන්නේ පීඩිත පංතියේ සහෝදරයෙක්. ඒ නිසා ශාන්තට පමණයි කරදරකාරී ඉරණමක් අත් වන්නට නියිමිත වෙන්නේ. ඒ දැන් මේ තුන් දෙනාම එකම බොට්ටුවේ. මේ විදිහට පවතින වාස්ථවික තත්ත්වයන් භුමණය වෙන්නේ කොහොමද? ධනවාදය මේ යුගයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිවෙකුටවත් පුරෝකථනය කරන්න බැහැ. ඒ නිසා තමයි රූපට් මර්ඩොෆ්ට වගේම ලලිත් කොතලාවලටත් මේ වගේ ඉරණමක් අත් වෙන්නේ. ඒ අය කවදාවත් පාලම කියන එක යථාර්ථයක් කියලා හිතුවේ නැහැ. ඒ අයගේ සංජානන ක්ෂේත්‍රෙය් ඔබ්බෙහි තමයි මේ නව තත්ත්වයන් තිබුනේ.

මේකට තවත් පොදු උදාහරණයක් තමයි මර්වින් සිල්වා. ඔහු කවදාවත් හිතුවේ නැහැ තමන්ගේ පුතාට මේ වගේ දෙයක් වෙයි කියලා. ඒ කියන්නේ මේක මර්වින්ට අලුත් තත්ත්වයක්. අධ්‍යපන අගරගල වෙනුවෙන් තමන් සටන් කරන බව කියපු ෆුටා සභාපති නිර්මාල්ට වෙලා තියෙන්නෙත් මීට වැඩි දෙයක් නෙවි. අපි දිගටම කියන්නට උත්සහා කලේ ෆුටා අරගලය කියන්නේ අසාර්ථක එකක් කියන එකයි. ඒකට අපිට හේතු තිබුනා. නමුත් ගොඩක් අය කීවේ අපි නිර්මාල් එක්ක තරහා නිසා මේක කියනව කියලයි. නිර්මාල් කියන්නේ තොටියෙක් එයා කවදාවත් පාලම හැදෙන බව හිතුවේ නැහැ. අන්තිමට ෆුටා අරගලය පවාලා දී ගොඩක් අය ආණ්ඩුවට එකතු වුනා. අධ්‍යපන ප්‍රශ්ණයට උත්තරයක් ලැබුනේ නැහැ. සියයට හය ලැබුනෙත් නැහැ. උසස් අධ්‍යපන ඇමතිතුමාගේ ච්න්තනයේ වෙනසක් වුනෙත් නැහැ. ඒත් නිර්මාල් කවදාවත් තමන් ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියන එක තේරුම් ගත්තෙ නැහැ. ඒ නිසා තමයි දැන් පුදුමයෙන් බලන් ඉන්න වෙලා තියෙන්නේ. අපිට නිර්මාල් එක්ක දේශපාලන ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ඇත්ත ඒත් අපි කරන විවේචනයට ඒක අදාල වෙන්නේ නැහැ. දැන් ෆුටා කියන්නේ ආණ්ඩුවේ තවත් වෘත්තීය සමිතියක් වගෙයි. නිර්මාල් සරත් මනමේන්ද්‍ර වගේ. එයාගේ නව සිහළ උරුමය පක්ෂයේ ඉන්නේ එයා විතරයි. නිර්මාල් ගේ ෆුටා එකේ ඉන්නේ නිර්මාල් විතරයි. මේ අය තමයි අද නායකයෝ. ප්‍රභාකරන් ගේ මරණයෙන් පස්සේ උතුරු නැගෙන හිරට මොකද වෙන්නේ කියලා දන්න කෙනෙක් නෑ. ඒක විග්නේෂ්වරන් දන්නෙත් නෑ. සම්බන්ධන් දන්නෙත් නෑ. ෆොන්සේකා දන්නෙත් නැ. ඇමරිකාව දන්නෙත් නෑ.චීනය දන්නෙත් නැහැ. දකුණේ සමාජය දන්නෙත් නැහැ. මේ හැමෝම දන්නේ දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් සටන් කරපු සංවිධානයක් සමූල ඝාතනය වුනා කියන එක වතරයි. ඒක අලුත් තත්ත්වයක්.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එක ග්‍රීක කෘතියක මෙහෙම තිබුණා මතකයි.
    “සුසානයේ දී කිරීමටට ඉතුරුව ඇත්තේ යාඥාව පමණි.උවමනාව සදාකල් ජීවත්වන්නට නොවේ මියෙන තුරු නිවහල්ව සිටීමට පමණි.ඔබ පක්ෂයක් හදන්න. වහල් හිමියෙක් නොවෙන්න.මිනිසුන් සියලුදෙනා ම මිනිසුන්. වහලුන් නොවේවා මිනිසුන්… ප්‍රභාකරන්ට වහලුන් හිටියේ නැහැ. විජේවීරට වහලුන් හිටියේ නැහැ. බලමු අප යම් දිනෙක… ඔබ වැළලෙන තැන ම තමයි අප ත් වැළලෙන්නෙ. නමුත් මැරෙන්න එපා ඔබ සීසර් වගේ.”

Comments are closed.