පහත පළවන්නේ රාවය පුවත්පත විසින් කක්කුස්සි පත්තර කලාව සම්බන්ධයෙන් පසුගිය ඉරිදා ඔවුන්ගේ පුවත්පතට ලියන ලද ලිපියකි. ආරන්චි වන හැටියට මෙම ලිපිය ලියා ඇත්තේ ජනරංජන වේ. එමෙන්ම අපට තවත් පාර්ශවයකින් දැනගන්නට ලැබුණේ මේ දින වල නීතීඥ උපුල් කුමාරප්පෙරුම හරහා රාවය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර එකගතාවක් ඇති වී තිබෙන බවයි.

මුදල් ලොන්ඩරිකරණ පත්තර

පත්තරේට කවුරු සල්ලි දානවද කියලා අපි දන්නේ නැහැ. ඒත් මාසේ පඩියදාට කවුරුහරි කෙනෙක් ඇවිත් පඩිසල්ලිටික මැනේජ්මන්ට් එකට දීලා යනවා.’ මේ අපේ පත්තර මිත‍්‍රයකු තමන්ගේ පත්තරේ වැඩකරන අයට පඩි ලැබෙන හැටි ගැන කී කතාවකි.

කතාව ඇත්තය. ලංකාවේ සමහර පත්තර ආයතන හිමිකරුවන් කවුදැ’යි ඒ පත්තර ආයතනවල වැඩකරන මාධ්‍යකරුවන්වත් හරිහැටි දන්නේ නැත. ඔවුන් ඒ ගැන හොයන්නේද නැත. එක් කාලයක සමහර පත්තර ආයතනවල අයිතිය ඇත්තේ කැසිනෝකාරයන්ටය. තවත් කාලයක මැතිඇමැතිවරුන්ටය. තවත් කාලයක පෙරමිතුරා කී පරිදි ‘කවුරුවත් දන්නේ නැත.’  පුදුමය නම්, කළු සල්ලි සුදුකිරීම ගැනත් මහා පරිමාණ ජාවාරම් ගැනත් එළියේ සිටින ලොකු කුඩා සියලූ දෙනාම විවේචනය කරන මේ මාධ්‍ය ආයතනවල විප්ලවවාදීන් තමන්ට පඩි ලැබෙන්නේ කොහෙන්ද’යි නොසොයා,  නොබලා, සමහරවිට දැනගෙන නොදත් සේ රටේ වැරැදි ගැන කතාකරමින් සිටීමය.

පසුගිය කාලයේ කෙරුණු සමීක්ෂණයකට අනුව, ලංකාවේ ලාභ ලබන පුවත්පත් ආයතන තිබෙන්නේ දෙකකි. එකක් ලංකාදීප ආදිය මුද්‍රණය කරන විජය නිව්ස්පේපර්ස් සමාගමය. අනෙක වීරකේසරී පුවත්පත මුද්‍රණය කරන එක්ස්ප‍්‍රස් නිව්ස්පේපර්ස් සමාගමය. ඒ අනුව අනෙක් පත්තර ආයතන පවත්වාගෙන යන්නේ පාඩුපිටය. එලෙස පවත්වාගෙන යන්නට නම් වෙනත් කොහෙන් හෝ සල්ලි පොම්ප කරන්නට සිදුවෙයි. ඒ සල්ලි එන්නේ කොහෙන්ද?  සමහර පත්තර ආයතනවලට තමන්ගේම වූ වෙනත් ව්‍යාපාර තිබේ. ඒවායින් උපයන ලාභය පත්තරවලට යොදවනවා විය හැකිය. එහෙත්, ඒ කුලකයට ද අයත් නොවන හුදෙක් පත්තර පමණක් පවත්වාගෙන අලාභයට දුවන ආයතන වලට සල්ලි එන්නේ කොහෙන්ද?

සමහර පත්තරවල සේවකයන්ට වැටුප් ලැබෙන්නේ නියමිත දිනයට දින දහයකට පසුය. ඒවායේ සිටින අභීත මාධ්‍යකරුවෝ තමන්ගේ වැටුප් දිනය , නියමිත දිනට දින දහයකට පසුව එන එකක් බව පිළිගන්නට කැමැත්තෙන්ම හිතහදාගෙන සිටිති. තවත් පත්තරවල මිල හිතාගන්නටවත් බැරි තරම් අඩුය. එවැනි පත්තරයක් ඒ මුදලට මුද්‍රණය කර විකුණන්නට බැරිබව සහතිකය. ඒ පත්තරයක් විකිනූ විට වෙළෙන්දාට දෙන කොමිස් මුදලද අතිවිශාලය. පත්තරය ගැන සතිපතා අලවන පෝස්ටර් මුද්‍රණය හා ඇලවීම සඳහා ද වැයවන්නේ පොඩි මුදලක් නොවේ. මේ ඔක්කොමත් කරගෙන පත්තරයක් පවත්වාගෙන යන්නට ඒ අසීමිත සල්ලි එන්නේ කොහෙන්ද? කාගෙන්ද?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. තොපිට හොද වැඩේ. මදෑ ජනරංජන ඉදල ඉදල මිරිකල නේද දීප්තිගෙ වම් ඇටේ. දීප්තියා සත්හඩේ වැඩට යනකොට කොන්ඩමයක් දාල යවාපල්ලා. නැත්තං ආඩ්ස් හැදෙයි අනුරුද්ධ තිලකසිරිට වගේ.

Comments are closed.