යකෝ සමන් මනෝවිශ්ලේශණය දන්නෙ නැහැPsychotic double created by Bus driver.

සංකේතික පියාගේ කාර්ය නොයෙක් විට සම්පේ‍්‍රෂණය වන්නේ සැබෑ පියා (ශාරීරික පියා) හරහාය. කිසියම් මොහොතක දී තමන්ගේ දරුවා පියාව එක්තරා විදියක වීරයකු කොට සලකනු ලබන සැටි දක්නා මව්පියෝ කුහුලට පත් වෙති. යථාර්ථමය ලෙස වැඩකට නැති දුබලයකු වුවත් හදිසියේම ඔහු වික‍්‍රමාන්විත වීරයකු ලෙස පෙනී යන්නට පටන් ගනී. මේ විපර්යාසයට තුඩු දෙන තර්කය කුමක්ද?

දරුවාට තමාගේ මවගෙන් වෙන් වීමේ ගැටලූවක් පවතී නම් (දරුවාගේ වෙන්වීම සම්බන්ධයෙන් මවට ඇති ගැටලූවද මෙයට අඩංගුය) යෙදිය යුතු උපක‍්‍රමය වන්නේ මව වඩාත් බලවත් පුද්ගලයකු වෙත ඇලී සිටින බව දැනවීමය. දරුවා, එවිට මව යනු පියාගේ නීතියට යටත් දුර්වල අයකු බවට ප‍්‍රබන්ධයක් ගොඩනඟා ගනී.

මෙම ක‍්‍රියාවලිය තුළ දරුවා තම ශාරීරික සැබෑ පියා බලවත් පරිකල්පනීය තැනැත්තකු බටව පෙරලා ගැනීම හරහා සංකේතීය පියාට ආකර්ෂණය වෙයි. පියාට ආකර්ෂණය වීම මඟින් මවගේ ප‍්‍රතිරූපය විපර්යාසයට ලක් වන අවස්ථාව නොයෙක් විට පුරාණෝක්ති සහ ජනකතා තුළ උදීරණය කෙරෙයි. දැවැන්ත අද්භූත සතෙකු කුරුමිට්ටකු මඟින් පාලනය වීමක් ගැන හෝ මන්තරකරුවකු (Wizard of Oz) බියගුලු තැනැත්තකු විසින් යටත් කර ගැනීමක් ගැන මේවායේ කියවේ. මින් පෙන්නුම් කරන්නේ බැලූ බැල්මට බලවන්තයකු යයි පෙනී යන තැනැත්තා යම් නීතියකට යටත් බවය. ලීඩර් මෙය රුසියානු බෝනික්කන් මඟින් පැහැදිලි කරයි. එහි දී එක් රූපයක් එබඳුම තවත් රූපයක් ගිල ගනී. රුවක් ගිල ගන්නා රුව වෙනත් වෙනස් රුවක ගොදුරක් වීමෙන් පෙන්නුම් කරන්නේ මව තමාගේ පාලනයෙන් දුරස්ථ බලවේගයකට ගොදුරු වන බව දරුවා දකින ආකාරයයි. එසේ නොවන්නේ නම් දරුවා ඇගේ බලයේ අත්අඩංගුවට පත් වෙයි.

psychotic

ලැකාන් විස්තර කරන මවගේ බලය දුර්වල වීමේ ක‍්‍රියාවලිය ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණයේ නැවත කියවීමකි. ෆ්‍රොයිඞ්ට අනුව ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම දරුවකුගේ ප‍්‍රථම ලිංගික වස්තුව මවයි. ශාරීරික සමීපතාව සහ ආදරය උදෙසා වූ ඔවුන්ගේ ඉල්ලීම් දිශානත වන්නේ මවටය. පිරිමි දරුවාට පියා පෙනී යන්නේ මවගේ ආදරය වෙනුවෙන් සටන් වදින පසමිතුරකු ලෙසය. දෙදෙනා අතර පවතින ලිංගික වෙනස වැටහෙන විට තමාගේ පුරුෂ ලිඟුව අහිමි වීමේ අවදානමක් මතුවෙයි. ඒ අනුව ඔහු පසුබසී කප්පාදු භීතිකාව නිසා ඔහු තම මව කෙරේ වන ඉල්ලීම අත්හැර පියා වෙත හැරෙයි. මව කෙරේ වන ඇල්ම දැන අවිඥානක වූ දෙයක් බවට පත්වෙයි. තම පසුකාලීන ජීවිතය තුළ ස්ත‍්‍රීන් වෙත සොයන්නේ ඇයයි.

ගැහැනු දරුවා සම්බන්ධව ගත් කල ලිංගික වෙනස ඇගේ ළමාවියේ මුල් කාලය පිළිබඳව තීරණාත්මකය. මව තමාට පුරුෂ ලිඟුවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඇය දොස් නගන්නේ මවටය. දැන් තම පියා වෙත හැරෙන්නේ පසමිතුරකු ලෙස සලකා නොව ගැලවුම්කරුවකු ලෙස ගනිමිනි. ඇයට පුරුෂ ලිඟුවක් ලබා දීමට ඔහු සමත් වනු ඇත. එය ඇයට ලැබෙන්නේ ශරීරාංගයක් ලෙස නොව දරුවකු ආකාරයෙනි. කප්පාදුව පිළිබඳ සංකල්පය මඟින් මව කෙරේ වන ඊඩිපසියානු ආදරය අවහිර කරන්නේ යම් සේද පියා කෙරේ වන ගැහැනු දරුවාගේ ආදරය තහවුරු කරන්නේම එයිනි.

යට කී සාරාංශගත කිරීමට වඩා ෆ්‍රොයිඞ්ගේ න්‍යාය සංකීර්ණය. එහෙත් දරුවකුගේ ඊඩිපසියානු ගමන් මඟ පිළිබඳ මූලික අදහසක් ඉන් සැපයෙයි. ලැකාන්ගේ විස්තර කිරීම බෙහෙවින් වෙනස්ය. මව සමඟ ඇති මුල් සබඳතාව ගැටලූකාරී සහ අසහනකාරී දෙයක් ලෙස ඔහු දකී. මවට ඇති සමීපතාවයට වටිනාකමක් තිබුණේ වුවත් කාංසාවේ මූලාශ‍්‍රයද එයමය. ආදරය සහ රැකවරණය බෙදා දීමේ බලය ඇය සතුවන අතර එය සිදු වන්නේ ඇගේ කැමැත්ත පරිදිය. දරුවා පෝෂණය කිරීමට ඇය කරන කාර්යය සමඟ ඇගේ ආධිපත්‍යය ප‍්‍රතිරාවය වේ. ආහාර සපයන්නිය ලෙස ඇය නිකම්ම නිකම් දෙන්නියක නොව දීමේ කාර්ය තීරණය කරන්නියක වේ. එක්තරා ආකාරයකින් සියල්ල ඇය මත පරායක්ත වේ. එක්කෝ ඇයට කිරි දීමට පිළිවන. නැත්නම් නොදී සිටීමටත් පිළිවන. එමඟින් ආහාර (මව්කිරි) මාතෘ පේ‍්‍රමයේ සංඥාව බවට පොලා පනී.

ඇගේ ප‍්‍රතික‍්‍රියාව අපේක්ෂාවෙන් දරුවා සහ මව අතර මූලික විශ්වාසයක් ගොඩනැෙඟයි. මවගේ ක‍්‍රියාකාරකම් (කිරි දීම හා රැුකවරණය) සිදු වන්නේ ඇයගේ කැමැත්තට අනුවය යන කල්පනාව දරුවා යටපත් කර ගන්නේ එමඟිනි. මෙම විශ්වාසය කෙනෙක් ප‍්‍රබල ද යත් එය සංකේතීය නීතියට ද යටත් නැත. එහෙත් මේ මූලික විශ්වාසය බිඳවැටෙන අවස්ථා ඇත. එවිට සංකේතීය පැවැත්මක කිසිදා කොන්දේසියකින් තොරව පැමිණෙයි. භින්නෝන්මාදය (Schizophrenia) පිළිබඳ මතක අවුස්සන රෙනී නමැති රෝගිනිය තම මව මෙසේ  කියා තිබුණ බව සිහිපත් කරයි.

”ඔයා ගැන බලය තියෙන්නෙ මට. මට  ඕන නම් ඔයාව මරන්න වුණත් පිළිවන්. ඔයා හිතන්නෙ මොනවද කියලා මම දන්නවා. ඔයා හීනෙන් දකින්නෙ මොනවද කියල දැනගන්න මට අයිතියක් තියෙනවා. රෑට ඔයා ඇඳ උඩ හෙලවුනත් මට දැනෙනවා. ඔයාගේ ශරීරය, ඔයාගෙ මනස, ඔයාගෙ ආත්මය, ඒ සේරම මගේ”

psychotic 2

දරුවා, මත පැටවෙන මේ බැඳීම නිරූපණය වන වෙනත් උදාහරණයක් හැරල්ඞ් සීලස් නම් මනෝ විශ්ලේෂකයා එළිදරව් කරයි. එහි දී නිවසේ යට තට්ටුවේ නිදාගන්නා එක්තරා ස්ත‍්‍රියක් තමාගේ අතෙහි බැඳ ඇති ලනුවේ අනෙක් කොටස ඉහළ මාලයේ සිටින මවගේ අතක බැඳ තිබිණි. එවිට ඇයට තම මවගේ අවශ්‍යතා වහාම දැනගත හැකි විය. මෙබඳු උදාහරණ අන්තවාදී ලෙස පෙනී ගියත් එමඟින් බොහෝ ළදරුවන්ගේ මානසික තත්ත්වය එළිදරව් කරයි. බොහෝ විට වෙන කෙනෙකු මත පටවන දේවල් පිළිබඳ අත්දැකීම් සයිකෝසියාව තුළ හමුවන්නේ දේවල් සිදු වන්නේ වෙන කෙනෙකුගේ කැමැත්තට අනුවය යනුවෙන් ගැනීමක් ලෙසය. ඉහළ අහසේ අහස් යාත‍්‍රාවක් යන්නේත් සුළඟ හමන්නේත් කාගේ හෝ කුමන්ත‍්‍රණයක් නිසා යයි සිතෙයි. එය හරියට රැකවරණය සලසන්නියගේ හැසිරීම කෙනෙකුගේ යථාර්ථ පැවැත්මේ ප‍්‍රධාන කාරණය වීම මෙනි.

පරායත්ත බව සහ අසරණ බව පිළිබඳ මෙබඳු පරිසරයක් තුළ දරුවකුට තම පැවැත්ම සඳහා සුරක්ෂිත අවකාශයක් සොයා ගැනීමට අවැසි වේ. මවට අදාළව තම ස්ථානය පිළිබඳව ඔහු ප‍්‍රශ්න කරයි. ඇය ඔවුන්ට වටින්නේ කවරාකාර ලෙසද? එක් මොහොතක විද්‍යමානව සිටින ඇය තවත් මොහොතක අවිද්‍යමාන වන්නේ කෙසේද? ඇයට අවශ්‍ය මොනවාද? මේ ප‍්‍රශ්නවලට ඊඩිපස් සංකීර්ණය කිසියම් පිළිතුරක් වේ යයි ලැකාන් කල්පනා කළේය. එහි දී ආදරයත් භීතියත් කලවම් වූ තත්ත්වයක් මුල් අවස්ථාවේම නිර්මාණය වේ. ඒ අනුව ඊඩිපස් ක‍්‍රියාවලියට අවධීන් තුනක් ඇත. මුලින්ම මව තමා හෝ ඇය කෙරේ නොව අන් දෙයක් කෙරේ සැලකිලිමත් බව දරුවා වටහා ගනී. ඇගේ ආශාව අගේ බිළිදාගෙන් ඔබ්බට විහිදී ඇත. මින් මව අවිද්‍යමාන වන බවට කල්පනාව තහවුරු වේ. ඉන් ඇඟවෙන්නේ ඇය  තම දරුවාගෙන් සංතෘප්ත නොවන බවය.

මවගේ පැමිණීම සහ පිටව යාම ඇගේ හැසිරීමේ මූලික සංකේතකරණයට අදාළය. මේ මුල් ගැටලූව ලැකාන් හැඳින්වූයේ මවගේ ආශාව යනුවෙනි. දරුවාගේ කාර්යය මෙහි දී නිර්වචනය කර ගැනීමේ  දෙයක් බවට පත්වේ. දරුවන්ගේ ක‍්‍රියා අතර මෙය නිරූපණය වනු දුට හැක. ෆ්‍රොයිඞ්ගේ සුප‍්‍රකට නිදර්ශනය වූ ඔහුගේ මුණුපුරා කපු පුළුන් බීරලූවක් ගියා, යනුවෙන් විසිකර ආවා යනුවෙන් ආපසු තමා ළඟට ගැනීම එබඳු ළමා ක‍්‍රියාවකි.

එබඳු සිදුවීම්වලින් අපට පෙනී යන්නේ මව අවිද්‍යමාන වීම ගැන ඔහුට ප‍්‍රශ්න කළ නොහැකි බවය. ඇගේ අදෘශ්‍යමානය ඔහුට දරාගත නොහැකි සිදුරකි. එසේ නැත්නම් කිසිදු පැහැදිලි කිරීමක් පිළිනොගන්නා ද්‍රෝහිකමකි. එහෙත් මෙම ප‍්‍රථම සංකේතකරණය සිදු වන්නේ නම් දරුවා මවගේ ආශාව පිළිබඳ ගැටලූවට පිළිතුරක් සොයා ගනී. ඇගේ පෙනී නොසිටීම පෙන්වා සිටින්නේ ඇය තමාගෙන් ඉවතට ඇදගන්නා කිසියම් දෙයක් තිබෙන බවය. මෙහි අර්ථය නම් ඇය සර්ව බලධාරි නොවන බවයි. ඇයට කිසියම් අඩුවක් ඇත. එහෙම නැත්නම් ඇය එලෙස ඇදෙන්නේ ඇයි?

ඊඩිපස් සංකීර්ණයේ දෙවන අවධිය (Phase) මීළඟට සලකා බලමු.   

 සමන් වික‍්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...