ලංකාවේත්,වෙනත් රටවලත් පුරුද්දක් වශයෙන් ක්ෂතිමය දේශපාලන සිදුවීම් සහ තීරණාත්මක දේශපාලන චරිත මැදිකොට ගත් ආඛ්‍යානවල මූලික දෝෂයක් ගැන අප දැඩි අවධානයක් යොමු කළ යුතුය. වෛද්‍ය රුවන් විජේතුංග ලංකාවේත් වෙනත් රටවලත් දේශපාලන නායකයන්ගේ චරිතාපදාන ඇසුරු  කොට යම් අර්ථකතනවේදයක් ගොඩනඟයි.මෙම අර්ථකතනවේදය මඟින් ගම්‍ය වන්නේ චරිතය සහ දේශපාලන ව්‍යුහය අතර යාන්ත්‍රික සම්බන්ධයකි.

උදාහරණයක් ලෙස ජෝශප් ස්ටාලින්, රෝහණ විජේවීර, ෆීලික්ස් දෙර්ශින්ස්කි වැනි දේශපාලන නායකයන්ගේ ළමා කාලයේ ලැබූ ක්ෂතිමය අත්දැකීම් මඟින් ඔවුන්ගේ දේශපාලනයේ කෲරත්වය අර්ථකතනය කරයි. නමුත් ජෝශප් ස්ටාලින්ගේ චරිතාප්‍රදානයේ වෙළුම් දෙකක් ලියා ඇති ස්ටීවන් කොට්කින් නම් ඉතිහාසවේදීයා මෙම ක්‍රමවේදය උඩුයටිකුරු කරයි.ඔහුට අනුව ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ”ඉතාම තීරණාත්මක දේශපාලන ව්‍යාපාර වලට ඇයි ස්ටාලීන් වැනි නායකයින් අවශ්‍ය වුනේ?”. මනෝවිශ්ලේෂණ දෘෂ්ඨිකෝණයෙන් චරිතාප්‍රදාන කියවීමේදී මෙම ප්‍රතිලෝමය යොදා ගනී. ඇයි බොල්ෂවිකයන්ට දරුණු ළමා කාලයක් සහිත චරිත තම දේශපාලන දෘෂ්ඨිය වර්ධනය කිරීමට අවශ්‍ය වුනේ ? ඇයි විකෘති පෙනුමක් සහිත විජේවීරව ලංකාවේ තරුණ වමට අවශ්‍ය වුනේ ?

ඉහත ගැටළුවට රුවන් විජේතුංග පිළිතුරු දීමට උත්සාහ දරන්නේ නම් එය ලංකාවට අලුත් මානයක් ලබා දේවි.

Deepthi

 

 

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[

රෝහණ විජේවීර සහ මනුෂ්‍ය ඝාතන

 
ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය.  තමන්  විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු  පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී  තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුනු අයුරු පෙනී යයි. 
මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ  විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත් විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය. 
ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු , කුල පීඩනය වැනි සමාජ විශමතා නිසා පීඩා වින්දේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. මේ නිසා ඔහු තුල Body dysmorphic disorder තත්වය  තිබූ බවට  උපකල්පනය කිරීමේ සාධක තිබේ.  මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කලේය. 
1947 මැතිවරණයේදී  එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙනියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම  දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය  අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය. 
විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය.  මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය. 
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ  පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කලේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු  1960 වසරේ මොස්කව් බලා පිටත් විය. 
හැටේ  දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ  මොස්කව්  නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය. 
අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විශයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන්  රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විශයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුනු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කලාය )  එහෙත් විජේවීරට ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය සමත් වීමට නොහැකි විය. 
ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත.  ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder  (සමායෝගී ආබාධය)  නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කල හැකිය. මේ නිසා  විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය. 
සෝමපාල කරුණාසේන විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු  විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි.  ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කල  විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය. 
මෙම අසනීප තත්වය නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ශන්මුගදාසන් සමග ගනුදෙනු කල නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොලඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර ” පටන් ගන්නේ තොපෙනි ” යන වැකිය භාවිතා කිරීම ඇරඹීය. 
1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුනු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කලේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය. 
1971 කැරැල්ල ආසන්නයේදී විජේවීර අනුගාමිකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ හට විජේවීර විසින් සකස් කරන ලද නම් එකසිය විස්සකින් පමණ යුතු ඝාතන ලැයිස්තුවක් හමු විය. ප්‍රේමපාල විසින් එම ලැයිස්තුව විනාශ කරන ලද අතර ඒ පිලිබඳව විජේවීර ඔහුට දොස් පැවරීය. මෙම ඝාතන සිදු කරන විට ශිෂ්‍ය අංශයට වළවල් කපා තබන ලෙස විජේවීර කල් තබා නියෝග දී තිබූ බව ප්‍රේමපාල පසුව දැනගත්තේය. නමුත් 1971 කැරැල්ල වූ අවස්ථාවේදී ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලද පිරිස් ඝාතනය කිරීම ප්‍රතික්ශේප කලෝය. මේ හැර ධම්මිකා ද සිල්වා වැනි සාමාජිකාවන් මෙම ඝාතන කෙරෙහි විරෝධය විජේවීර වෙත කෙලින්ම දැක්වූහ. මේ නිසා 1971 කැරැල්ල අවස්ථාවේදී විජේවීර ගේ නියෝග මත ප්‍රති විප්ලවවාදීන් ලෙස ඝාතනය කරන ලද්දේ සුළු ප්‍රමාණයකි. 
යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන්  ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම්  විජේවීර විසින්  ලොකු අතුල ,  සනත් බොරළුකැටිය ,මහින්ද විජේසේකර , සරත් විජේසිංහ , කඩවත මිල්ටන් යනාදී තමන් ගේම  දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ 
 සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව  සහ කඩවත මිල්ටන්ව  ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.
1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුල තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය. 
ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර  ධර්මසේකර , කෙලී සේනානායක , ප්‍රේමපාල , නිමල් මහරගේ,  රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල ,  සෝමසිරි කුමානායක   ,ගාමිනී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන් ගෙ ප්‍රශ්න කල  උපාලි සෙනෙවිරත්න ,  ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද  ඔහුගේ ඝාතන ලයිස්තුවේ  මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි.  නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි. 
මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ ” ඉවත් කරන්න ” යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදි. කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද  විය. මේ සඳහා  විජේවීර තුල  Posttraumatic embitterment disorder (PTED)  තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම  Posttraumatic embitterment disorder (PTED)  තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම  Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන්  කෙරෙහි  අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි. 
ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනු දැණුම ඇතිව සිදු කරන ලද ඝාතන පිලිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත. විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකලේද යන්න නිතැතින්ම පැණ නැගෙයි.  අනෙකුත් දේශපාලකයෝද මිනි ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කල නොහැක.
”””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””

Dr. Marina Stal and Our Joint Paper on Felix Dzerzhinsky

ආචාර්‍ය මරීනා ස්ටල් ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්‍යවරියකි. මා විසින් මේ දිනවල ඇය සමගින් ෆීලික්ස් දෙර්ශීන්ස්කි පිලිබඳව පරියේෂණ පත්‍රිකාවක් ලියමි. ළමා කාලයේ සිට ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දී තිබූ ෆීලික්ස් දෙර්ශීන්ස්කි සෝවියට් දේශයේ චෙකා සංවිධානය ආරම්භ කලේය.  ඔහු විසින් ඝාතනය කරන ලද මිනිසුන් ගනන 200,000 අධික බව වාර්තාවේ. අපගේ පත්‍රිකාවෙන් ෆීලික්ස් දෙර්ශීන්ස්කි   Post-Traumatic Embitterment Disorder (PTED)  අක්‍රමතාවයෙන් පෙළුනු බවට සැක කල හැකි බව පෙන්වා දේ.

 

Felix Dzerzhinsky

 

Dr. Marina Stal is an academic from the Columbia University  New York USA. I have the privilege of writing a paper with Dr Stal on Felix Dzerzhinsky (1877-1926) who headed Cheka (the Soviet secret police) from 1917 to 1926.   We believe that following psychological trauma which Felix Dzerzhinsky experienced eventually led him to suffered from Posttraumatic Embitterment Disorder (PTED). Our joint paper will discuss Dzerzhinsky ‘s clinical symptoms and mal-adaptive behavior pattern.

Academically and professionally, Dr. Marina Stal has continuously sought out opportunities to participate in pragmatic research that ultimately lead to effective and beneficial change.  Subjection to the numerous hurdles faced by the patient population – physical, psychological, financial, and social – inspired her doctoral dissertation regarding myeloproliferative neoplasms.  Dr. Stal believes that understanding of the path research must take is integral to ultimately generate concrete changes.

Dr. Stal’s personal experience as a student, researcher and patient with a chronic medical condition provides a firsthand experience of the interaction between theory, practice, and policy.  She emphasizes and cautions that optimal results cannot be obtained without addressing both individual and universal concerns, currently evidenced by the many transitions within legal, political, and societal infrastructure.

Outside of her professional ventures, Dr. Stal enjoys going on road trips, exploring new places, visiting bridges and lighthouses. She has completed two cross-country trips so far, (one included a train from California to Chicago), and would love to do another. She also enjoys jigsaw puzzles, crosswords, yoga, watching hockey, and cooking.

Dr Ruwan M Jayatunge 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. රුවන් කියන මුලික අදහසට මම විරුද්ධ නැහැ. ඒ කියන්නේ විජේවීර ට කුඩා කාලයේ සහ රුසියාවේදී ප්‍රශ්න තිබුන කියන. නමුත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය හා දේශපලන ඝාතන කෙලින්ම එයට සම්බන්ධ කරන්න බහ. ඒ කාලයේ ප්‍රසිධ්ධ්ව තිබු මාඕ වාදී පොල්පොට් වාදී දේශපලනය විජේවීර අනුගමනය කලා කියලයි මම හිතන්නේ.
    මේ මම ඒ ගැන ලියූ ලිපියක්.

    සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 – විජේවීර හා පොල්පොට්

Comments are closed.